Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන්! VI කොටස

ෆ්‍රයිඩ් රයිස් රු. 300යි. චිකන් රයිස් ඇන්ඩ් කරි…

Posted by

1. Ichiban

කටට රහට ජපන් කෑම ටිකක් කන්න. විශේෂයෙන්ම නූඩ්ල්ස්, ටෙරියාකි එහෙම නැත්නම් සුප් වර්ග.. 

කෑමවල ගණන් යන්නෙත් රු. 700-1500න් වගේ නිසා පොකට් එකටත් අවුලක් නෑ. අනිත් කාරණය තමයි මෙතන බීෆ්, සීෆුඩ්, පෝර්ක්, චිකන් ඔ්න ජාතියකින් තියෙනවත් එක්කනෙ. හැබැයී.. පෝෂන් එකක සයිස් එක නම් එක්කෙනෙක්ට වගේ තමයි!

2. Lan Tao Cafe

ජපන් කෑම සෙට්වෙන්නෙ නැත්නම් ගන්න තායි, ඉන්දුනීසියන් කෑම ටිකක්.. ඉන්දුනීසියන් සීෆුඩ් රයිස් එක රු. 750යි. හොඳ ඩ්‍රයි එකට හැදිච්ච, මදි නොකියන්න සීෆුඩ් සහ එළවළු පිරිච්ච.. ටොප් රයිස් එකක්. ඒකත් එක්ක තායි රෙඩ් චිකන් (රු. 800) ගත්ත නම් පංකාදු පහයි. කිරි රස සහ සැර ගතිය නූලට ඉස්මතු වෙන්න හදපුවා තමා. ආහ්.. ඒ විතරක් නෙවෙයි, ඒ තායි කෑම අතරට.. ඔයාලට ඔ්නම නම් තියෙනවා අපූරු ශ්‍රී ලංකන් කෑම ටිකකුත්.. රෝස්ට් පාන් එක්ක පොල් සම්බෝල, මස් කරි, පරිප්පු වගේ!

3. Saffron Restaurant

හොඳවැයින් ශ්‍රී ලංකන් චයිනිස් හරි, මිඩ්ල් ඊස්ට් හරි කෑම ටිකක් ගන්න, මෙන්න තැන. චිකන් ෆ්‍රයිඩ් රයිස් රු. 400යි. දෙන්නෙක්ට ඇති වෙන්න වගේම, ඇති හැටියට ෆ්‍රයිඩ් චිකන් දාපු රයිසක්. ඒ වගේම තව තියෙනවා බාබකියු චිකන් කාල. ඒකත් රු. 400යි. රයිස්, කොත්තු වලට වගේම බයිට් එකටත් පංකාදු. මොකද හොඳ හැටි කුළුබඩු, සෝස්වල පදම් කරපු ඒවානෙ. ආයේ.. බීෆ් පුරවපු ෂවර්මා, රු. 400යි. බටර් නාන් රු. 150යි. චිකන් කුර්මා රු. 500යි…

4. Burger House

හොඳයි..

හැබැයි හොඳටම හොඳයි, නෙවෙයි. මොකද කොයි බර්ගර් එකෙත් මයො වැඩියිනෙ. චීස් පොඩ්ඩක්වත් නැතුව මයො වැඩි වුනාම ඉතින්.. කන්න බෑනෙ නේ?

ඒ වුනාට අර පැටිවල තියෙන අමුතු ගතිය නිසා රස කර කර දෙසා බාන්න පුලුවන්. ඇති හැටියට මස් සහ කුළුබඩු අඩුම කුඩුම ගලපලා හරි හැඩේට හදලා, ගැඹුරු තෙලේ ෆ්‍රයි කරපු පැටි.. චිකන්, බීෆ්, වෙජි රස වලින්!

ගණනුත් රු. 300-400 අතරෙ යන්නෙ හොඳේ..

‍5. Baharat

සුපිරි මිඩ්ල් ඊස්ට් බත් ටිකක් රස බලන්න.. මෙයාලගෙ කබ්සා එක රු. 650යි. අල්ලක් සයිස් තඩි චිකන් කෑල්ලකුත් එක්ක.. කුලුබඩු රසත් යම් ගානකට තියෙන්න.. මීකිරි ලූනු සම්බෝලෙයි, චිකන් පාර්ට්ස් සුප් එකකුයි, තව අඹ චට්නියකුත් තියෙනවනෙ.

ම්.. ආයෙ මන්දි රයිස් එක! ඒකත් රු. 650යි. ඒකෙ නම් චිකන් කෑල්ල ටොප්. හැබැයි බත ‘චැහ්!’ අනේ මංදා කිසිම.. කුළුබඩු රසක්වත් නෑ.

6. Grand DSM

ෆ්‍රයිඩ් රයිස් රු. 300යි. චිකන් රයිස් ඇන්ඩ් කරි රු. 350යි. මට්න් බිරියානි රු. 800යි. ටර්කි කරිය රු. 600යි. වගේ ජාති තොගයක් තියෙනවා. හැබැයි සියල්ලේම.. රස ටිකක් මදි ගානයි. අර එකම හොඳේ.. පෝෂන් ටිකක් ලොකුවට තියෙන එක තමයි.

Leave a comment