Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

ලෝන්ග් වීක්එන්ඩ් එකේ.. කටට රහට වෙජිකෑම තොගයක් රස බලන්න කියාපු කඩ 6ක්

ඒ නිසාමයි.. මේ.. ලෝන්ග් වීක්එන්ඩ් එකේ ගෙදරට වෙලා ඉන්න…

Posted by

හැමදාම අපිත් මස් මාළු ගැනම කිය කිය ඉන්නව..

කොටින්ම කියතොත් ලොක් ඩවුන් කාලෙත් දිගටම වගේ කතාකලේ මස් මාළු, මීට් රෙසිපි අනං මනං ගැනනෙ.

හරි වැරදියි ඉතින් එහෙම බැලුවාම.

ඒ නිසාමයි..

මේ.. ලෝන්ග් වීක්එන්ඩ් එකේ ගෙදරට වෙලා ඉන්න අපේ වෙජි යාළුවන්ට, කාලෙකට පස්සෙ කටට රහට වෙජි කෑම ටිකක් කන්න ටොප් කඩ ටිකක් කියන්න කල්පනා කලේ.

හැබැයි එකක්, යන්න හරි ඔඩර් කරන්න කලින් හරි නම් අනිවා කෝල් එකක් දීලා බලන්න හොඳද.

1. Sri Sai Bhavan

කොහුවල හංදියෙම වගේ..

තියෙන මේ ප්ලේස් එක සුප්ප සයිවර් කඩයක්. ඒ නිසාම එයාලගෙ ගාණ අනිත් සයිවර් කඩවලට වඩා පොඩ්ඩක් වැඩියි. හැබැයි කොලිටියත් ඒ වගේමයි. විශේෂයෙන්ම කියන්න ඔ්න මෙයාලගෙ තෝසෙ ජාති ටිකයි, වෙජි බිරියානි ටිකයි තමයි නැගලම යන්නෙ. ඒ හැරුනාම ඉඩ්ලි, වඩේ, චපාති, නාන්.. රොටි ජාති එහෙමත් එමටයි. හැබැයි ඒවයෙ රස පදම ගැලපෙන්න එයාලගෙම, පංකාදු සාම්බාරුව හරි මිරිස් හොද්ද හරි තියෙන්න ඔ්න. කොහොම වුනත්.. වගකීමෙන් කියන්නෙ, රස නම් ටොප්!

2. Sri Rudra

පිටකොටුවෙ..

හැබැයි ෆුල් හයිෆයි. ෂැහ්, බලන්න එපැයි ඇතුලට ගිහිල්ල. ආයෙ පුටු මේසෙ ඉඳන්ම හරිම සුවපහසුවට. ඒ විතරක් නම් බැරියැ, කෑම? කිව්වට විශ්වාස කරන්න යාළු සාමාන්‍යයෙන් රු. 200-500 අතර වගේ ඔක්කොම යන්නෙ. ඒත් රසත් එක්ක බැලුවාම නම් කියල වැඩක් නෑ ආ.. වැඩිහරියක්ම තෝසෙ, නාන්, චපාති වගේ ඒවයි මසාලා, වෙජි, පනීර් වගේ කරි ජාතියි. අනික, එක පෝෂන් එකක්.. එක්කෙනෙක්ට බඩ පැළෙන ගාණට තියෙනවත් එක්කනෙ. ඒ හැරුනාම.. මෙයාලගෙ ගී රයිස්, කර්ඩ් රයිස් එහෙමත් ලෙසටම නැගල යනව. කොච්චර වුනත්.. කලා ඉවර වෙලා මෙතනින් මසාලා ටී එකක් බිව්වෙ නැත්නම් ඉතින් වැඩක්ම නෑ, ඔ්ං!

3. The Chaat Co

බඩ පිරෙන්න කනව නම් එහෙමයි, ස්නැක් එකට කනව නම් එහෙමයි.

වැල්වත්ත සැවෝයි එකට පොඩ්ඩක් ඉස්සරහට වෙන්න තියෙන මේ ‘චාර්ට් කෝ’ එකේ.. ඒ දෙකටම හරියන්න කෑම බීම තියෙනව. ඒ අතරින්.. ටොප් කෑමක් තමයි මෙයාලගෙ ජීරා රයිස් එක. රු. 150ට.. එක්කෙනෙක්ට හොඳ ගාණට. ඊටත්.. ඒකක් එහෙම කාලා, කොහොමද පප්ඩි චාර්ට් එකක් එක්ක මසාලා ටී එකක් වගේ රස බලද්දි? යම්...

4. The Vegan

මෙන්න ප්ලේස් එක. තියෙන්නෙ රත්තනපිටිය හංදිය කිට්ටුවෙන්ම වගේ..

ඔයාට.. මස් රසට, පියෝවෙජි කෑම ටිකක් රස බලන්න ඔ්න නම් මෙතන තමයි තැන. මොකද මෙයාලා ලඟ තියෙනව එළවලු සහ ධාන්‍ය එකතු කරල හදන පංකාදු සබ්මැරීන්, ෂවර්මා, බර්ගර් වගේ සුපිරි කෑම ටිකක්. වැඩේ කියන්නෙ ඒවයෙ ගණන් යන්නෙත් රු. 300-500 වගේ. එකක් සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට ඇති පදමට තියෙනවත් එක්ක.

ආහ්, ඒක නෙවෙයි, මෙයාලගේ.. කොත්තු එක එහෙමත් ටොප්ම ආ.. වෙන තැත්වල වෙජි කොත්තු වගේ නෙවෙයි. කාලා බලන්නකෝ!

5. Sri Vihar

ලොකු විස්තරයක් කියන්න ඔ්න නෑනෙ. නම කියද්දිම දන්නවනෙ. නිකම් මතක් කරන්න වගේ ලැයිස්තුවට එකතු කලේ. අනිත් කාරණය තමයි දැන් අළුත් ශ්‍රී විහාර් එකක් තියෙනව නුගේගොඩ හයිලෙවල් එකෙත්. අර කොලිටියටම, ඒ ගණන් වලටම කෑම ගන්න පුලුවන්.

6. Navarathne

අනේ මන්දා.. මෙතන ඒ හැටි ඇති දෙයකුත් නෑ. ඒත් කෑමත් ගණන්. නාන් වර්ග, පරාටා වර්ග එහෙම සියල්ලම රු. 100න් උඩ යන්නෙ. එතකොට.. ගෝබි, පනීර්, මසාලා කරි වර්ගත් රු. 300න් එහා පැත්ත. තෝසෙ, ඉඩ්ලි, වඩේ වර්ග තියෙනව, ඒවත් තරමක් ගණන්. හැබැයි ඉතින්.. රස ටොප් එකටම තියෙන නිසා...

කමක් නෑ. කෝකටත් ඔයාලා ගිහිල්ලම බලලන්නකො.

Leave a comment