Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

හිනා කාලා මැරෙනව! අහන්න බලන්න කියාපු සිරාම කොමඩි වැඩසටහන් 6ක්

ඒ කොමඩි වැඩසටහන් වල වීඩියෝ කෑලි ටිකකුත්…

Posted by

හිනාවෙන එක හරි ලේසි වැඩක් වුනාට තව කෙනෙක්ව හිනස්සන එක නම් ලේසි වැඩක් නෙවෙයි.

මොනව කරන්නද? අද කාලෙ ගොඩ දෙනෙක් කොමඩි කියල කරන්නෙ ඩබල් මීනින්ග් වචන ටිකක් කියල හරි මෝඩ ඇක්ෂන් ටික් හරි දාලා මිනිස්සුන්ව හිනස්සන්න හදන එකනෙ. ඒත් ඉතින් ඒවයෙ තියෙන්නෙ ක්ෂණික රසවින්දනයක්. සමහර වෙලාවට රසවින්දනයක් නැති තරම්.

හැබැයි වාසනාවට වගේ, එදත් අදත් ඉස්සරහටත් බඩ අල්ලන් හිනා වෙවී අහන්න බලන්න පුළුවන් ජෙනුයින් කොමඩි කරපු කට්ටියකුත් අපි අතරෙ ඉන්නවා. කුණුහරුප, ඩබල් මීනින්ග් නැතුව ඕනම කෙනෙක්ව හිනස්සන්න පුළුවන් මේ පට්ට වැඩකාරයො අතින් බිහිවුනු සුපිරිම නිර්මාණ ටිකක් තමයි අපි අද ඔයාලට කියන්න යන්නෙ.

ඒ කොමඩි වැඩසටහන් වල එහෙන් මෙහෙන් අහුල ගත්ත වීඩියෝ කෑලි ටිකකුත් යටින් දැම්මා. ඇති වෙනකම් බලන්න. බලල රස විඳින්න. රස විඳල නිකන් ඉන්න එපා, අනිත් කොටස් ටික හොයාගෙන ඒවත් බලලන්න. හිතේ හැටියට හිනාවෙලා අපිට කමෙන්ට් එකකුත් දාන්න.

1. අපි නොදන්න Live

සිරස ටීවී එකේ ගියපු අ. ල. ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. චූටි මල්ලි, පොඩි මල්ලි, සුදු මල්ලි, ජය ශ්‍රී වගේ කොමඩි වලටම උපන් සෙට් එකක් එකතු වෙලා මෑත ඉතිහාසයෙ ටෙලිවිෂන් කොමඩි කලාවෙ කරපු ලොකු වෙනසක්. බලපු අය වගේම බලපු අය කියන කතා අහපු අයත් දන්නව ඇතිනෙ අ. ල. ගැන. තප්පර විස්සක් තිහක් ඇති මෙයාලට කෙනෙක්ව හිනස්සන්න. අනික ෆුල් නෝර්මල්. කුතුහලයත් උපරිමයි.

2. ටාසන් බාප්පා

චතුර ලක්මාල් විජේරත්න කිව්වට කවුරුත් නොදන්න සිරස එෆ්. එම්. එකේ ටාසන් බාප්පා කිව්වාම හැමෝම දන්න පට්ට කොමික් දෙබස් නිර්මාණ කරුව තමයි අවුරුදු දෙක තුනක් යනකම් එකකට එකක් පරාද වෙන්නනෙ නැති රේඩියෝ ජෝක්ස් කලේ. කුතුහලයෙන් අහගෙන ඉඳල අන්තිමට බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් සිරා විහිළු කතා ටිකක් එක්ක නියම සිංදු ටිකකුත් අපිට ගෙනාපු ටාසන් බාප්පට ඇත්තටම ගොඩක් ස්තූතියි.

3. රාජ සභාව

මහින්ද පතිරගේ මහත්තයයි ගුණදාස මාදුරුසිංහ මහත්තයයි එකතු වෙලා ස්වර්ණවාහීණී නාලිකාවෙ කරපු රාජ සභාව ටෙලි නාට්‍යයත් බලල, රස විඳල හිනාවෙන්න කියාපු වැඩසටහන. මහලොකුවට වැඩ කිඩ නැති වුනාට දෙබස් වලින් දෙන ජෝක් ටික ඇති දවස් ගාණකට. මේ වැඩසටහනේ විශේෂත්වයක් විදියට කාලෝචිත බව දකින්න පුළුවන්. දේශපාලන අර්බුධ වගේම ඒවට විසඳුනුත් හරි ලස්සන හින්ට් වලින් දෙන්න මේ දෙන්නට තියෙන්නෙ පට්ට හැකියාවක්.

4. එතුමා

මන්ත්‍රී පවුලක්, ඇමති කෙනෙක්, රජයේ කාර්යාලයක් වටා ගෙතුනු එතුමා වැඩසටහනත් දේශපාලන අවැඩවල් වලට රිදෙන්න හින්ට් ගහපු නියම ටෙලිනාට්‍යයක්. වැඩේ කියන්නෙ මේ හැම කතා කොටසකම අඩු නැතුව විහිළු නම් තියෙනව. විජය නන්දසිරි මහත්තය, මන්ත්‍රී හැටියට ප්‍රධාන චරිතය රඟපාන එතුමා ටෙලිනාට්‍යයෙ රොඩ්නි වර්ණකුලසූරිය, කුසුම් රේණු, ගිරිරාජ් කෞෂල්‍ය, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු මහත්ම මහත්මීන්ගෙන් තමයි අනිත් චරිත ටිකට පණ පොවන්නෙ. හැබැයි ඉතින් රූපවාහිනියෙ විකාශය වුනු මේ වැඩසටහනෙ නම් ඉඳල හිටල ඇහෙන ඩබල් මීනින්ග් දෙබස් ටිකකුත් නැතුවම නෙවෙයි.

5. විනෝද සමය

බර්ටි, ඇනස්ලි, සැමුවෙල්ස්, මර්සි. නම් ටික කියද්දිම දන්නව නේ. ඔව්, විනෝද සමය වැඩසටහන ලංකාවෙ කොමඩි කලාවෙ එක්තරා උපතක් විදියට හඳුන්වන්ත් පුළුවන්. මොකද 80 දශකයෙ ගුවන් විදුලි වැඩසටහනක් විදියට පටන් ගත්තු විනෝද සමය 90 දශකය වෙද්දි ටෙලි නාට්‍යකට ගේන තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ නිසා. කාලීන මාතෘකා වලින් ගොඩ නැගුණු මේ වැඩසටහනේ හැම දෙබසකම වගේ අඩුවක් නැතුව තියෙන කොමික් අදටත් අපි හැමෝටම රස විඳින්න පුළුවන් තරම් සුපිරිම ඒව තමයි.

6. චූටි මල්ලියි පොඩි මල්ලියි

අපි නොදන්න Live වලට වඩා වෙනස් පට්ට රේඩියෝ වැඩසටහනක් තමයි මේක. දන්නවනෙ ඉතින් චූටි මල්ලියි, පොඩි මල්ලියි තැනකට බැස්සාම දෙන ආතල් ටික. ඇඟට නොදැනි හීනියට දෙන මෙයාලගෙ ජෝක් කතාවලට ගහන්න ලංකාවෙ වෙන ජෝක්ස් නැති තරම්. 'අද කතාව...' කියල පටන් ගන්න මේ වැඩ සටහන අහනව නම් හවස් ජාමෙට දෙරණ එෆ්. එම්. එක අල්ලන්න වෙනව.

අපි ඉතින් 6යි කියල කිව්වට තව සුපිරි හාස්‍ය වැඩසටහන් සෑහෙන්න ප්‍රමාණයක් ලංකාවෙ තියෙනව. ඒ අතරෙ ඔයාල ආස කරන, හැබැයි මෙතන නැති ඒවත් ඇති. අන්න ඒව අපිට කමෙන්ට් කරන්න. එතකොට ඊලඟ ලිපියට දාන්න පුළුවන්නෙ.

See 1 Comment