එක එක රහට, එක එක කෑම ජාති කන්න හොඳම තැන් කියල කියල මටත් දැන් සෑහෙන්න මහන්සියි. ඒ නිසාම අද මම කල්පනා කලා පොඩියට.. රස වෑහෙන චොකලට් ඩෙසට් එකක් කන්න කියාපු කඩ ටිකක් ඔයාලට කියන්න..
එහෙනම් වෙලාවක් අල්ලල ගිහිල්ල බලන්නකො ඈ..!
ගිහිල්ල බලන්න කිව්වට කොහෙද පළවෙනි තැනම ඩිලිවරි ඔන්ලිනෙ. කාරි නෑ, ඒනම් ගෙන්නගෙන බලන්නකො.
අපි දන්න කියන විදියට මෙයාලා.. සුපිරිම සුපිරි චොක්ලට් ප්‍රඩක්ස් ටිකක් එළියට දානවා, රු. 300 ඉඳන් උඩට. කරන්න තියෙන්නෙ ඔයාට අවශ්‍ය ප්‍රමාණය කියන එක විතරයි. කොහොමවුනත් මෙයාලගෙ චොකෝ බිස්කට් පුඩිං වර්ග එහෙම.. ටොබ්ලරෝන්.. මින්ට්.. වගේ මාරම රසවල් වලින් එන්නෙ. එතකොට.. මූස් තියෙනවා නටෙලා, ඩාර්ක් චොක්ලට් වගේ රසවල් වලින්. ඒ හැරුනාම බ්‍රවුනිස් එහෙමත් තියෙනවා පංකාදු පහට රස තියෙන. කෝකටත් කාලා බලන්නකෝ..!
මේකත් ඩිලිවරි ඔන්ලි ප්ලේස් එකක්. ඒ වගේම ලොකු ලොකු දේවලුත් නෑ. හැබැයි තියෙන ටික තියෙනවා ටොප් එකට. ගොඩක්ම මෙයාලගෙ ඔරිඔ් බිස්කට් පුඩිං එක, බ්රවුනි එක එහෙම.. පට්ට සොෆ්ට්, චොක්ලට් රස උතුරන ඩෙසට් ටිකක් තමයි. සාමාන්‍යයෙන් ගණනුත් පටන් ගන්නගන්නෙ රු. 300න් වගේ.
මෙයාලා ඩිලිවරි කරන්නෙ බිස්කට් පුඩිං විතරයි. හැබැයි ඒ කොයි එකෙත් රස නම් නොම්මර එකයි ඈ.. හිතන්නකො, ටොප් කොලිටි චොක්ලට් දාලා නටෙලා රසට, නැත්නම් ස්නිකස්ර්ස් රසට, එහෙමත් නැත්නම් කිට්කැට් වගේ රසට බිස්කට් පුඩිං හැදුවාම? ඊටත් ඒවා කෑලි කෑලි තොගේට උඩින් දාලා.. ආයෙ රු. 400 වුනාට මොකද.. ලොවෙත් මතක හිටින රසක්නෙ.
කොල්ලුපිටිය, ටවුන්හෝල් අතරෙ මේන් රෝඩ් එක අයිනෙම තියෙන්නෙ..
ම්.. එක එක ජාතියෙ චොකලට් ප්‍රඩක්ට්ස් මෙයාලා ලඟත් තියෙනවා. හැබැයි ඒවයිනුත් නැගල යන්නෙ බිස්කට් පුඩිංම තමා. විශේෂයෙන්ම මෙයාලගෙ ‘ඔරිජිනල් චොකො බිස්කට් පුඩිං’ එක.. ඒකෙ තියෙන්නෙ මිල්ක් චොකලට් එකක්. හැබැයි මාර කොලිටි. ඊටත් උඩට කජු ටිකක් එහෙම දාලා..
එතකොට.. මෙයාලගෙ වයිට් චොකෝ බිස්කට් පුඩිං එකත් හොඳයි. එකම අවුල ඒකෙ නම් අයිසින් සුගර් වැඩියි අප්පා..
ම්.. ගණන් යන්නෙ රු. 800න් වගේ හොඳද.
මෙන්න තැන!
හැව්ලොක්, සිග්මා හන්දියෙම..
ආයෙ හිතේ හැටියට, ඔ්න ඔ්න විදියට, එක එක රසට චොකලට් කන්න.. කන්න විතරක් නෙවෙයි ඔ්න නම් බොන්නත් තියෙනවා. ගණන් පටන් ගන්නෙ රු. 300න් වගේ. හොට් චොකලට්, කෝල්ඩ් චොකලට්, චොකලට් ෂේක් වගේ රස වෑහෙන බීම ජාති අතරින් වෙන් කරල ගන්න පුලුවන් ඩාර්ක් චොකෝ, මිල්ක් චොකෝ.. ඔ්න එකක් ඉතින්. ඒ හැරුනාම චොකෝ කෑම.. වොෆල්ස්, පෑන් කේක්, බ්රවුනි, ක්‍රේප් වගේ තව එක එක රසට හැදෙන එක එක ජාති තොගයක් තියෙනවා. ඔක්කොම කියන්න බෑනෙ ඉතින්.. ඒ නිසා ගිහිල්ලම කාලා බලන්නකෝ..
දෙල්කඳ තියෙන්නෙ. හැබැයි ඔ්ඩරේ කලින් දාලා ඩිලිවර් කරගන්න තමයි පුලුවන්. ඒත් මොකද කියල හිතෙන්නෙ නොම්මර එකට හැදෙන මෙයාලගෙ බ්රවුනි වලින් කෑල්ලක් කාලා බැලුවට පස්සෙ තමයි. ජාති කීපයකින් හැදෙන මේ බ්‍රවුනී.. අතරින් නැගලම යන්නෙ ඩාර්ක් චොකෝ බ්රවුනි, නටී බ්රවුනි දෙක. මොකද ඒවයෙ රස.. ආයෙ කොලිටි චොකලට් රසින් අනූන වෙලා, එතකොට නටී එක හොඳහැටි කජු වලින් පිරිලා. ෂැහ්.. වැඩක් නෑ කියල ඈ.. කාගෙන කාගෙන යන්න පුලුවන්. ම්.. ඒ එක පෝෂන් එකකට කෑලි 12ක් විතර එනවා. ගාණ රු. 1000ක් වගේ වෙනවා.
ස්ටැෆර්ඩ් ඇවිනියු එකේ තියෙන මේ ඩෙසට් ප්ලේස් එකෙත් තියෙනවා ටොප් රසට හැදෙන පොඩි පොඩි චොකෝ කෑම ටිකක්. ඔය.. පෑන් කේක්, වොෆල්, ක්‍රෙප් වගේ. හැබැයි ගාණ තමයි, පෝෂන් එක පොඩි වුනාට රු. 700න් උඩ යන්නෙ. ඒ හැරුනාම රස වෑහෙන චොකෝ ෂේක් එහෙමත් තියෙනවා. කෝකටත් ගිහිල්ලම බලන්නකෝ..!
The 2021 edition of buffets in Colombo.
Sepala Ekanayake is the one and only Sri Lankan to hijack an aircraft.
Day outing packages available in and around Colombo.
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Where, how, and why to find love in the paradise island.
Delete Comment