Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

රු. 1000ට අඩුවෙන් එරට, මෙරට ඔ්න කෑමක් රස බලන්න, කොළඹින් අළුත්ම අවන්හල් 5ක්!

මේ බලන්න.. පහුගිය මාසෙ ඇතුලත අපි හොයාගත්තු,…

Posted by

මේ බලන්න..

පහුගිය මාසෙ ඇතුලත අපි හොයාගත්තු, සුපිරි පන්නයේ අවන්හල් ටික!

ශ්‍රී ලංකන්, ඉන්ඩියන්, වෙස්ටර්න් ඔ්න රසකට, ඔ්න කෑමක් කන්න..

යන්න මෙන්න ටොප්ම තැන් ටික!

1. The Grill By Doctor's Kitchen

ටොප්ම කොලිටියට... බාබකියු, ග්‍රිල්ඩ්, රෝස්ටඩ් මස් මාළු ටිකක් රස බලන්න, යන්න ෆ්ලවර් රෝඩ් එකේ ‘ග්‍රිල්ඩ් බයි ඩොක්ටර්ස්’ එකට. චිකන් වලින් පටන් ගත්තාම ආයෙ පෝර්ක්, ලැම්බ්, සොසේජ්, බීෆ්, ප්‍රෝන්ස්, කට්ල්ෆිෂ්..

එතකොට.. එළවළු, පළතුරු ඔ්න දෙයක් තියෙනවා, ඒකත් රු. 600 වගේ ඉඳන් උඩට. අනිත් කාරණය තමයි මෙතන BYOB. එළියෙන් සැර ජාති ගෙනිච්චා, ඇතුලෙන් බයිට් ගත්තා, සෙට්වුනා.. 

ප්ලේස් එකත් හරි ලස්සනට හදල නිසා ඉතින්..!

2. Tanki Tanki

දෙල්කඳ තියෙන්නෙ. කන්ටේනර් පෙට්ටි ටිකක් හරි ලස්සනට ඉන්ටීරියර්, එක්ස්ටීරියර් කරලා හුරුබුහුටියට ගලපලා හදාපු තැන. ඒ වගේම තමයි මෙතන සර්විස් එකත්.. පංකාදුයි! මාරම ෆ්‍රෙන්ඩිල් කොල්ලො සෙට් එකක් ඉන්නෙ. ඔක්කොමත් හරි කෑම! කිරි අප්පේ.. වෙස්ටර්න්, ශ්‍රී ලංකන් චයිනිස් විතරක් නෙවෙයි, තායි, ඉටැලියන්.. ඔ්න ජාතියකින්,

කටට රහට මතක හිටින රසකට හොඳද.. එකම දේ තමයි ඉතින් පෝෂන් පොඩ්ඩක් පොඩියි, හ්ම්..

3. Colombo Chaiwala

ලිලී ඇවිනියු එකේ තියෙන නොම්මර එකේ ඉන්ඩියන් ස්ට්‍රීට්ෆුඩ් කඩයක්. හිතේ හැටියට ජාති ගොඩකින් සමෝසා ටිකක් රස බලලා, තලු මර මර උණු උණු චායි බොන්න..

රු. 500ක් යන එකකුත් නෑ එක්කෙනෙක්ට. මොකද බීෆ්, චිකන්, පන්ජාබ්, බාබත්.. කොයි ජාතියෙ සමෝසාත් රු. 150න් යන්නෙ. එතකොට චායි..? මසාලා, තන්දුරි.. 

ඒ මදිවට තේ ජාතිත් තියෙනව මොනවද කියන්න දන්නෙ නෑ, ගිහිල්ලම බලන්නකො.

4. Amigos Grill & Chill

තලවතුගොඩ හංදියෙ ෂෙඩ් එක ඉස්සරහ තියෙන පුංචි පහේ ග්‍රිල්ඩ් මීට් ප්ලේස් එක. ම්.. ඒ හැරුනාම මෙතනට සැර ජාති එළියෙන් අරගෙන ගිහිල්ලා බොන්නත් පුලුවන්. කොහොම වුනත්.. මෙයාලගෙ බාබකියු හැරෙන්න අනිත් සියලුම ජාති මල් 7යි! මික්ස් කොත්තුවක් එහෙම තියෙනවා.. ඉස්සො, දැල්ලො, චිකන්, මාළු, පෝර්ක්.. සියල්ල දාලා චීසුත් තට්ටුවක්ම එලලා මේසෙට එන, වචන නෑ කියන්න ඒ රසට හොඳේ. ඊටත් පෝර්ක් බර්ගර් එක එහෙම.. ෂැහ්!

රු. 600-900 අතරෙ යන්නෙ සියල්ල, හ්ම්..

5. The Coffee Manor

ඩී.එස්. එක පේන මානයේ..

සුඛෝපභෝගී කැෆේ එකක්. විශේෂයෙන්ම ලටේ, කැපුචිනෝ, මැකියාටෝ වගේ කෝපි.. ටොප් කොලිටි එකෙන් රස බලන්න. ඒ හැරුනාම පැස්ටා ජාතිත් තියෙනවා, සාධාරණ ඉටැලියන් රසකට හැදෙන. ම්.. කොහොම වුනත් මෙයාලගෙ කේක් සහ ඩෙසට් ජාති ටික නම්.. නොම්මර එකයි.

වැඩේ තියෙන්නෙ ඉතින් සියල්ල ටිකක් ගණන්. රු. 700, 800නුත් උඩ හ්ම්..!

Leave a comment