අවුරුදු 60ක් ඇදෙන උමා ඔයේ ඇත්ත කතාව.

උමා ඔය කියන්නේ මේ දවස්වල තියෙන ප්‍රධාන මාතෘකා අතරින් එකක් කිව්වොත් හරියටම හරි. ගොඩක් දෙනෙක් මේ ව්‍යාපෘතියට විරුද්ධ වුණාට, ඒ ගැන නමින් අහලා තිබුණාට ඇත්තටම මොකක්ද මේ ව්‍යාපෘතිය කියන එක වගේම මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා දන්නවද කියන එක ගැන නම් සැකයක් තියෙනවා.

මොකක්ද මේ උමා ඔය?

උමා ඔය කියන්නේ මහවැලියෙන් පස්සේ අපේ රටේ ඇති වෙච්චි ලොකුම බහුකාර්ය ව්‍යාපෘතිය. ඒ කියන්නේ එක ව්‍යාපෘතියකින් විදුලිය නිපදවීම, පානීය ජලය, වාරි ජලය, ගංවතුර පාලනය වගේ වැඩ ගණනක් සිදුකරන ව්‍යාපෘතියක් කියන එක.

www.studiozindeed.com

වැස්ස කාලෙට උමා ඔය ඉහළට ලැබෙන වර්ෂා ජලය නිසා ගංවතුර ඇතිවෙන එක පාලනය කරන්න උමා ඔය ඉහළ ජලාශයක අවශ්‍යතාව ගැන කතාබහ ඇති වුණේ 1950 ගණන්වල ඉඳලා. කොහොම වුණත් මේ ව්‍යාපෘතිය මුලින්ම සැලසුම් වෙන්නේ 90 දශකයේ; ඒ කියන්නේ දැනට අවුරුදු 30කට විතර කලින්. ඒ හරහා මේ කියන ගංවතුර ගැටලුව විසඳන්න වගේම මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල වාරි ජල සහ පානීය ජල අවශ්‍යතා සපුරන්නත් මේ ව්‍යාපෘතිය හරහා සැලසුම් සකස් කරලා තිබුණා. කොහොම වුණත් 1991 දී මිනිස්සුන්ගේ නිදහසේ ජලය ලබාගැනීමට තියෙන අයිතියට බලපෑම් වෙනවා කියන පදනම උඩ ඇති වෙච්ච උද්ඝෝෂණ සහ තාක්ෂණික දෝෂ නිසා මේ ව්‍යාපෘතියට අනුමැතිය හිමිවෙන්නේ නැහැ.

එහෙම අතඇරලා දාලා තිබුණ මේ ප්‍රොජෙක්ට් එක ගැන ආපහු කතාබහ ඇතිවෙන්නේ 2008 දී. ඒ 2008 දී ඉරාන රජයේ තාක්ෂණික සහ මූල්‍ය උපකාර සහිතව උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩ්නිජාඩ් අතර අත්සන්කරන ගිවිසුමත් එක්ක.

www.tamilnet.com

හැබැයි මේ ගිවිසුම අත්සන් කරන්නේ ඒ ව්‍යාපෘතිය ගැන කිසිම ශක්‍යතා අධ්‍යනයක් (Feasibility Study) කරන්නේ නැතිව. කොහොමත් ඉතින් මේක ලංකාවනේ. 2009 අප්‍රේල් 29 වැල්ලවාය ප්‍රදේශයේ මුල්ගල තබනකොටත් මේ ව්‍යාපෘතිය සඳහා සැලසුම් හා පරිසර බලපෑම් ඇගයීම් වාර්තා සකස්‌ කරලා තිබුණේ නැහැ. නීතිය බැලුවොත් ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශයට පත්කරපු 1993 ජුනි 24 දින අංක 772/22 ගැසට්‌ නිවේදනයට අනුව ගංගා ද්‍රෝනිකය සංවර්ධන කටයුත්තක්, වාරි කටයුත්තක්, මෙගා වොට්‍ 50ට වැඩි විදුලි බලාගාරයක්, නැතිනම් ඕනෑම ආකාරයේ උමගක් වගේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කලින් ඒ ගැන පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හදලා ඒකට අනුමැතිය ලබාගන්න ඕන. කොහොමහරි 2011 අප්‍රේල් මස 11 වැනිදා තමයි පරිසර වාර්තාවට අනුමැතිය ලැබෙන්නේ. මේ වාර්තාව පිළිගන්න පුළුවන්ද කියන එක ගැනත් මේ වෙද්දී විවාද ඇතිවෙලා තියෙනවා.

උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 529ක්. එයින් 85%ක් ඉරාන රජය අපනයන සංවර්ධන බැංකුව හරහා ලබාදෙන්නේ ණයක් විදියට. ඉතිරි 15% ක බර දරන්න වෙන්නේ ඉතින් ලංකා රජයට, ඒ කියන්නේ අපිට.

මේ ව්‍යාපෘතියත් එක්ක ඉදිකරන්න බලාපොරොත්තු වෙන විදුලි බලාගාරයේ උත්පාදන හැකියාව මෙගා වොට් 120ක්. ඒ වගේම මේ ජලය එතැනින් පස්සේ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වෙත බෙදාහරින්න නියමිතව තියෙනවා. මේකෙන් දකුණේ හා නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5,000කට ජලය සම්පාදනය කිරීම තමයි මේකේ සැලසුම වෙලා තියෙන්නේ.

මේ ව්‍යාපෘතිය හරහා පුහුල්පොල දී සහ ඩයරබා දී ජලාශ දෙකක් ඉදිවෙනවා. උමා ඔයේ වැඩියෙන්ම කතාබහ කෙරෙන්නේ උමග ගැන. හැබැයි ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එකේ උමං 4ක් තියෙනවා.

  1. පුහුල්පොල ඉඳලා ඩයරබා ජලාශයට ජලය ගෙන එන කි.මී. 4ක උමග
  2. එතැන ඉඳලා කරඳගොල්ලේ භූගත විදුලි බලාගාරයට ජලය ගෙනයන කි.මී. 15.2ක උමග
  3. භූගත විදුලි බලාගාරයට ජලය ඇතුළු කිරීම සඳහා කි.මී. 1.5ක් දිග උමග
  4. විදුලි බලාගාරයේ ඉඳලා අලිකොට ආර දක්වා කි.මී. 3.3 ක ජලය පිට කිරීමේ උමග

පරිසරය බල්ලට?

කොහොම වුණත් මේත් එක්ක ඉතාම සංවේදී පරිසර කලාපයක් වෙච්ච උමා ඔය නිම්නය ආශ්‍රිතව පාරිසරික අර්බුද ගණනාවක් ඇතිවෙලා කියන චෝදනාව, මේ ව්‍යාපෘතියට එරෙහිව නැගිලා තියෙනවා. මේ ගැටලු පටන් ගත්තේ 2014 දී හීල් ඔය, පල්ලේපෙරුව මකුල්ඇල්ල, එගොඩගම, වෙහෙරගලතැන්න කියන ප්‍රදේශවල ගෙවල් ඉරි තැලීමත් එක්ක. මේ වෙද්දී උමා ඔයේ ප්‍රධාන උමග හාරන ප්‍රදේශවල නිවාස ඉරිතලා යාම, භූගත ජලමට්ටම පහළ බැසීම, පොළවේ ඇතිවන ගිලා බැසීම් ඇතුළු පාරිසරික ගැටලු ගණනාවක් ඇතිවෙලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් මේ වෙද්දී කෙළින්ම ඇඟිල්ල දික්වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියට. මේවට හේතුව කියන්නේ නැතිව ඇඟිල්ල දික් වුණා කියලා කියන්නේ මේ කියන ගැටලු උමා ඔයත් එක්ක සම්බන්ධයි කියලා හැමෝම හිතුවට තාම කිසිම අධ්‍යනයකින් එහෙමමයි කියලා වාර්තාවක් එළිදක්වලා කරලා නැති නිසා. අධ්‍යනයක් කරන්නේ නැතිව අත්සන් කරපු ගිවිසුමක් නේ ඉතින් ඒ ස්ටේටස් එක දිගින් දිගටම පවත්වාගෙන යන්න අපි ලොකු මහන්සියක් ගන්නවා.

මුලදී මේ උමඟ ඇතුළෙන් කාන්දු වෙච්ච ජල ප්‍රමාණය තත්පරයකට ලීටර් 250ක විතර වුණත් මේ වෙද්දී උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමගෙන් කාන්දුවෙන ජල ප්‍රමාණය තත්පරයකට ලීටර් 1,000ක් වගේ කියලා තමයි කියන්නේ. මේ උමග හාරන්න භාවිතා කරන විශේෂ උමං හෑරීමේ යන්ත්‍රයක් ඒකෙන් උමඟ හාරනවත් එක්කම කොන්ක්‍රීට් මිශ්‍රණයකින් ඒකේ බිත්ති සකස් කිරීම සිද්ධ වුණත් මේ ජල කාන්දුව නවත්තන්න ඒක ප්‍රමාණවත් නොවුණ බව තමයි පේන්න තියෙන්නේ. මේකට හේතුව උමග හෑරීම සිදු කරන්නේ භූගත ජල ස්තරයට යටින් වීමත් එහෙම කරද්දී ඇතිවෙන කම්පන වලට භූගත ජල ස්තරයට යටින් තියෙන පස්වල ස්ථායී බව නැතිවෙලා ඇතිවෙච්ච පැලුම් හරහා භූගත ජලය උමඟ ඇතුළට කාන්දුවීම කියලා තමයි දැනට පවතින ප්‍රධානම මතය වෙන්නේ. පොළවේ සහ නිවාස වල පැලුම් ඇතිවෙන්න හේතුව මේ විදියට භූගත ජල මට්ටම පහළ යෑමත් එක්ක පොළව වියළීම නිසා ඇතිවන පැලුම් කියන එකත් පවතින ප්‍රධාන මතයක්. මේ විදියට උමං හෑරීමෙදී ඒවට ජලය කාන්දුවීම සාමාන්‍ය තත්වයක් කියලා කිව්වත් මේ වෙනකම් ඒක පාලනය කරගන්න බැරිවෙලා තියෙන්නේ ඇයි කියන එක ගැටලුවක්.

කෙහොමහරි මේ වෙද්දී මේ ප්‍රදේශවල නිවාස 4,000කට අධික ප්‍රමාණයක බිත්ති පුපුරලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශවල බොහොමයක් දෙනා තමුන්ගේ පානීය ජලය සපයාගන්නේ ලිං වලින්. ඒත් මේ වෙද්දී මේ ප්‍රදේශයේ තියෙන ලිං වලින් බහුතරය සම්පූර්ණයෙන්ම වගේ හිඳිලා ගිහින් තියෙන නිසා ඔවුන් තවත් ලොකු ගැටලුවකට මුහුණපාලා ඉන්නවා. ඒ වගේම භූගත ජල මට්ටම පහළ යාම නිසා වගා කටයුතු වලට ඇතිවෙලා තියෙන බලපෑමත් විශාලයි.

www.dailymirror.lk

ඒ වගේම මේ ව්‍යාපෘතියට තියෙන තවත් චෝදනාවක් තමයි මේ ව්‍යාපෘතිය කරගෙන යන්න කියලා බාරදීලා තියෙන Farab කියන ඉරාන සමාගම මේ සම්බන්ධයෙන් පළපුරුද්දක් නැති සමාගමක් කියන එක. හැබැයි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙන www.farab.com වෙබ් අඩවියට ගිහින් බැලුවම පේන්න තියෙන දෙයක් තමයි ඔවුන් භූගත ජලවිදුලි බලාගාර වගේම වේලි හා සම්බන්ධ ප්‍රොජෙක්ට් ගණනාවක් සිදුකරලා තියෙන බව. හැබැයි ඒ එකක්වත් උමා ඔය නිම්නය වගේ සංකීර්ණ සහ සංවේදී ප්‍රදේශ වල සිදුකළාද කියන එක ගැන නම් පැහැදිලිව කියන්න අමාරුයි.

විසඳුමක් නැද්ද?

මේ ප්‍රශ්නය මේ වෙද්දී සෑහෙන්න දේශපාලනීකරණය වෙලා ඉවරයි. දේශපාලන මතවාද මඩ පැත්තකින් තිව්වයින් පස්සේ මේ වෙද්දී මේ ප්‍රශ්නෙට ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන ප්‍රධාන අදහස් 2ක් ඉදිරිපත්වෙලා වෙලා තියෙනවා.

www.colombogazette.com

1. මේ ව්‍යාපෘතිය වහාම නතර කළ යුතුයි කියන එක

මේ අදහසට පක්ෂ බොහොමයක් දෙනා කියන්නේ උමා ඔය ප්‍රොජෙක්ට් එක මුල ඉඳලාම හරි අධ්‍යනයක් නැතිව කරපු ව්‍යාපෘතියක් කියන එක. ඒ වගේම මේක තවදුරටත් කරගෙන යාම තුළින් වඩාත් දරුණු ප්‍රතිඵල අත්වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම මේ ව්‍යාපෘතිය හරහා ඉදිකරන ජලාශ කුඩා ඒවා වීම නිසා ගංවතුර පාලනය වගේ අරමුණු ඉටුකරගන්න නොහැකි බවත්, ඒ වගේම මේ ජලාශ දෙකටම ජලය ලැබෙන්නේ ඊසානදිග මෝසමෙන් පමණක් නිසා ජලාශ වලට එකදිගටම ජලය සැපයෙන්නේ නැහැ කියන එකත්, ඒක නිසා බලාපොරොත්තුවෙන ආකාරයට ව්‍යාපෘතියෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ කියන එක. ඉතින් එහෙම තත්ව යටතේ මේ විදියේ අවදානමක් ගන්න එක තේරුමක් නැහැ කියන එක තමයි ඔවුන්ගේ මතය.

 www.hirunews.lk

2. මේ ප්‍රොජෙක්ට් එක කොහොමහරි ඉවර කරන්න ඕන කියන එක.

මේ අදහසට පක්ෂ අය කියන්නේ මේ වෙද්දී මේ ව්‍යාපෘතිය බොහොමයක් දුරට ඉවර කරලා ඉවරයි කියන එකත්, උමගට ජලය පිරෙව්වයින් පස්සේ පීඩනය තුලනය වෙන නිසා නැවත භූගත ජලමට්ටම යථා තත්වයට පත්විය හැකි බව, සහ ඇතිවෙලා තියෙන පරිසර ගැටලු බොහොමයක් යථා තත්වයට පත්වේවි කියන එක තමයි ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ. ඒ වගේම මීට පෙර මහවැලිය ඉදිකරද්දිත් මේ විදියෙම ගැටලු පැනනැගුණ බවත් ඒ ගැටලු පැන නැගුණේ ජනාකීර්ණ ප්‍රදේශ වල නොවුණ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොවුණු බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වෙද්දී ඒ තාවකාලික ගැටලු මේ වෙද්දී යථා තත්වයට පත්වෙලා තියෙන ආකාරයටම මේ ගැටලුවත් තා තත්වයට පත්වෙයි කියන එක තමයි ඔවුන්ගේ අදහස.

අපිට හිතෙන විදියට මේ වෙලාවේ පළවෙනියට කරන්න ඕන ඇතිවෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් පුළුවන් තරම් ඉක්මනට විධිමත් පරීක්ෂණයක් පවත්වන එක. ඊට පස්සේ ඇතිවෙලා තියෙන ගැටලු වලට ප්‍රතිකර්ම යොදන්න පුළුවන් නම් ඒ ප්‍රතිකර්ම යොදලා මේ ව්‍යාපෘතිය අවසන් කරන එක. ඒ වගේම මේ වෙද්දී නිවාසවලට අලාභහානි වෙලා තියෙන අයට සහ වගා හානි සිද්ධවෙච්ච අයට වන්දි සහ විකල්ප නිවස වගේම වගා ප්‍රදේශ ලබා දීමත් අත්‍යවශ්‍යයි. එහෙම නැතිව කිසිම මේ ව්‍යාපෘතිය වසා දැමීම තුළින් වෙන්නේ අවුරුදු 50ක විතර කාලෙක ඉඳලා හඳුනගත්ත අවශ්‍යතාවයක් වෙනුවෙන් පරක්කුවෙලා හරි අරගත්ත පියවරක් අතරමග ඇනහිටින එක. ඒ හැරුණාම වෙන මුදල් හානිය ගැන ආපහු කියන්න ඕනේ නැහැනේ.

 
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide