Artwork for Sampath Top - November
Artwork for Kingsbury NYE 2017

රු.950ට අන්ලිමිටඩ් පීසා සහ කෝක්; Urban Kitchen පීසා බුෆේ එක

සමස්තයක් විදියට ගත්ත ම නම්, මේ කට්ටියගේ…

Posted by

“හෑ! රු.950ට අන්ලිමිටඩ් පීසා එක්ක කෝක්”?

පහුගිය දවසක කොටුවෙන් 138ක නැගලා ටවුන් හෝල් පැත්තට යනකොට තමයි මට මේ වැඩේ මීටර් වුණේ. යුනියන් ප්ලේස් එක පහුවෙනවත් එක්ක ම පාරේ දකුණු අත පැත්තේ දැකපු තඩි බෝඩ් ලෑල්ලේ ගහලා තිබුණු රු.950 පීසා බුෆේ එක ගැන දැක්ක වෙලේ ඉඳන් මට ඉස්පාසුවක් නෑ මේකට ගිහින් බලන්න. මොකද කාලෙකින් All-You-Can-Eat පීසා එකක්වත් තිබුණේ නැහැනේ.

කොහොමින් කොහොමහරි මේ කියන පීසා බුෆේ එක තියෙන්නේ හයිඩ් පාක් එකේ තියෙන අර්බන් කිචන් එකේ. කතාවේ හැටියට සතියේ දවස් හතේ ම හවස 6 වෙනකම් මේක පැවැත්වෙනවා. අපිත් ඉතින් වීකෙන්ඩ් එකක් අල්ලලා ගියා ඒ පැත්තට.

තැන

හයිඩ් පාර්ක් එකේ තියෙන ආපිකෝ සුපර් සෙන්ටර් එක දන්නවනේ? අපි මේ කියන අර්බන් කිචන් එක තියෙන්නේ ඔය කියන ආපිකෝ එකේ ම කොටසක් විදියට. මේක නිකන් ෆුඩ් කෝර්ට් එකක් වගේ. හැබැයි ඔය අනිත් ෆුඩ් කෝර්ට්වල තියෙන තදබදයවත්, සද්ද බද්ද වැඩි ගතියවත්, අමුතු කෑම ගඳවත් මෙතැනින් දැනෙන්නේ නැහැ. අනික තායි, චයිනීස්, ජැපනීස්, ඉටෑලියන් ආදී වශයෙන් කෑම වර්ග ගණනාවක් මෙතැනින් ගන්න පුළුවන්. ඉඩකඩත් ඇති තරම් තියෙන නිසා ලොකු සෙට් එකක් එක්ක ආවත් අවුලක් වෙන්නේ නැහැ.

පීසා වර්ග

අර්බන් කිචන් එකේ පීසා බුෆේ එකේ මිල රු.950ක් වෙනවා. ඒ ගාණ ගෙව්ව ම ඕනේ තරම් පීසා කන ගමන් කොකාකෝලා බොන්න පුළුවන්. හැබැයි ලොකුවට පීසා ජාති ගොඩක් නම් නැහැ. රස හතරක් විතරයි තියෙන්නේ. ඒ මාගරීටා, චිකන් බාබෙකියු, සීෆුඩ් සහ වෙජිටේරියන් විදියට.

දර පෝරණු පීසා කියලා කිව්වත්, ඔය Giovanni’s, Domenico’sවල තරම් ගැම්මක් මේවයේ දකින්න නැහැ. සයිස් එකත් 9” වගේ. මේවයේ ක්‍රස්ට් එකේ හොඳ ක්‍රන්චි ගතියක් තියෙනවා. අර කලින් කිව්ව තැන්වල තරම් තින් නොවුණත්, මේ පීසාවල ක්‍රස්ට් එක Pizza Hut, Dominosවලට වඩා සෑහෙන්න හොඳයි.

ඔය වම් පැත්තේ කෙළවරේ තියෙන්නේ මාගරීටා පීසා එක. මෙතැන තියෙන පීසා ජාතිවලින් අපි වැඩියෙන් ම අල්ලලා ගියේ මේක. හැම පීසා කෑල්ලකට ම තක්කාලි පෙත්තක් ගානේ වැටිලා තිබුණා. ඒකෙන් එන ලා ඇඹුල් රස මේ පීසා එකේ තියෙනේ සෝස්වලටයි, මොස්රෙල්ලා චීස්වලටයි එකතු වෙද්දී නියමයි. ඉඳලා හිටලා හැපෙන බැසිල් කොළ නිසා මේකේ රස තවත් වැඩිවෙලා දැනුණා.

ඊළඟට තියෙන්නේ වෙජිටේරියන් පීසා එක. අනේ ඒක නම් ඒ හැටි හොඳක් නැහැ. ඔලිව් පෙති ටික ඇරෙන්න මේ පීසා එකේ වෙන කිසිම රසක් නැහැ. එක කෑල්ලයි කෑවේ; අපට එපා වුණා.

දකුණු පැත්තේ ඉඳලා දෙවැනියට තියෙන සීෆුඩ් පීසා එකෙත් ඒ හැටි වරදක් නැහැ. ගොඩක් ම තිබුණේ දැල්ලෝ මාළු. ඉස්සෝ එහෙම නම් හොයාගන්නවත් ලැබුණේ නැහැ. මොනවා වුණත් මේකේ තියෙන සෝස්, චීස් එක්ක එකතුවෙලා එනකොට මේකත් කන්න පුළුවන්.

දකුණු කෙළවරේ තියෙන්නේ බාබෙකියු චිකන් පීසා එක. අනේ! මේකත් හොඳටෝ ම මදි. එක පීසා කෑල්ලකට තියෙන්නේ පොඩි චිකන් කෑල්ලක්, දෙකක් විතරයි. අනික ඒවා බාබෙකියු කරපු ගතියක් දැනුනෙත් නැහැ.

සර්විස් එක

අර්බන් කිචන් එකේ සර්විස් එක ගොඩක් හොඳයි. ස්ටාෆ් එකේ අය හොඳට හිනාවෙලා කතා බහ කරනවා. එක කොකාකෝලා වීදුරුවක් හිස් කරලා ආයේ වැඩි වෙලාවක් බලාගෙන ඉන්න වුණේ නැහැ. ඒ අනිත් පැත්තට ම තව කොකාකෝලා වීදුරුවක් ලැබෙනවා.

අවසාන වශයෙන්

සමස්තයක් විදියට ගත්ත ම නම්, මේ කට්ටියගේ පීසා ශේප් කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි රු.950ට ඇති වෙනකම් පීසා කාලා, කොකාකෝලා බොන්න පුළුවන් නිසා ලොකු පාඩුවක් ඇත්තෙත් නැහැ. අනික උණු උණුවේම කන්නත් ඇහැකිනෙ. ඕනේ නම් වටේ පිටේ ඉන්න වෙලාවක ගිහින් බලන්නකෝ.

හැබැයි පීසාවල පොඩි වේලුණු ගතියක් තියෙන එක තමයි එක ම අවුල. ඕවට තව ටිකක් චීස් එහෙම දැම්මොත් නම්, සෑහෙන්න හොඳ වේවි.

See 1 Comment