Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

මැරුවත් නොමැරෙන විජයගේ අමරණීය චිත්‍රපටි 5ක්

විජය කුමාරතුංග කියන්නේ සිංහල සිනමාවේ නොමැකෙන…

Posted by

අද පෙබරවාරි 16 වෙනිදා. අදට සිංහල සිනමාවේ අසහාය රංගන ශිල්පියෙක් වෙච්ච විජය කුමාරතුංග ඝාතනය වෙලා අවුරුදු 30ක්. විජය කුමාරතුංග ඝාතනය වෙන්න හේතුව දේශපාලනය වුණත් ලංකාවේ විජය කුමාරතුංග මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ පැලපදියම් වුණේ නළුවෙක් විදියට.

චිජය කුමාරතුංග විත්‍රපටි 114කට රංගනයෙන් දායක වෙලා තිබුණත් මේ කියන්න යන්නේ විජය කුමාරතුංග රංගනයෙන් දායක වෙච්ච ප්‍රධානම චිත්‍රපට කිහිපයක් ගැන.

1. බැද්දේගම

මේ චිත්‍රපටියට පාදක වෙන්නේ අපි හැමෝම දන්න ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව. බැද්දේගම ගැන දන්නේ නැත්නම් ඒක යටත් විජිත ලංකාවේ බැද්දේගම කියන ගමේ දුප්පත් පවුලක් ජීවත්වෙන්න කරන අරගලය ගැන ගෙතුන කතාවක්. මේ චිත්‍රපටියෙදී විජය කුමාරතුංග පණපොවන්නේ බබුන්ගේ චරිතෙට. තවත් සිංහල සිනමාවේ දැවැන්තයෙක් වෙච්ච ජෝ අබේවික්‍රම සිළිඳුගේ චරිතෙටත්, මාලනී ෆොන්සේකා පුංචි මැනිකාගේ චරිතෙටත් පණපොවනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වෙච්ච ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා.

2. හන්තානේ කතාව

මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල ආදර කතාවක්. විජය කුමාරතුංගගේ පළවෙනි චිත්‍රපටිය වෙන්නෙත් මේ චිත්‍රපටිය. මේ චිත්‍රපටයට ස්වර්ණා මල්ලවආරච්චි, ටෝනි රණසිංහ, අමරසිරි කලන්සූරිය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුගතපාල සෙනෙරත් යාපා.

3. ගඟ අද්දර

ගඟ අද්දර විත්‍රපටිය ගැන අහලා නැත්නම් ඉතින් ලංකාවේ ඉඳලා වැඩක් නෑ. අපි ඔක්කොම දන්න ගඟ අද්දර සින්දුව තියෙන්නේ මේ චිත්‍රපටියේ තමයි. මේක නිර්මාණය වෙන්නේ ලැටීෂීයා බොතේජුගේ නවකතාවක් ඇසුරෙන්. අධ්‍යක්ෂණය කරන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස්. ඒ වගේම මේ චිත්‍රපටයට වසන්ති චතුරානි, සනත් ගුණතිලක, ටෝනි රණසිංහ රංගනයෙන් දායක වෙනවා.

4. බඹරු ඇවිත්

මේ චිත්‍රපටියේ කතාව වෙන්නේ කල්පිටියේ ජීවත්වෙන පාරම්පරික ධීවර ගම්මානයක් ක්‍රමයෙන් නාගරීකරණය වීමත් එක්ක පැවතිච්ච සංස්කෘතියයි, නගරයෙන් ගමට පැමිණෙන සංස්කෘතියයි අතර ගට්ටනය. මෙතැනදී විජය කුමාරතුංග නගරයෙන් ආපු තරුණයෙක් වන වික්ටර් එහෙම නැත්නම් බේබි මහත්තයාගේ චරිතෙට පණපොවනවා. ඔහුට විරුද්ධව කටයුතු කරන ඇන්ටන් අයියාගේ චරිතෙට පණපොවන්නේ ජෝ අබේවික්‍රම. ඒ වගේම වික්ටර්ගේ පෙම්වතිය වෙන හෙලන්ගේ චරිතෙට මාලනී ෆොන්සේකා දායක වෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ධර්මසේන පතිරාජ.

5. ක්‍රිස්තු චරිතය

නමේ සඳහන්වෙලා තියෙන විදියටම මේ චිත්‍රපටියේ අඩංගුවෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය. මේකෙදී විජය කුමාරතුංග ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ චරිතෙට පණපොවනවා. මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1990 දී ඒ වෙනකොට විජය ජීවින සිනමාවෙන් සමුඅරගෙන ඉවරයි.

 

Leave a comment