Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

මීගමු මාළු... ඉස්සො, දැල්ලො, කකුළුවො, පොකිරිස්සො හිතේ හැටියට, එක එක රසට!

මීගමු මාළු කිව්වාම නේ... ආයෙ අහන්න දෙයක්…

Posted by

මීගමු මාළු කිව්වාම නේ...

ආයෙ අහන්න දෙයක් නෑනෙ අනේ

කන්නයි තියෙන්නෙ පෙරලගෙන

හිතේ හැටියට බඩ පැලෙන්න!

මොකද ඉතින්... ශ්‍රී ලංකන් විදියට හැදුවත්, චයිනීස් විදියට හැදුවත්, එහෙම නැත්නම් ජැෆ්නා, තායි, වෙස්ටර්න් ඔය මොන මොන විදි වලට හැදුවත් ‘මීගමු සිෆුඩ්’ කියන්නෙ ආයෙ හොඳම එක තමයි. කටට සැරට, කිරට හොද්දට ඕන විදියකට ආයෙ. ඒ විතරක් නෙවෙයි, බයිට් එකට වුණත් සුපිරි ම නෙ.

වැඩේ කියන්නෙ ඒ තරම් රසට සීෆුඩ් හදන රෙස්ටුරන්ට් තියෙන්නෙත් මීගමුවෙ ම නෙ. මගෙ හිතේ ඒක පාරම්පරික ව එන එකක් වෙන්න ඕන.

කොහොම හරි... ඒ ලස්සන ලස්සන රෙස්ටුරන්ට් ඇතුළෙ, රසම රස විදි වලට හැදෙන කෑම අතරින්, ආස නැද්ද නිකමට වගේ... සැරම සැර කෑම ජාති ටික විතරක් තෝරල රස බලන්න. හායි හූයි ගගා, කඳුළු හල හල... කොටින්ම කිව්වොත් ලංකාවෙ අපි ආසම විදියට!

ම්... මතක් වෙද්දිත් කටට කෙළ උනනව නේ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, මීගමු රෙස්ටුරන්ට් අතරින් සැරම සීෆුඩ් හදන රෙස්ටුරන්ට් ටික ඔයාලට කියන්න. ඒ විතරක් නෙවෙයි, ඒ කෑම ජාතිත් එක්කම.

එහෙනම් ඔන්න, පහළින් බලන්නකෝ...

Spicy Grilled Crab - Sherry Land Restaurant & Pub

සැරම සීෆුඩ් අතරින් සැර අඩුම එක. ග්‍රිල්ඩ් ක්‍රැබ්!

හැබැයි වැඩේ කියන්නෙ, ඒක ග්‍රිල් කරපු ගතියක් පේන්න නැති එක තමයි. ඒ වගේම සැරත් ඒ හැටි නෑ. ම්ම්... කකුළුවත් තරමක් පොඩියි. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන්, ෆුල් ෆ්‍රෙෂ්. ඔක්කොටමත් වඩා එතන වටින්නෙ කොක්ටේල් හැදිල්ල. හිතන්නකො අපිට කැමති ජාතියක් දාලා අපේ ම කොක්ටේල් හදාගන්න පුළුවන් කියන්නෙ? නේ…

Pepper Prawns - The Claws

මේක හරිම අමුතු තැනක්. ඒ කියන්නෙ ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් සීෆුඩ්, අපිට ඕන ඕන විදියට හදාගන්න පුළුවන් අපූරු ප්ලේස් එකක්. වැඩිය ඕන නෑ, එයාලගෙ ස්ටොක් එකේ ඉන්න ඕන ඉස්සෙක්, කකුළුවෙක් අපිට තෝරල ගන්න පුළුවන්. අරගෙන අපි කැමති විදිය කියල, ග්‍රිල් කරල නම් එහෙමයි, බැදල නම් එහෙමයි, එතකොට ඩෙවිල්, බැටර්ඩ්, කරි විදියට වුණත් හදල උණුඋණුවෙ ම මේසෙට ගෙන්න ගන්න පුළුවන්.

හැබැයි ඉතින් අපි නම් එහෙම කළේ නෑ. හෙමින් සැරේ ඕඩර්කළා පෙපර් ඉස්සො එකක්.

වැඩේ වුණේ ඒක මේසෙට ආවට පස්සෙනෙ! ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තොගයක් එක්ක, ගර්කින් පෙති ටිකකුත් දාලා, සෝස්, චිලි පේස්ට් අඩු නැතිව... ඉස්සොත් තියෙනව නොසෑහෙන්න. ඊටත් රස... ෂැහ්, ටොප් ආ. තව චූට්ටක් සෝස් රස අඩු වුණා නම් පංකාදු පහයි. ඒත් කූල් කෝක් බඩියක් ගත්ත නම් ඉතින් ඔය ඔක්කොම බැලන්ස්.

Devilled Tuna - Sana's Beach Guest House & Restaurant

සනාගෙ ටූනා ඩෙවිල් එකත් හොඳ සැරට මේසෙට එන කෑමක් තමයි. ඒ වගේම ෆ්‍රෙෂ් ගතියෙනුත් අනූනයි. ලොකු ටූනා කෑලිත් 10-12ක් එනව පිඟානට. හැබැයි ඒකෙ සෝස් රසනෙ ඉවසන්න බැරි. ලූණු, කැප්සිකම්, රතු මිරිස් එහෙම අඩු නැතිව දාලා තිබ්බට මොකද, ටූනා එක පොඩ්ඩක් බැටර් කරල වගේ නිසා ස්විට් ඇන්ඩ් සෝර් සෝස් අල්ලල තියෙනව නොසෑහෙන්න. ඇත්තටම ඒක බැලන්ස් වුණා නම්... සුපිරිම ආයෙ!

Grilled Seafood Platter - Papou's Restaurant

ටොප්ම, ටොප්ම එක!

ආයෙ මික්ස් ප්ලැටර් නම් අන්න මික්ස් ප්ලැටර්. ආයෙ නැති දෙයක් නෑ වගේ ම, රසත් තියෙනව සුවඳට ම තලුමැරෙන්න. ඇත්තටම හිතා ගන්න බෑ ආ... ඒ ප්ලැටර් එක නම්. හම්බෝ... ආනමාලු සයිස් දැල්ලො කෑලි 6-8ක්, පොඩි කකුළුවොත් දෙන්නයි, එතකොට පොකිරිස්සොත් දෙන්නයි, තඩි ඉස්සො තිබ්බා... 4-6ක් විතර. ඒ විතරක් නෙවෙයි, තලපත් පලු දෙකක් තිබ්බ කියන්නකො අල්ලකට වැඩි සයිස්. ෆ්‍රෙන්ච් ෆ්‍රයිසුයි, අලයි, ගාලික් සෝසුයි... අනම් මනම් ජාති කෝටියයි. ඔක්කොමත් හරි හිතන්නකො හැම සීෆුඩ් කෑල්ලක්ම පදමට ග්‍රිල් කරල කිව්වාම. පිස්සු හැදෙනව, තොලකට පොපියනව දැක්කාම, හ්ම… 

බොරු නම් කාලා බලන්නකෝ.

Hot Butter Cuttlefish - You & Me Fresh Seafood Restaurant

මේකත් නරක ම නෑ. හැබැයි අර කේස් එක තියෙනව. ඒ කියන්නෙ අර... ස්වීට් ඇන්ඩ් සවර්, සෝස් ටිකක් වැඩිපුර දාපු එක. හැබැයි ඉතින් කට දෙක කද්දි ඒක යට යන්නෙ නිකම් දැනී නොදැනී වගේ. ඇයි අප්පේ.. කට්ල්ෆිෂ්වල ෆ්‍රෙෂ් ගතියයි, කොලිටි බැටර් එකයි, අඩු නැතුව දාපු රතු මිරිස්, ලූණු කොළ අඩුම කුඩුමයි..

සත්තයි, ඔතනදි ම තමයි අපි කෝක් බඩි ටිකකුත් ගැලපුවෙ. මොකද කටට සැරට හොඳයිනේ!

ඔයාලටත් කියල වෙනසක් නෑ ඉතින්. ගිහිල්ල හෙමින් සැරේ කෑමකට වාඩිවෙන්න බැරියැ. නැතත් ඉතින්…

Leave a comment
Last 7 Days

Trending Today