‘මානව හිමිකම්’ කියන්නේ අපිට ජනමාධ්‍යවල, ප්‍රවෘත්තිවල එහෙම නිතර අහන්න දකින්න ලැබෙන වචනයක්. ඇත්තටම මොනවද මේ මානව හිමිකම්?
මිනිසෙක් විදිහට ඉපදුණු හැම කෙනෙකුට ම හිමි වෙන, එක හා සමාන අයිතිවාසිකම් මාලාවක් තමයි මානව හිමිකම් කියල කියන්නේ. කෙනෙකුගේ ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රීපුරුෂ භාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන කිසිම භේදයකින් තොරව හැමෝටම මේ අයිතිවාසිකම් පොදුයි. රටේ හැම පුරවැසියෙකුට ම පීඩාවකින් තොරව ගෞරවනීය විදිහට හොඳින් ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නයි මේවා හඳුන්වලා දීලා තියෙන්නේ.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ සහ ආරක්ෂා කිරීමේ වගකීම හැම රටක ම රජයට අයිති කටයුත්තක්. සෑම පුරවැසියෙකුට ම එක සේ අදාළ වෙන මූලික අයිතිවාසිකම් පෙළක් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ඒ අනුව මූලිකව ම, සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස, ආගමික නිදහස හා ආගම වෙනස් කිරීමේ නිදහස, වදහිංසාවලින්, කෲර, අමානුෂික අවමන් සහගත සැලකිලිවලින් සහ දඬුවම්වලින් වැළකීමට ඇති නිදහස, සර්ව සාධාරණත්වය, වෙනස් කොට සැලකීමෙන් මිදීම, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීම, නීතියේ රැකවරණය එක සමානව ලැබීම යන කාරණා හැම පුරවැසියෙකුගේ ම මූලික අයිතිවාසිකම්වලට අයත්.
ඒ කියන්නේ, නියමිත නීතිමය ක්‍රියා පටිපාටියට පිටින් කිසිවෙකුට ඔබව අත්අඩංගුවට ගන්න නොහැකියි. කිසියම් කෙනෙකු අත්අඩංගුවට ගන්නා විට අත්අඩංගුවට ගැනීමට හේතුව අදාළ පුද්ගලයාට දැනුම් දිය යුතුයි. එසේ ම යමෙකු අත්අඩංගුවට ගෙන පැය 24ක් තුළ විනිශ්චයකාරවරයෙකු ඉදිරියට පැමිණවිය යුතුයි. ඒ වගේ ම, වැරදිකරු යැයි ඔප්පු වන තුරු අදාළ පුද්ගලයා නිවැරදිකරුවෙකු ලෙස සැලකිය යුතුයි. වැරැද්දට දඬුවම් තීරණය කළ හැක්කේ අධිකරණයකට පමණයි. සාධාරණ නඩු විභාගයකට හැම කෙනෙකුට ම අයිතියක් තියනවා.
භාෂණයට, අදහස් ප්‍රකාශනයට, සමාගමයට සහ සාමකාමී රැස්වීමට, වෘත්තීය සංගමයකට බැඳීමට හැම පුරවැසියෙකුට ම අයිතිය තියනවා. එසේම තමන් කැමති ආගමක් ඇදහීමට, පිළිපැදීමට සහ ඉගැන්වීමට ඕනෑම කෙනෙකුට අයිතිය තියනවා. තමන්ගේ සංස්කෘතිය භුක්ති විඳීමට, එය වැඩිදියුණු කිරීමට සහ තමන්ගේ භාෂාව භාවිත කිරීමටත් හැමෝටම නිදහස තියනවා.
තමන් කැමති නීත්‍යනුකූල වෘත්තියක යෙදීමට ඇති නිදහසත්, තමන් කැමති ස්ථානයක ජීවත් වීමට ඇති නිදහසත්, ලාංකික පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම්. ඒ වගේ ම සෑම පුරවැසියෙකුට ම ශ්‍රී ලංකාව තුළ ගමන් කිරීමටත්, ශ්‍රී ලංකාවට නැවත පැමිණීමටත් නිදහස තියනවා. ඒ විතරක් නෙවෙයි, තොරතුරු ලබාගැනීමට ඔබට ඇති අයිතියත් මූලික අයිතිවාසිකම්වලට අයත්.
මානව හිමිකම් ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කර හඳුනාගත හැකියි. මේ අයිතිවාසිකම් මුළු ලෝකයට ම පොදුයි. පුරවැසියන්ට මේවා භුක්ති විඳීමට ඇති අයිතියට බාධා නොකිරීම සහ මේවා සපුරා දීම වෙනුවෙන් සම්පත් යෙදවීම, හැම රටක ම රජයේ වගකීමක්. ඒ වගේ ම මේවා එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා මේවායින් එකක් කඩ වුණොත් තවත් අයිතිවාසිකම් රැසක් ඒ හා සමග ම කඩ වෙනවා. ඉතින් ඒ ප්‍රධාන මානව හිමිකම් කාණ්ඩ දෙක තමයි මේ.
1 සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම්
2 ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම්
සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් කියන්නේ පුද්ගලයෙකුගේ ස්වාධීනත්වය හා බැඳුණු අයිතිවාසිකම්. ඒ කියන්නේ වදහිංසාවලින් නිදහස් වීම, ඡන්දය භාවිත කිරීමේ නිදහස, භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව විරෝධය පළ කිරීමට ඇති නිදහස වැනි දේ. තීරණ ගැනීමේ සහ නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට පුරවැසියන් ද දායක කරගැනීම මේ අයිතිවාසිකම්වල අරමුණ වෙනවා.
ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් කියන්නේ රැකියාවක් කිරීමේ සහ සුදුසු පහසුකම් යටතේ වැඩ කිරීමේ අයිතිය, වෘත්තීය සමිති පිහිටුවීමේ සහ ඒවාට බැඳීමේ අයිතිය, සමාජ රැකවරණයට ඇති අයිතිය, පවුලට අවශ්‍ය ආරක්ෂාව, අනුග්‍රහය ලැබීමට ඇති අයිතිය, ළමා මෙහෙකාර සේවයෙන් නිදහස් වීමට ඇති අයිතිය, ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට, සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඇති අයිතිය, සංස්කෘතික ජීවිතයට සහභාගි වීමේ අයිතිය සහ විද්‍යාත්මක සොයාගැනීම්වලින් පල ලැබීමට ඇති අයිතිය වැනි දේ.
ඉහත කියපු ඔබේ මූලික අයිතිවාසිකම්වලින් එකක් හෝ කීපයක් කඩ වෙලා හෝ කඩ වීමට ඉඩ තියන බව ඔබට හැඟෙනවා නම්, ඔබට ඒ ගැන ගත හැකි ක්‍රියාමාර්ග ගැනයි මේ කියන්න යන්නේ. මෙහෙම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ කොමිෂන් සභාවට ඉල්ලුම් කරන්න ඔබට පුළුවන්.
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා වීම පිළිබඳව සොයා බලන්නට සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කරන්නට, 1996 අංක 21 දරන පනත යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නම් ස්වාධීන ආයතනය පිහිටවල තියනවා. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ අවස්ථා විමර්ශනය කිරීම, පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩ නොවන බවට වග බලාගැනීම, ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් ලබා දීම වැනි කාර්යයන් රාශියක් මේ කොමිෂන් සභාවෙන් ඉටු වෙනවා. මානව හිමිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට, සිරකරුවන්ගේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණය කිරීමට එහෙමත් ඔවුන් පියවර ගන්නවා.
ලංකාව පුරා ම මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාල පිහිටුවල තියන නිසා ඔබට කිසියම් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයට ළඟ ම කාර්යාලයෙන් එය සිදු කරගැනීමේ අවස්ථාව තියනවා. එහෙම නැත්නම් කොළඹ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ www.hrcsl.lk වෙබ් අඩවිය මඟින් පැමිණිලි පත්‍රයක් ලබාගෙන සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් එය පුරවා තැපැල්, ඊමේල්, ෆැක්ස්, 1996 අංකය මඟින් හෝ කාර්යාලයට පැමිණ ඔබට ඔබේ පැමිණිල්ල ඔවුන් වෙත යොමු කළ හැකියි. එවිට ඔවුන් අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන ඔබේ පැමිණිල්ල සම්බන්ධයෙන් සමගි කිරීම, පරීක්ෂණ සහ විමර්ශන කරලා ඔබට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරනවා.
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Nelum Kole is a rice-and-curry kade in Boralesgamuwa that provides a convenient and cost-effective lunch spread.
Where, how, and why to find love in the paradise island.
මස්, චීස් පිරෙන්න දාපු රස වෑහෙන බර්ගරයක් රස බලන්න…
The best dinner and drinks spots in Colombo for candlelit romancing.
Delete Comment