කොරෝනා නිසා ගෙදර ද? මෙන්න ගෙදර ඉඳන් කරන්න දේවල් 7ක්….

චීනෙන් පටන්ගත්ත කොරෝනා ලෝකෙ පුරා ම පැතිරිලා ලංකාවටත් ආවා. ඉතිං මේ දවස්වල රජයේ නිවාඩු නේ. පෞද්ගලික අංශයෙත් හුඟක් ආයතන නිවාඩු දීලයි තියෙන්නෙ. රස්සා කරන නොකරන කොයි කවුරුත් මේ දවස්වල සෙනඟ ගැවසෙන පැතිවලට නොයා ගෙදරට වෙලා ඉන්න එක ඇඟට ගුණයි. සෙනඟ අතරට යන එක තමන්ට වගේ ම අනුන්ටත් අනතුරුදායකයි. ඉතිං හැමෝම ගැන හිතල අපි ගෙදරට වෙලා ඉමු…

ඊළඟ ප්‍රශ්නෙ… දවස් ගානක් ගේ අස්සට වෙලා මොනව කරන්න ද!

Pic: www.bloglovin.com

දැනටමත් කට්ටිය මේ ගැන හිතනව ඇති. මේ ප්‍රශ්නෙට එක එක උත්තර හොයගෙනත් ඇති. ඔන්නොහේ දවස ම ෆේස්බුක් එකේ උඩට පහළට යනව කියල තීරණේ කරලත් ඇති. මොනවා කරන්න ද මන්දා කියල තාම උත්තර හොයාගන්න බැරි වුණ අයත් ඇති. ඒ හැමෝටම දැනගන්නත් එක්ක අපි කියන්න හදන්නෙ අහම්බෙන් හම්බුණ මේ නිවාඩුවේ දි කරන්න පුළුවන්, ප්‍රයෝජනවත් දේවල් කීපයක් ගැන.

නිදාගන්න

ඔයත් දිනපතා උදේ ම රැකියාවට ගිහින් රෑ වෙලා ගෙදර එන කෙනෙක් නං, අනේ මට නින්ද මදි කියල ඕන තරම් හිතිලා ඇති. ඒ ඇරියස් ටික හොඳට කවර් කරන්න ඔන්න චාන්ස් එකක් ඇවිත්. ෆෝන් එහෙම සයිලන්ට් කරලා ෆෑන් එකක් එහෙම දාගෙන හොඳට සැපට නිදාගන්න. එලාම් තියන්න හේතුවකුත් නැති නිසා ඕන වෙලාවක නැගිටින්න බැරි යෑ!

අස් කරන්න

හොඳට ම බිසී අයට ගේදොර අස්පස් කරගන්න ලැබෙන හොඳ චාන්ස් එකක් තමයි මේ නිවාඩුව. ඉතිං කුණු දූවිලි අතුපතුගාල ගෙවල් දොරවල් හරි, තමන්ගෙ කාමරේ හරි සුද්ද කරගන්න. කබඩ් එකේ ගොඩ ගහල තියන ඇඳුම් පැළඳුම් පිළිවෙළට නවල කරල තියන්න. අනවශ්‍ය දේවල් විසි කරන්න. ගේ පිරිසිදු කළාම හිතටත් සනීපයක් දැනෙයි. මේව කළාට කමක් නෑ, දූවිලි නාගෙන ඔන්න හෙම්බිරිස්සා එහෙම හදාගන්න එපා. 

උයන්න

උයන්න කියන්නේ තුන් වේල ම දුම්මැස්සට වෙලා හති මුගුරු දාගෙන දැලි ගාගෙන බත් තම්බන්න ඕන කියන එක නෙමෙයි. තමන් ආස පොඩි ඩිෂ් එකක් දෙකක් පිළියෙල කරගන්න. පොඩි කේක් එකක් වගේ දෙයක් බේක් කරන්න. ජූස් එකක් ස්මූදි එකක් හදාගන්න. ඔෆිස් යන දවසට එහෙන් මෙහෙන් යන්තං ගිල දාන කෑම වේල වෙනුවට, හොඳට කටට රසට බඩ පිරෙන්න තමන් කැමති දෙයක් හදාගෙන, හැමදාම කන කෑම වේලට වෙනසක් කරන්න.

කලාව!

දෛනික දින චර්යාවට පුරුදු වුණ උදවිය විදිහට, ෆිල්ම් එකක් බලන්න.. පොතක් පතක් කියවන්න වෙලාවක් ලැබෙන්නෙ කලාතුරකින් නේ? ඉතිං කලාවෙ රහ විඳගන්න මේක අවස්ථාවක් කරගන්න. පොත් කියවන්න, ෆිල්ම් බලන්න කැමති නැත්තං ඔයා කැමති විදිහෙ මියුසික් අහන්න.. හයියෙන් සින්දුවක් දාල කාමරේ දොර වහල නටන්න!

සමහරු ඉන්නවා ලියන්න ආස, හැබැයි වෙලාවක් නැති. ඒ අයට පුළුවනි ලියන්න පටන්ගන්න. බ්ලොග් එකක්, ජර්නල් එකක්, අඩු ගාණේ ඩයරියක් හරි.. පටන්ගන්න එකයි වැදගත්. චිත්‍ර අඳින්න දක්ෂකම තියාගෙනත් අතෑරලා දාපු අය ඇති. එයාල ආයෙත් අඳින්න පටන්ගන්න. අඩු ගානෙ අඩල්ට් කලරිං බුක් එකකින් හරි ආයෙත් ඔයාගෙ දක්ෂකම්වලින් වැඩක් ගන්න පටන්ගමු. මේ අහඹු නිවාඩුව ලැබුණේ අපිට අමතක වුණ, ජීවිතේ ලස්සන පැත්ත ආයෙත් මතක් කරන්න වෙන්නත් පුළුවන්! 

යෝගා/ ව්‍යායාම

Pic: www.yogajournal.com

එක්සසයිස් කරන්න කම්මැලිකමේ කල් දදා හිටිය නං මේ ඒකට වෙලාව. ටික ටික හරි ව්‍යායාම කරල දවස පටන්ගන්න. යෝගා කරන අයට නං තවත් ලේසියි. ඇඟට වගේ ම හිතටත් සුවපත් ගතියක් දැනෙන්න ව්‍යායාම උපකාරී වෙනවා..

වත්තට යන්න

Pic: www.aarp.org

ගේ අස්සෙ ම ඉන්න අමාරු නං පොඩ්ඩක් මිදුලට බැහැල බලන්න. හැබැයි තාප්පෙන් / ගේට්ටුවෙන් එහාට නං යන්න එපා. පැලයක් දෙකක් හිටවන එක, වල් පැල ගලවල මිදුල සුද්ද කරන එක, මල් පැලවලට වතුර දාන එක වගේ පොඩි පොඩි දේවල් කළාට කමක් නෑ. වත්තෙ ඉන්නකොට අහළ පහළ මිනිස්සු කතාවට ආවොත් පැනල ගෙට දුවන්න!

අලුත් දෙයක් ඉගෙනගන්න

Pic: www.seebtm.com

අපි නොදන්නා දෙයක් ඉගෙනගන්නත් මේක හොඳ අවස්ථාවක්. දවස ම ගෙදර නේ, ඉතිං වැරදි වැරදි ඉගෙනගන්න ඕන තරම් කාලය තියනවා. උයන්න නොදන්න අයට, ගෙදර ඉන්න උයන්න දන්න කෙනෙකුගෙන් අහගෙන හරි, ඉන්ටනෙට් එකේ රෙසිපියක් බලාගෙන හරි, උයන්න ඉගෙනගන්න පුළුවන්. මහන එකත් මේ වගේ වැඩක්. දැන් කාලෙ මහන්න පුළුවන් අය අඩු නිසා මහන්න ඉගෙන ගත්තොත් අපතෙ යන එකක් නෑ. තව පොඩි පොඩි දේවල් නිර්මාණය කරන අත්වැඩ එහෙමත් අලුතෙන් ඉගෙනගන්න පුළුවන් මේ දවස් ටිකේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

A Culinary Journey Through the Middle East: Ramadan Iftar Buffet at Cinnamon Grand Courtyard 

By Shamindri De Sayrah Embark on a culinary adventure through the Middle East this Ramadan

Kamu

Trending.

Hayleys Leisure Training Academy Celebrates Its Second Graduation Ceremony at Amaya Lake, Dambulla

The Hayleys Leisure Training Academy, a pioneering initiative by Hayleys Leisure, held its second graduation

Trending

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

MSI’s Innovation Unleashed: The New 18-Inch Gaming Laptop Family and Sleek, High-Performance Productivity Laptops

Written by Fathima Rukaiya, MSI, a premier laptop manufacturer, has unveiled its latest 18-inch gaming

Trending

MSI Unveils New Laptops Tailored for Content Creators: The Content Creation Series

MSI has unveiled an updated range of laptops designed specifically for content creation, introducing new

Trending

Unveiling the Latest MSI Gaming Laptops: A Detailed Look at High-Performance and Mainstream Options

MSI, a distinguished name in the world of laptop manufacturing, has recently unveiled its latest

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide