ඡායාරූපය: asianmirror.lk
(අවසාන යාවත්කාල කිරීම 2017 අප්‍රේල් 16 ප.ව. 10.40)
මුළු කොළඹ නගරෙම කුණු බැහැර කරන මීතොටමුල්ල කුණු කන්දේ විශාල කොටසක් සිකුරාදා (14) හවස නායගියා; අලුත් ම නිළ සංඛ්‍යාලේඛණවලට අනුව මේ වන විට මිය ගිය ගණන 26ක්. අතුරුදන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව නායයාම නිසා නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් හානියට පත් වී ඇති අතර පවුල් 228කට අයත් පුද්ගලයන් 980ක් අවතැන් වී සිටිනවා.
මේ වෙද්දී යුධ හමුදා නිලධාරීන් 600ක් පිරිසක් තවත් පිරිස් යටවී සිටිනවාදැයි සෝදිසි කිරීමේ මෙහෙයුම් සහ බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතවෙනවා. මේ සිදුවීම නිසා අවතැන්වෙලා සිටින පිරිස 600කට වැඩියි. ඔවුන් මේ වෙද්දී කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා මහා විද්‍යාලයේ නවාතැන් අරගෙන ඉන්නවා. ඔවුන්ට ආහාර ලබාදීම මේ වෙද්දී පොලීසිය, හමුදාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකරනවා.
ඡායාරූපය: army.lk
මේ කුණු කොළඹ නගරයේ අපිම බැහැර කරපු කුණු. ඒක නිසා මේ සිදුවීමට අපි හැමෝගෙම දායකත්වයක් තියෙනවා.
ඡායාරූපය: cherylthomas.com
පළවෙනි දේ තමයි මේ පිරිසට අවශ්‍යකරන අනෙකුත් දේවල් ටික ලබාදෙන එක. මේ වන විට අත්‍යාවශ්‍යම ද්‍රව්‍ය වෙන්නේ මේවායි.
මදුරු දැල්
පිරිමි ඇඳුම්
කාන්තා ඇඳුම්
ළමා ඇඳුම්
පිරිමි හා කාන්තා යට ඇඳුම්
කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍යය
වතුර බෝතල්
බෙහෙත්
කොහොම වුණත් මේ ලැයිස්තුව නිතරම වෙනස්වෙන නිසා දේවල් ගෙනිහින් දෙන්න කලින් පහළ තියෙන අංකවලට කතාකරලා මේ වෙලාවේ වැඩිපුරම අවශ්‍ය මොනවද කියල බලන එක හොඳයි.
මේ දේවල් කෙලින්ම
විදුහල්පතිනිය, - 0714484213
නි. විදුහල්පතිනිය, - 0727 397 902
එහෙම නැත්නම් Kindness Collective ආයතනය විසින්
0772 431 831
0114 605 500
පිහිටුවා ඇති එකතුකිරීමේ මධ්‍යස්ථානවලට බාරදෙන්න පුළුවන්. මේ දේවල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා අවශ්‍ය පුද්ගලයන්ට ලබදෙන්න මේ වෙද්දී කටයුතු සූදානම් කරලා තියනවා.
ඊගාව දේ තමයි නායගියපු එක බලන්න යන්නේ නැතිව ඉන්න එක. අපි හැමෝම ඔතනට ගියාම වෙන්නේ සහන සේවා සපයන නිලධාරීන්ට ඒක කරන්න අමාරුවෙන එක.
මේ ගැන වැඩිදුර තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 011 213 6136 දුරකථන අංකය ඔස්සේ දැනගන්න පුළුවන්.
Countries that let you in without a fuss with your Lankan passport
Safe, clean, and nice rooms in Colombo for couples. Sorted by price bracket.
Flavours of Asia delivered to your doorstep.
A Guide to Getting Down in C-Town.
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Delete Comment