Artwork for Sampath Top - June

ඇයි මැක්ඩොනල්ඩ් ඔච්චර ගණං?

ලංකාවේ මැක්ඩොනල්ඩ් ඇමරිකාවට වඩා ගණං!

Posted by

ළඟදි ලංකාවෙත් ටාකෝ බෙල් එකක් ඇරියනෙ. පළවෙනි දවස් ටිකේ ටාකෝස් කන්න තිබුණු පෝලිම ගැන කතාකරකර ඉද්දි තමයි අපේ කටිටිය කතාවුණේ ඇමෙරිකාවේ නම් ටාකෝස් වගේ කෑමවල ගණන් මාර අඩු නිසා, නිකං පොඩි බඩගින්නට කට්ටිය උදේ හවස ටාකෝස් කෑවට මෙහෙ ගණන්වල හැටියට එහෙම කරන්න බැරි එක ගැන.

කොහොමත් ඇමෙරිකාවේ මිනිහෙක්ගෙ සාමාන්‍ය ආදායම ලංකාවට වඩා දහගුණයක් විතර වෙන එකේ ඉතිං එහෙම වෙන්න ඕනනේ කියල හිතන ගමන් මම නිකමට වගේ ලංකාවෙයි ඇමෙරිකාවෙයි ටාකෝ බෙල් සයිට්වල තියෙන මෙනුවලට ගිහින් බැලුවා. ලංකාවේ ටාකෝ බෙල් එකේ ටකෝස් එකක් පටන්ගන්නෙ රුපියල් 300න්. ඇමෙරිකාවෙ පටන්ගන්නෙ ඩොලර් 1.19න්. ඒ කියන්නෙ ඇමෙරිකාවෙ ටාකෝස් එකක් ලංකාවෙ සල්ලිවලින් බැලුවොත් රුපියල් 182ක් විතර තමයි වෙන්නේ! ඒ කියන්නෙ අපි වගේ දහගුණයක් විතර අාදායමක් උපයන ඇමෙරිකන්කාරෙයෙක් වගේ දෙගුණෙකට කිට්ටු ගාණක් ලංකාවේ අපි ගෙවනවා!!

ඇත්තට ම ටාකෝ බෙල් විතරක් නෙවෙයි ඇමරිකාවේ දුප්පතුන්ගෙ කෑම වෙච්ච මැක්ඩොනල්ඩ් එකෙත් ලංකාවේ තත්ත්වේ මේකම තමයි. ඇමෙරිකාවේ ඩොලර් 1ට (රු. 153) දෙන චීස් බර්ගර් එක ලංකාවේ ඒ වගේ දෙගුණයක්. ඇමෙරිකාවේ ඩබල් චීස් බර්ගර් එකක් ඩොලර් 1.69යි (රු. 259); ලංකාවෙ දි ඒක රුපියල් 530ක්!

හැබැයි බිග්මැක් එකට එද්දි මේක පාරට වෙනස් වෙනවා. ලංකාවේ බිග් මැක් එක ඇමරිකාවෙ බිග් මැක් එකට වඩා ගාණ අඩුයි! ඇමරිකාවේඩොලර් 3.99ට (රු613) දෙන බිග් මැක් එක (ආයෙත්, ඒකම ද කියල නම් ෂුවර් නෑ.) ලංකාවේ දි රුපියල් 580ට ගන්න පුළුවන්! (ෆිලට්-ඔ-ෆිෂ් එකෙත් ලංකාවේ ගාණ අඩුයි). හරි පුදුමයි!

පුදුම වෙන්න දෙයක් නෑ. අපට හිතෙන හැටියට නම් මේකට හේතුව වෙන්න ඇත්තෙ බිග් මැක් ඉන්ඩෙක්ස් එක.

බිග් මැක් ඉන්ඩෙක්ස්

බිග් මැක් ඉන්ඩෙක්ස් කියන්නෙ ලෝකේ එක එක රටවල මුදලේ වටිනාකම සංසන්දනය කරන්න “දි ඉකොනොමිස්ට්” සඟරාව ආතල් එකට වගේ හදපු නිල නොවන දර්ශකයක්. ආර්ථික විද්‍යාවට අනුව මුදල් ඒකකයක වටිනාමක ඉහළ පහළ යන එක ඉබේ සිද්ධ වෙන නිසා ලෝකේ කොහෙ වුණත් බිග් මැක් එකක් ගාන එකම වෙන්න ඕන. මේකෙදී කරන්නෙ එක එක රටවල බික් මැක් එකක මිල සංසන්දනය කරල ඒකෙන් ඒ ඒ රටවල මුදලේ අගය ගැන දළ අදහසක් ගන්න එක.

මේක ආතල් එකට වගේ හදපු එකක් නිසා 100%ක් ම නිවැරදි නෑ. උදාහරණයක් හැටියට එකඑක රටවල වැඩකරන කට්ටියට ගෙවන පඩිය, එතකොට අමුද්‍රව්‍යවල මිල ගණන් වගේ ම එයාලගේ මාකට් ස්ට්‍රැටර්ජි එක අනුවත් මිල වෙනස්වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට සමහර වෙලාවට රජයේ මහ බැංකු සංඛ්‍යා දත්ත, ප්‍රස්තාරවලින් හංගල ගහන බොරු ආර්ථික මැජික් අල්ලගන්නත් මේක පාවිචි කරන්න පුළුවන්. ආර්ජන්ටිනාවේ ආණ්ඩුව මේ  විදියට තමන්ගේ හොර වහගන්න බිග්මැක් එකේ මිල කෘත්‍රිම ව අඩුකරන්න මැක්ඩොනල්ඩ් එකට බලපෑම් කරනව කියල තමයි ගොඩක් ආර්ථික විද්‍යාඥයෝ හිතන්නෙ.

ලංකාවේ මැක්ඩොනල්ඩ් එක මේක කරන්නෙ කාගෙ උවමනාවට ද කියල දන්නෙ නැති වුණත් බික් මැක් ඉන්ඩෙක්ස් එකට අනුව ලංකාවේ බික් මැක් එක ඇමරිකාවට වඩා 28.8%ක් ලාබයි; මොකද ලංකාවේ මැක්ඩොනල්ඩ් එකේ අනිත් කෑම ජාති ගිනි ගණං වුණාට එයාලා බිග් මැක් එකේ මිල අඩු මට්ටමක තියාගෙන ඉන්න නිසා. කොහොමද ටිකිරි මොළේ!

 

Leave a comment
Last 7 Days

Trending Today