Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

ලන්දේසින්ගෙ ලම්ප්‍රයිස් ලංකාවෙදි රස බලන්න!

කටට රහට, හොඳ පදමට කුළුබඩු එක්වුනු…

Posted by

කටට රහට, හොඳ පදමට කුළුබඩු එක්වුනු ඔතෙන්ටික් රයිස් එකක් කන්න ආසයිද?

එහෙනම් ඉතින් ලම්ප්රයිස් තමයි. මොකද ඔතෙන්ටික් කිව්වට ලම්ප්රයිස්වල තියෙන්නෙ ඉතිං අපිට ම හරියන අපේම ජෙනුඉන් රසක්නෙ.

හැබැයි ඉතින්, වැඩේ කියන්නෙ ලම්ප්රයිස් අපිට එන්නෙ නම් ලන්දේසීන්ගෙන්. ඊටත්, ඒක හැදන්නෙත් එයාලගෙ ම ක්‍රමයකට. කුළුබඩු රසයි, ළා සැරගතියයි, පැණිරසකුත් හෙමින් සැරේ ගැලපෙන්න හැදෙන මේ ලම්ප්රයිස් ඔතන්නෙත් කෙහෙල් කොළේක නිසා... අනේ මන්දා මට නම් හිතෙන්නෙම ඒක නම් අපේම කෑමක් කියල. අනික ඒ බතත් එකත් එක්ක එන චිකන් හරි බීෆ් හරි, කලවම් කරි හින්දුමේ රසනෙ!

ෂැහ්, වැඩිය ඕන නෑ ඒකම ඇති බත් ගිලින්න හොඳ හැටියට.

අන්න ඒ නිසාමයි අපි කල්පනා කළේ හොඳ ලම්ප්රයිස් අතරිනුත් හොඳම ලම්ප්රයිස් ටිකක් කන්න, කොළඹ අවටින් කියාපු ම කඩ ටිකක් ඔයාලට කියන්න. එතකොට ඔය ඉඳල හිටල හරි ගිහිල්ල, බැරියැ රස බලන්න, බඩ පැළෙන්න නේ..!

The Fab

කොළඹ පැත්තෙ වගේ ම කොළඹින් පිටත් සුපිරි ම ලම්ප්රයිස් එකක් රස බලන්න කියාපු ම තැනක් තමයි ෆැබ් එක. පංකාදු පහට තියෙන මෙයාලගෙ ලම්ප්රයිස් එක, ලම්ප්රයිස් ෆෑන්ස්ල අතරෙත් සෑහෙන්න ප්‍රසිද්ධයි. මොකද මෙයාලා ඔරිජිනල් ම විදියට ලම්ප්රයිස් හදනවනෙ. චිකන් ස්ටොක් එකෙන් තම්බපු සම්බ හාලෙ බතයි, මිරිස් තුනපහ අඩු නැතුව දාලා හදපු චිකන් කරි හින්දුමයි, ඉස්සො රස නූලට තියෙන්න හදපු අර සීනි සම්බෝලෙ වගේ එකයි, වම්බටු පැහියයි, අළු කෙහෙල් හින්දුමයි, අපි කට්ලට් කියන හැබැයි හරිම නම ‘ෆ්‍රිකැඩල්’වෙන බැදුමයි. ආයෙ ඉතින් නොම්මර එකයි ඈ...

හැබැයි එකක් මතක තියාගන්න. ෆැබ් එකෙන් ලම්ප්රයිස් ගන්නව නම් අඩුම තරමෙ එකට කලින්වත් යන්න ඕන. මොකද හොඳම කොළිටි නිසා, ඉක්මනට ඉවර වෙනවා…

VOC Cafe (Dutch Burgher Union)

ඔරිජිනල් ම ලම්ප්රයිස් ඔරිජිනල් ම කට්ටියගෙ අතින්... රස බලන්න, යන්න තුම්මුල්ලෙ වී. ඕ. සී. කැෆේ එකට. අනික එතන චිකන් විතරක් නෙවෙයි පෝක්, බීෆ් ලම්ප්රයිස් එහෙමත් තියෙනවනෙ. නියම ගානට කුළුබඩු දාලා, හීනියට ලියල හදන මස් කරි හින්දුම නිසා තමයි මෙයාලගෙ ලම්ප්රයිස් සෑහෙන්න නැගල යන්නෙ. හැබැයි ඉතින් එහෙමයි කියල කූනිස්සො මැල්ලුම, වම්බටු පැහුම, ෆ්‍රිකැඩල් එකේ එහෙම අඩුවක් නෑ. අර එකම අවුල තියෙන්නෙ ගාණ ටිකක් වැඩි එක තමයි. හ්ම්... රු. 700ටත් එහා මගෙහිතේ.

Green Cabin

ශ්‍රී ලංකන් ලම්ප්රයිස්?

අන්න එයින් එකක් කනව නම් මෙන්න නියම තැන. ‘ග්‍රීන් කැබින්’. මෙයාලගෙ ලම්ප්රයිස් එකෙයි ඔරිජිනල් එකෙයි වෙනස තමයි අර හීනියට ලියල හදන චිකන් කරි හින්දුම වෙනුවට, ඒ රසටම වගේ හදපු තඩි චිකන් පලුවක් එන එක. ඒකයි ඉස්සො සම්බල් එක වෙනුවට ගොඩක් දුරට සීනි සම්බල් එන එකයි. ඒ හැරුණාම ඉතින්, අනිත් ටික නම් එලෙසමයි. හැබැයි ඉතින් බත ටිකක් සැරයි. ඒ නිසා... කෝක් බඩියක් වගේ තිබ්බ නම් රම්පෙට පොරි හැළෙයි, ඈ...

Sponge

මෙන්න අපේ රසට ලම්ප්රයිස් හදන, අනිත් හොඳම තැන. මෙයාලගෙ නම් දෙයියනේ කියල එක වෙනසයි තියෙන්නෙ. ඒ ඉස්සො මැල්ලුම වෙනුවට සීනි සම්බල් එන එක විතරයි. අනිත් ඔක්කොම වගේ ඉතින් ඔරිජිනල් තමයි. හැබැයි… රස නම් පොඩ්ඩක් වෙනස්. ඒ, මෙයාලා පාවිච්චි කරන කුළුබඩු තනිකරම ශ්‍රී ලංකන් නිසා වෙන්න ඕන. හැබැයි ඉතින් ගාණෙ හැටියට නම්... සුපිරිම ලම්ප්රයිස් එක මචං..! 

Gihan's Family Restaurant

ම්... හොඳ නරක දෙක මැද, රස පදම ගොඩ දාගන්න උත්සාහ කරන ලම්ප්රයිස් එකක්. පොඩි පොඩි අවුල් ගොඩක් තියෙනව ඒකෙ හැදෙන්න. එකක් තමයි තෙල් වැඩි එක. අනිත් එක පාවිච්චි කරන කුළුබඩුවල කොලිටිය මීට වැඩිය හොයල බලල ගත්ත නම් හොඳයි මගෙහිතේ. ඒ හැරුණාම ඉතින් බත තනිකර ම කහබත්, බිරියානි අතර එකක්. මොකද ඒකෙ කජු එහෙමත් තියෙනවනෙ. එතකොට... චිකන් එකත් නෝමල් ම කරි චිකන් එකක්. අනේ මන්දා ඉතින්. කොහොම හරි කෝක් බඩියක්වත් තිබ්බෙ නැත්නම් ‘ගිහාන්ස් ලම්ප්රයිස්’ නම් ගොඩ ගන්න බැරි ගානයි,

හ්ම්...

ඔය හැරුණාම ඉතින් තව... බැම්බු රූම්, හොටෙල් නිපොන්, ඩොන්ස් ඩෙලි වගේ තැන්වලත් සුපිරි ලම්ප්රයිස් ටිකක් තියෙනව. ඔය පුළුපුළුවන් වෙලාවලට ගහිල්ල බලන්නකෝ... හැබැයි බලල අපිටත් කියන්න හොඳේ. මොකද අපිත් ආසයිනෙ දැනගන්න විස්තරේ!

කොකා කෝලා අනුග්‍රහයෙනි..

Leave a comment
Last 7 Days

Trending Today