Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

පිටකොටුව හුවමාරුව - Pettah Interchange

බර්ලින් සිට කොළඹ දක්වා කලාකරුවෝ කොළඹ කොටුවේ පැරණි ගෆූර් ගොඩනැඟිල්ල පවරාගෙන එහි රසවත් සංගීත හා නර්තන රාත්‍රියක් පවත්වන්නට සැරසෙති.

  • Gaffoor Building, Main Street, Colombo Fort

Event Starts

11 August, 2012 at 20:00

Event Ends

11 August, 2012

Entrance Fees

Rs. 1000

මේ කුතුහලය දනවන සිදුවීම වනාහි ජාත්‍යන්තර කලාකරුවන් ලංකාවේදී එකට එක් කළ පුළුල් ශබ්ද කඳවුරක උච්ච්ස්ථානයයි. අගෝස්තු 11දා ඓතිහාසික ගෆූර් ගොඩනැඟිල්ලේදී කදිම නිර්මානශීලී සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. 'යමු' මේ ගොඩඩනැඟිල්ලේ ඇති  Harbour Stop නම් පැය 24 පුරා විවෘත අවන්හල ගැන දැනටමත්  විවරණයක් ‍ඉදිරිපත් කර තිබෙනවා.

එක් දිනකට පමණක් මේ කලාකරුවෝ ඒ ස්ථානය විවේක ශාලාවක් හෙවත් ලවුන්ජ් එකක් බවට පත් කරාවි. ඔවුහු එයඅද්දර ඇති කාර් නැවතුම්පොළක් වැනි අවකාශයේ සංගීත සෙල්ලම් කරාවි.

මේ හරිම රසවත් සංගීතයක්. ඒ වගේම කොළඹ කොටුවට ඉතා රසවත් සංවර්ධනයක්.

...

BorderMovement බ්ලොගයෙන්:

"අගෝස්තු 11දා කොළඹ කොටුවේ පැවැත්වෙන ශබ්ද කඳවුරු සාදයේ සූදානම් කිරීම් තවමත් කෙරෙනවා. අපේ සිත්වල ඇති සංගීතය, අදහස් හා පරිසරය යථාවත් කළ හැකි ගුණාත්මක සමාජ ශාලාවක් කොළඹින් සොයා ගන්න බැරි වුණ නිසා අපි මෙය බර්ලින් විලාසිතාවෙන් කරන්න තීරණය කළා. ඒ අනුව සිදු වන්නේ පැරණි, හිස්, පාවිච්චි නොකරන ගොඩනැඟිල්ලක් එක් සාදයක් සඳහා යළි පණ ගැන්වීමයි.

පාතාලය, ඉහළ තලය හෝ ඔබ එය හඳුන්වන්න කැමති ඕනෑම ලෙසකට කියන්න. මේ වනාහි නගරයේ මේ පැරණි ප්‍රදේශයේ සමාජ ශාලා ඉතිහාසය නව ගොඩනැඟීමක්.

කොළඹ අහිගුණ්ඨිකයන්වත්, පිටකොටුවේ අවතාරත් අවසානයේදී එක් කරන උත්සවයක්.

ස්ථානය ඇත්තෙන්ම මනස අවදි කරන තැනක්. කොළඹ කොටුව ප්‍රදේශයේ වරාය අද්දර පිහිටි එය දශක තුනක් පමණ නාවික හමුදා ආරක්ෂක විධිවිධාන අනුව සීමා කර තිබූ ප්‍රදේශයකයි පිහිටියේ.  ගෆූර් ගොඩනැඟිල්ල ගරා වැටිලා. හැබැයි, ඒ තත්වයෙන් එය හරි සිත් ඇද ගන්නාසුළුයි.

ප්‍රධාන ශාලාවත්, සජීවී ශාලාවත්, බීමහලකුත්, යටි බිම් මහලේ පිහිටි වාහන නැවතුම්පළේ සැකසෙනවා. මේ වනාහි අතීතයේදී බෝට්ටු නවත්වන්නට පාවිච්චි කළ තැනක්.

විවේක ශාලාකුත්, කොක්ටේල් බීමහලකුත් පළමු මහලේ බත් හා ව්‍යංජන පිරිනමන අවන්හල අසල පිහිටුවනවා. "

ඔවුන්ගේ වෙබ් අඩවියේ මෙසේ සඳහන් වනවා.

"ගෆූර් ගොඩනැඟිල්ලේ මහල් දෙකක සුවිශේෂ වාතාවරණය තුළ දකුණු ආසියානු ශබ්ද කඳවුරේ සහභාගිකයෝ සිය සාමූහික කෘතීන් කොළම ප්‍රෙක්ෂකයන්ට ඉදිරිපත් කරති. පිටකොටුව හුවමාරුව හෙවත් Pettah Interchange මහාද්වීප දෙකක ස්වාධීන දර්ශනවල උණුසුම් තැන් කරා ඔබ ගෙන යන චාරිකාවක ආරම්භයයි. පර්යේෂණාත්මක ශබ්ද සංධ්වනිවල සිට නැටවෙන, අධි ශබ්ද සමාජ ශාලා තනු දක්වා විහිදෙන වත්මන් විද්‍යුත් සංගීත නිෂ්පාදනයේ මුළු පරාසයම අත්විඳින්න. "

සුවිශේෂ කලාකරුවෝ:

Jahcoozi / Berlin Kini Rao / Bangalore Ish (Soundreasons) / Delhi Khan of Finland / Berlin Yashas Shetty / Bangalore Raumagent Alpha / Berlin Rahul Ananda / Dhaka Jackmate / Stuttgart Max Turner (Puppetmastaz, Meteroids) / Pondicherry Asvajit / Colombo Gebrüder Teichmann / Berlin Gaurav Malaka / Delhi & more guests"
පිටකොටුව හුවමාරුව - Pettah Interchange

Leave A Comment