Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

31 රෑ පාටිය (Colombo Courtyard Presents: New Year's Eve 2016)

ලස්සන සංගීත පාරක් එක්ක පොඩි ෂොට් එකක් දාන ගමන් සුපිරි කෑම වේලක් රස බල බල 31 රෑ ෆුල් ආතල් එකේ ...

  • Cloud Café, 32 Alfred House Avenue, Colombo 3.

හෙට රෑ මොකද කරන්නෙ, කොළඹ පැත්තෙ පොඩි පාටියකට සෙට් වෙමුද ?

ලස්සන සංගීත පාරක් එක්ක පොඩි ෂොට් එකක් දාන ගමන් සුපිරි කෑම වේලක් රස බල බල 31 රෑ ෆුල් ආතල් එකේ ඉන්න කැමති යාළුවො සේරටම පුළුවන් බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරෙ තියෙන Colombo Courtyard එකේ Cloud Cafe එකට සෙට් වෙන්න. ඒ විතරක් නෙවෙයි TNL ගුවන් විදුලි සේවාවත් එක්ක DJ තරිඳු එකතු වෙලා කරන සජීවී සංගීත ප්‍රසංගයෙ හොඳටම විනෝද වෙන යාළුවන්ට ලොකු ලොකු තෑගිත් දෙනවා.

පාටියට ඇතුල් වෙන සාමාන්‍ය ටිකට් එක රු. 6,000යි. ඒකට උත්සව බුෆේ එකේ රෑ කෑම වේලකුයි උදේ කෑම වේලයි පිළිගැනීමේ බීම එකයි Scarlet Room එකේ රෑ කෑම වේලට 25%ක වට්ටමකුයි ලැබෙනවා. (ජනවාරි 31 වෙනකම් විතරයි.

ඒ හැරුණාම ජෝඩු වලට රු. 10,000ක විශේෂ ටිකට් එකකුත් තියෙනවා. ඒකට නම් උත්සව බුෆේ එකෙන් රෑ කෑම වේලකුයි උදේ කෑම වේලයි පිළිගැනීමේ බීම එකයි එක්ක Scarlet room එකේ රෑ කෑම වේලට 25%ක වට්ටමක් හරි Amber Spa එකට 50%ක වට්ටමකුත් ලැබෙනවා.

අවුරුද්දෙ අන්තිම රෑ පාටියෙ කවුද ඉතින් පොඩි ෂොට් එකක් නොදා ඉන්නෙ?

Cloud Cafe එකේ පාටියෙ, බොන කට්ටියට වියහියදම් මෙහෙමයි. 4 දෙනෙක් ඉන්න මේසෙකට ස්කොච් විස්කි බෝතලයකුයි වොඩ්කා බෝතලයකුයි ගත්තොත් එක බෝතලේකට වැටෙන්නෙ රු. 2000යි. ඕන නම් රු. 1500ට වයින් බෝතලයක් ගන්නත් පුළුවන්.

ඒක නෙවෙයි ඔයාලා ගන්න බෝතල් වල වලටත් පාටිය අන්තිමේ තෑගි ලැබෙන්න පුළුවන් කියල මතක තියාගන්න.

31 රෑ පාටිය (Colombo Courtyard Presents: New Year's Eve 2016)

See 1 Comments