No: 63 , Cocowaththa road, Badulla
Open until 09:00 PM
Miyon at Badulla town dishes out a range of authentic Sri Lankan cuisine. They're known for their rice and curry.
පාන්දර 5යි බස් එකෙන් බහිද්දි. පොල්ලෙන් ගැහුව වගේ නින්ද ගිය නිසා බදුල්ල ටවුන් එකෙන් බහිද්දිම මම හිටියෙ පොඩි හෝන්දු මාන්දු ගතියකින්. වතුර බටෙත් කටේ ගහගෙන එහෙට මෙහෙට ඇවිද්දට මොකද පියවි සිහියට එන්න ටික වෙලාවක් ගියා. ඊට පස්සෙ ඉස්ඉස්සෙල්ලාම කළේ ශරීරකෘත්‍ය කරන එක. දන්නැද්ද ඉතින් පොදු වැසිකිළිනෙ. සෙනිකව ඇතුළට ගියාට එළියට එන්න සෑහෙන වෙලාවක් යනව.
දතකට මැදගෙන, මූණකට හෝදගෙන එළියට ආවට පස්සෙ මම ළඟම කඩේට ගිහින් ටී එකක් ගැහුවා. ඒ වෙද්දි වෙලාව උදේ 6ට විතර ඇති. ආ… කියන්න බැරි වුණානෙ, මම බදුල්ලෙ ආවෙ පස්සර, මඩොල්සිම පාරෙ දිය ඇලි ටිකක් කවර් කරන්න. මට, පස්සර බස් එක තිබුණෙ උදේ 6.45. ඒත් නොකා ගියොත් කේස් නිසා මම කල්පනා කළා හොඳට කාලා යන්න කියල.
ඒත් කොහෙන්ද හොඳ කෑම කඩයක්?
එහේ මෙහේ ඇවිදල බැරිම තැන තමයි බදුල්ලෙ ඉන්න යාළුවෙක්ට කෝල් කළේ.
“ඔය මචං, බදුල්ල සෙන්ට්‍රල් හොස්පිට්ල් එක ගාවින් හැරෙන පාර කෙළවරේම තියෙනව මියොන් කියල කඩයක්. ඒක තමයි සාමාන්‍යයෙන් උදෙන්ම අරින්නෙ. හැබැයි 7 විතර වෙයි. කෝකටත් පොඩ්ඩක් ගිහින් බලහන්කො.”
මළා… දැන් මොකද කරන්නෙ. 7ට කෑවොත් බස් එක මිස් වෙනව. හැබැයි බදුල්ලෙන් සෙට් වෙනව කිව්ව යාළුවත් තාම නෑ. ටික වෙලාවක් කල්පනා කරපු මම අවසන් තීරණයකට ආවා.
“පරක්කු වෙලා හරි කමක් නෑ හොඳට කාලා යනව”
එහෙම හිතල මුතියංගණය පැත්තෙත් රවුමක් දාලා, යාළුව කියපු කඩේට කිට්ටු කළා 7.20ට විතර.
ෂහ්! බලන්න එපැයි කඩේ හැඩ. අතුගාලා, කහ ඉහලා, හඳුන්කූරු පත්තු කරල සුවඳේ බෑ. ඒකත්, ඇතුළට ගියා විතරයි සේවක නැන්ද කෙනෙක් ලස්සන හිනාවක්, සුහද ගුඩ්මෝර්නින්ග් පාරක් දාලා මාව පිළිගත්තෙ.
“නැන්දෙ මට දෙන්නකො රතු බත් එකක්. පොල් සම්බෝල ටිකක් වැඩිපුර දාලා හොඳේ. කිරි මාළු කරියකුත් ගේන්න”
“එතකොට හරිද. මට ගේන්න නැන්දෙ නූඩ්ල්ස් එකක්. චිකන් කරියකුත් ගේන්න” මං බැලුව කවුද කියල. බැලින්නම් යාලුවත් ඇවිල්ල කියන්නකො හොරාට, මගෙ පිටිපස්සෙන්.
කෑම ඕඩරේ දාලා අපි දෙන්න හෙමිහිට අයිනෙ මේසයක් අල්ලල වාඩි වුණේ ගමනෙ පොඩි ප්ලෑනක් ගහන්න කියල. ඒත් කොහෙද, කතාව පටන් ගන්න හම්බවුණේ නෑ, මෙන්න කෑම ටික මේසෙ උඩ.
රැයක් බස් එකේ ආපු මගේ බඩගින්න ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. යාලුවා හිටිය නැතා මම බත් පිඟාන ළංකරගෙන වැඩේ පටන් ගත්ත. ෂප්පේ! ටොප් පොල් සම්බෝලෙ. තව දෙහි ටිකකුයි, උම්බලකඩ කෑල්ලකුයි ආව නම් පංකාදු පහයි. කොහොම වුණත් සම්බෝලෙ සැර හොඳට තිබ්බ නිසා ලොකු අවුලකුත් නෑ. හැරත් උණුඋණු රතු බතට ටොප් එකට කැපෙනවනෙ. සම්බෝලෙ රස උලුප්පල ගන්නෙ මාළු මිරිස්, කරවල තෙල් දැමුම තමයි. ඒකෙත් සැර ගතියයි, කටගැස්මයි නියමෙට තියෙන නිසා තලු මරමර කන්න පුළුවන්. කොහොම වුණත් මෙයාලගෙ පරිප්පු එක නම් සාමාන්‍යයි. විශේෂයෙන් කියන්න දෙයක් නැති තරම්. ඒකට බලන්න එපැයි කිරි මාළු එක. ලොකු කූරි මාළු කෑල්ලක් එක්ක, උණුඋණුවෙ, කිරි රහට, ගම්මිරිස් සැරත් ගානට තියෙන්න… ආයෙ කියල වැඩක් නෑ හොඳ්. අපරාදෙ, මට පස්සෙ හිතුණෙ ඒකත් එක්ක පාන් කෑල්ලකුත් රස බලන්න තිබුණනෙ කියල.
කාගෙන කාගෙන ගිහින් 3/4ක් විතර කාලා ඔළුව උස්සද්දි තමයි දැක්කෙ යාලුවත් එකසිය ගානට දෙසා බානව කියල. නිකම් ආසාවට වගේ යාලුවගෙ එකටත් අත දාලා ගත්ත නූඩ්ල්ස් කටක්. අරගෙන කාලා බැලුව චිකන් කෑල්ලක් එක්ක.
අප්පටසිරි! ඒකත් මරු ඈ… කැරට්, ලීක්ස්, ලූණු මදි නොකියන්න දාලා, බිත්තරත් කැරලි වෙන්න දාලා, ඒ මදිවට බුල්සායි එකකුයි, බැදපු ලොකු සොසේජ් එකකුයිත් උඩින් තියෙනවනෙ. අනික නූඩ්ල්ස් එකේ ගානට තියෙන වේලුණු ගතියට චිකන් හොදිත් මරුවට ගැළපෙනව. ඒ එක්කම සැර ගතියත් හැදෙන නිසා ගමකට කතහැකි.
කාලා කාලා, ඌරො වගේ වැටිල හිටියට මොකද අපි දෙන්න කරන්න ආපු වැඩෙත් ඔළුවෙ පැත්තක තිබුණ. ඒ නිසා විනාඩි 5 කතා බහකින් වැඩේ ප්ලෑන් කරල සෙනිකව එළියට බැස්ස. හැබැයි නිකම් නෙවෙයි මුළු ලංකාවටම එකයි, මියෝන් ‘නියමයි’ (අමුතුම රසකට හැදෙන සුපිරි සොසේජ් බන් ජාතියක්) 4කුත් අරගෙන.
Open until 09:00 PM
Cuisine
Asian Western Sri Lankan Thai Sri Lankan Chinese Fast Food Fusion Bakery
Price Range
Dish Types
Noodles Eggs Seafood Sweets Pasta Vegetarian Kottu Biriyani Rice And Curry Fried Rice Chicken Fried Chicken Fish Cuttlefish Cakes Cupcakes Bready Burgers Sandwiches Wraps Parata Short Eats Fruit Juice Milkshakes Bites Roti Chocolate
Ratings Breakdown
Great place to have a delicious Sri Lankan buffet…
Calm & cool place to have a great Sri Lankan,…
5/5
Faceless
There are not many places to try something new in Badulla. But Miyon offers different varieties, something new and something with a delicious twist. Compared to other restaurants in Badulla I have to say, Miyon is the only restaurant that is worth your money.