Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

Kandy War Cemetery

Deveni Rajasinghe Mawatha, Peradeniya


The Kandy War Cemetery is a British military cemetery in Kandy, Sri Lanka.



මේ සුසාන භූමිය තියෙන්නේ පේරාදෙණියේ. මෙතනට පේරාදෙණියේ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා තියෙන්නේ කිලෝ මීටර 4.7ක් වගේ. නුවර පාරේ ගැටඹේ පන්සල පහුකරලා වම් පැත්තට හම්බුවෙන පළවෙනි පාර, ඒ කියන්නේ දෙවැනි රාජසිංහ මාවත දිගේ කිලෝමීටර් 1 ½ ගියාම දකුණු අත පැත්තේ තමයි මේ කියන සුසාන භූමිය පිහිටලා තියෙන්නේ (Earl’s Regent Hotel එක තියෙන පාරේ).

මේ සුසාන භූමිය ප්‍රමාණයෙන් බොහොම පුංචියි. ඒ වුණාට බොහොම හොඳට පිළිවෙළකට නඩත්තු කරන බවක් පේන්න තියෙනවා. සුසාන භූමියට ඇතුළුවෙද්දි බොහොම නිස්කලංක ගතියක් තියෙනවා. හැම සොහොන් කොතක්ම එකම ආකෘතියකට බොහොම පිළිවෙළකට හදලා. එකම වෙනස වෙන්නේ ඒ සොහොන් කොත්වල කොටලා තියෙන පුද්ගලික විස්තරයි නිල ලාංඡනයයි විතරයි. ඒ වගේම ඇතුළුවෙද්දිම ඇහැ යන තව දෙයක් තමයි තරමක් උස් තැනකට වෙන්න ඉදිකරලා තියෙන ලොකු කුරුසය. කුරුසෙන් දකුණු පැත්තට වෙන්න තියෙන කොංක්‍රීට් වලින් හදපු පුටුව එක්තරා විදියක පාළු ගතියක් සුසාන භූමියට එකතු කරනවා.

දෙවැනි ලෝක යුද්ධ කාලේ, 1942 අප්‍රේල් මාසේ 5වැනිදා කොළඹ වරායටයි, 9 වෙනිදා ත්‍රිකුණාමාලේ වරායටයි එල්ල වෙච්ච ප්‍රහාර වලින් මියගියපු සොල්දාදුවන්ගෙයි බුරුමෙට ඒ කියන්නේ දැන් මියන්මාරෙට යවන්න කලින් ලබාදුන් කැලෑ  සටන් පුහුණුවේදී මියගියපු සොල්දාදුවන්ගේ සිරුරුවලින් කොටසක් තමයි මෙතැන මිහිදන් කරලා තියෙන්නේ.

මේ සුසාන භූමියේ මිහිදන් කරලා තියෙන සිරුරු ගාණන 203ක්. නාවික හමුදා සෙබළුන් 16 දෙනෙක්, පාබල හමුදා සෙබළුන් 151 දෙනෙක්, ගුවන් හමුදා සෙබළුන් 32 දෙනෙක්, වෙළඳ නාවිකයෙක්, ගිනි නිවන හමුදාවේ එක් අයෙක් සහ හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනෙකු මෙතන මිහිදන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන මිහිදන් කරලා තියෙන පුද්ගලයන්ගෙන් 107 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්, 6 දෙනෙකු කැනේඩියානු ජාතිකයන්, 23 දෙනෙකු ඉන්දියානු ජාතිකයන්, 35 දෙනෙකු පෙරදිග අප්‍රිකානුවන්, 26 දෙනෙකු ශ්‍රී-ලාංකිකයන් සහ ප්‍රංශ හා ඉතාලි ජාතිකයන් එක් අයෙකු වෙනවා.


TIP

උදේ වැඩිය අව්ව වැටෙන්න කලින් ගියොත් ගස් අතරෙන් ඉර එළිය වැටෙන එකත් එක්ක අමුතුම දර්ශණයක් බලාගන්න පුවන්කම තියෙනවා.

Address

Deveni Rajasinghe Mawatha, Peradeniya

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment