No 35 Hill St, Dehiwala-Mount Lavinia
Open until 11:00 PM
There's a new 1979 in Dehiwala now, with BYOB and Sri Lankanised Chinese food.
1979 කියන්නෙ ලංකාවේ විදිහට චයිනීස් කන්න යමු එකේ අපි යන්න ආස ම තැනක්. BYOB පහසුකම එහෙමත් තියනව නේ. බොරලැස්ගමුව 1979 එකට අමතරව දැන් දෙහිවලත් 1979 එකක් ඕපන් කරල කියල දැනගන්න ලැබුණාම එතෙන්ට ගොඩ නොවී කොහොමද!
මේ රෙස්ටොරන්ට් එක පරණ තාලේ ගෙයක් මොඩිෆයි කරල තමයි හදල තියෙන්නෙ. ඇතුළේ වගේ ම ගාඩ්න් ඒරියා එකෙත් වාඩි වෙලා කන්න බොන්න පහසුකම් තියනවා. අපි වාඩි වුණේ ගාඩ්න් ඒරියා එකේ තියන කොනේ ම ටේබල් එකේ. පුංචි පාටියක් එහෙම දාන්න ඕන නං ඒකටත් මේගොල්ලො රෙස්ටොරන්ට් එක ඇතුළේ පහසුකම් සලසල තියනවා.
මෙතන මෙනු එක සෑහෙන දිගයි. ඒ වගේ ම හැම කෑමකට ම ලංකාවෙ රහක් එකතු කරල තියනවා. අපි තෝර ගත්තා 1979 ස්පෙෂල් රයිස් එකයි (රු. 920), සිෂුවාන් ස්ටයිල් ප්‍රෝන්ස් විත් කැෂුනට්ස් එකයි (රු. 1200), ගෝල්ඩන් ගාලික් ෆ්‍රයිඩ් චිකන් එකයි (රු. 850), ස්වීට් ඇන්ඩ් සවර් පෝක් එකයි (රු. 850).
මේ තියෙන්නෙ 1979 ස්පෙෂල් රයිස් එක. තුන් දෙනෙකුට විතර සෑහෙනවා. චිකන්, ඉස්සො, සීෆුඩ්, කජු එහෙම දාල සරුවට හදල තිබුණා. සීසනිං එහෙමත් තිතට. ඉතිං මේකෙ රස ගැන අපි සෑහෙන සතුටුයි.
බැටර් ෆ්‍රයි කරපු ඉස්සො, ලූනු, කැරට්, කජු එක්ක මික්ස් කරල ආපු සිෂුවාන් ස්ටයිල් ඉස්සො එකේ තිබුණෙ ටිකක් වේලුණ ගතියක්. හොඳ සැරට තිබුණ නිසා රසේ ලොකු අවුලක් නෑ. ඒත් තෙල් ගතිය වැඩියි.
කරපිංචා, රම්පෙ, සේර, ලූනුවලින් හැඩ කරපු ගෝල්ඩන් ගාලික් ෆ්‍රයිඩ් චිකන් එක මේ. පෙනුම ඉස්තරම්. බැටර් ෆ්‍රයි කරපු චිකන් ටික ක්‍රිස්පි ගතියට වගේ ම කටට මෙළෙක් ගතියට තිබුණා. හැබැයි ලුණු වැඩියි. ඒ වගේ ම ගාලික් ෆ්‍රයිඩ් චිකන් කිව්වට මේකෙන් ගාලික් රහක් නං ආවෙ නෑ.
ඔක්කොම කෑම අතරින් වැඩිපුර ම අපේ හිත ගියේ ස්වීට් ඇන්ඩ් සවර් පෝක් එකට. මේකෙන් ස්වීට් ඇන්ඩ් සවර් ගතිය හොඳට ආවා වගේ ම කැරට්, බෙල් පෙපර්, අන්නාසි කෑලිත් මදි නොකියන්න දාල තිබුණා. පෝක් කෑලි ටිකට ක්‍රිස්පි ගතියක් ඇවිත් තිබුණෙ පෑන් ෆ්‍රයි කරල වෙන්න ඕනේ.
කලින් කිව්වා වගේ මෙතන BYOB පහසුකම තියනවා. ඒත් එක්කෙනෙකුට රු. 1500ක වගේ මුදලක් අය කරනවා. ඒ ඇරෙන්න මෙයාල ළඟ ෆෘට් ජූස් එහෙමත් තියනවා. අපි පයිනැපල් ජූස් එකයි (රු. 300) ඔරේන්ජ් ජූස් එකයි (රු. 300) ඕඩර් කළා.
අන්නාසි බීම එක දොඩං එකට වඩා සෑහෙන හොඳයි. දොඩං බීම එකේ දිය ගතිය ටිකක් වැඩියි වගේ ම පැණි රහත් වැඩියි. අන්නාසි එක නං සීනි, ලුණු, ඇඹුල් ගාණට මික්ස් වෙලා රහට තිබුණා.
දෙහිවල 1979 එකේ කාර්ය මණ්ඩලය සුහදව මිත්රශීලීව අපිට කෑමබීම සර්ව් කළා. අපි ගිය වෙලාවෙ ගාඩ්න් ඒරියා එක පිරෙන්න හොඳට ම සෙනඟ. ඒත් අපේ කෑමබීම විනාඩි 15ක් ඇතුළත වගේ මේසෙට ආවා.
සමස්තයක් විදිහට අපි මෙතනින් ලබපු අත්දැකීම නරක නෑ. හැබැයි කෑමබීම අතින් නං බොරලැස්ගමුවේ තියන මෙයාලගෙ අනෙක් 1979 රෙස්ටොරන්ට් එකේ තත්ත්වෙට තාම මේගොල්ලො ලං වෙලා නෑ. ඊළඟ වතාවෙ මේ පැත්තෙ යද්දි මෙයාලගෙ කෑමබීම රසගුණ සහ කොලිටිය තව වැඩි දියුණු වෙලා තියෙයි කියල අපි හිතනවා.
Open until 11:00 PM
Cuisine
Price Range
Dish Types
Rice Eggs Meats Seafood Vegetarian Kottu Fried Rice Pork Chicken Fish Crab Cuttlefish Fruit Juice Soup
Ratings Breakdown
Good place for snacks & short eats, but other food are ?
The warm reception we received on arriving at Earl's was…
3/5
The review is about Dehiwala Branch
Below 2 dishes damaged the overall experience of the visit
-1979 fried chicken with dry chili
-Fried moda fish
It was too salty may because of the too much MSG added to the food
Overall average experience and no wow factor in it. Plenty o improvements required.
Service levels need to be improved on a higher scale
I would rate 3 out 5
The review is about Dehiwala Branch
Below 2 dishes damaged the overall experience of the visit
-1979 fried chicken with dry chili
-Fried moda fish
It was too salty may because of the too much MSG added to the food
Overall average experience and no wow factor in it. Plenty o improvements required.
Service levels needs to be improved on a higher scale
I would rate 3 out 5
3/5
JaySEan
The review is about Dehiwala Branch
Below 2 dishes damaged the overall experience of the visit
-1979 fried chicken with dry chili
-Fried moda fish
It was too salty may because of the too much MSG added to the food
Overall average experience and no wow factor in it. Plenty o improvements required.
Service levels need to be improved on a higher scale
I would rate 3 out 5