Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

3/5

Newprema

05Madiwela roadThalawathugoda


Best place to try uncommon kinds of Kottu.



ඒ දවස්වල කෑවට පස්සෙ සෑහෙන්න මිස් වෙලා තිබ්බෙ. වෙන දෙයක් නිසා නෙවෙයි කඩේ අයිතිකාරය මාරු වුණාට පස්සෙ කෑම බීම සේරම වගේ සවුත්තුවෙලා ගියානෙ. ඉස්සර මට මතකයි ඕකෙ පෝර්ක් කරියක් තියෙනවා... ආයෙ තලවතුගොඩ හතර මායිමම දන්නව ඒකෙ රස. කොටින්ම කියනව නම් පාන් ගෙඩියක් ගේමක් නැතුව ගිල්ලහැකි ඒකත් එක්ක.

කොහොම හරි එහෙම වැටුණ කඩේ, යළි පිබිදීම සිද්ධ වෙන්නෙ දැනට අවුරුද්දකට වගේ කලින් ඉඳන්. ඒකත් වැඩි හරියක්ම අලුතෙන් වැඩට ආපු කොත්තු බාස් අයියා නිසා. ඇත්තටම එයා නම් සුපිරි පොරක්. නිකං ෂෝටයි බාටයි දාගෙන හිටියට, එක එක අළුත් අළුත් රසවලට කොත්තු, රයිස් දාන්න ගජ හපනා.

ඉතින් පහුගිය දවසක මට එයාව මතක් වුණා.

“යන්න ඕන ලොක්කයියගෙ කොත්තුවක් කන්න!”

වැඩ ඇරිලා ගෙදර යන හැන්දෑවක් අල්ලපු මම හිමින් සැරේ කඩේට ගොඩ වුණා. මෙන්න බොලේ කඩේට ගොඩ වෙනවත් එක්කම ලොක්කයියා එනව ඉස්සරහට. දන්නවනෙ ඉතින් කාලෙකින් හොඳ පිට් පොරක් හම්බවුණාම, 5ක් එහෙම දාලා…

“අයියා, රෝස්ට් චිකන් චීස් කොත්තුවක් දාමුද?”

“හ්ම්ම්… කොල්ලො, චීස් නම් ඉවරයි මයෙ හිතේ. වෙන එකක් බලමුද?”

“එහෙනම් මොනවද ගන්නේ? රෝස්ට් චිකන් එක්ක….”

“බිත්තරයක් දාලා දෙන්නද? බුල්සායි එකක් දාලා රෝස්ට් චිකන් එක්ක. ගම්මිරිස් වැඩි කරල, හොදි අඩු කරල. (රු. 300)

කාලා බලමු කාලා බලමු ඉන්නකෝ…”

කිව්වත් වගේ ලොක්කා අළුත් රෙසිපියක් දෙන්න යන්නෙ. හැබැයි නරකක් නම් වෙන්න බෑ. බුල්සායි එක්ක රෝස්ට් චිකන්නෙ. වැඩේ කියන්නෙ කොත්තුව ඕඩර් කරන අතරට මට මගේ පරණ යාළුවෙකුත් සෙට් වුණා. බැලින්නම් එයත් කොත්තු කන්න ඇවිත්. ඒකත් වෙලාවද මන්දා යාළුව ඕඩර් කලේ මම ජීවිතේට අහල නැති ‘බැදපු මාළු කොත්තුවක්’ (රු. 250) කියන්නකො. දැන් ඉතින් කොත්තු දෙකම මේසෙට එනකම් මට ඉවසිල්ලක් නෑ. ඇයි අප්පා කවද කාපු කොත්තුද මේවා!

ඊට පස්සෙ ඉතින්…

“ගෑස් ලිපේ යකඩ තැටිය රත් වුණා

ලොක්ක ඇවිත් වැඩේ දෙන්න සෙට් වුණා

ලූණු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලි

තක්ක තකට රිදම් එකට ගානට හැදුණා”

අන්න ඒ වැඩේට, උපරිම විනාඩි 10ක් යන්න ඇති. උණුඋණු කොත්තු දෙක දුම් දදා මේසෙ උඩ. හප්පේ සුවඳ, හැරත් පෙනුම, සත්තයි යාළු දැක්කාම කටට කෙළ උනන ගානයි. ඇයි ඉතින් මාර කලර් මැචින්ග් එකක්නෙ තියෙන්නෙ. කහ පාට රොටි කෑලි අතරට දුඹුරු පාට තඩි රෝස්ට් චිකන් කෑලි. ඒ විතරක් නෙවෙයි එහෙන් මෙහෙන් සුදු පාට බුල්සායි කෑලිත් තියෙනව. හැබැයි වැඩි හරියක්ම ඇහැ ඩැහැ ගන්නෙ නම් රතු පාට කැරට් කෑලි ටිකයි, කොළ පාට ලීක්ස් කෑලි ටිකයි තමයි. කිව්වට විශ්වාස කරන්න ඒ පෙනුමටත් දෙගුණයක් එහා ගිය රස. හිතන්නකො ලුණු, ගම්මිරිස් පදමට දාපු හාෆ් බොයිල් බිත්තර ගෑවුණු රෝස්ට් චිකන් කෑල්ලක රස. ටොපේ ටොප්! ඒ විතරක් නෙවෙයි කොත්තු රොටියෙත් පුදුම රහක්නෙ තියෙන්නෙ. අනික හොදි ටිකක් අඩුවෙන් දාලා නිසා තලපෙ වගෙත් නෙවෙයි. ඕන නම් ඉතින් හොදි ටිකක් දා ගන්නත් පුළුවන්. එතකොට රස තවත් වැඩි වෙනව. හැබැයි ඉතින් කල්තියාම කියන්න ඕන ලොක්කයියගෙ කොත්තු පොඩ්ඩක් පත්තුවෙන ගානට බරයි. ඒ කිව්වෙ ටිකක් සැරයි, හොඳද.

යාළුවගෙ බැදපු මාළු කොත්තුව චිකන් කොත්තුව තරම් ගති නැති වුණාට ටූනා ෆෑන්ස්ලට නම් සෑහෙන්න වටිනව. මොකද පොඩි ක්‍රිස්පි ගතියක් එහෙමත් තියෙන්න බැදපු මාළුනෙ. අනික මාළුවගෙ කටු අයින් කරල නිසා බයක් සැකක් නැතුව කන්නත් පුළුවන්.

කොහොම වුණත් නිව්ප්‍රේමා එකෙන් කටට සැරට කොත්තු කාලා උණු උණු කිරි තේ එකක් බොන්නත් අපි අමතක කළේ නෑ. මොකද ඒකෙනෙ කෑම වේලෙ ගතිම කෑල්ල තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින් හායි හූයි ගගා එළියට බැස්ස. ඒකත් නිකම් නෙවෙයි ආයෙත් දවසක ලොක්කයියගෙ චීස් කොත්තුවක් අනිවා කන්න යනව කියලත් හිතාගෙන.


TIP

Try roast chicken cheese or omelette kottu


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment