4/5

250 Rupee Biriyani

16, Sangam Ln, Colombo 6


Delicious chicken biriyani for just Rs. 250!


බිරියානි කිව්වම ලංකාවේ බිරියානි ජාති දෙකක් හොයාගන්න පුළුවන්. එකක් පාර දිගට හම්බෙන කොත්තු රයිස් කඩවල පොඩි පොඩි ගණන්වලට තියන බිරියානි. අනික් එක හොඳ හොඳ ඉන්දියන් රෙස්ටොරන්ට්වල තියන ඔතෙන්ටික් බිරියානි. දෙවැනි වර්ගේ ටිකක් ගණන් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔය අතරේ අපිට හම්බුණා රු. 250 වගේ පුංචි ගාණකට හොඳ කොලිටියේ බිරියානි එකක් කන්න පුළුවන් තැනක්. මෙතන නම ම '250 රුපී බිරියානි'. තියෙන්නේ වැල්ලවත්තේ. අපි ගෙන්නගත්තේ පික්මී ෆුඩ් එකෙන්.

කෑම

මෙයාලගෙ මෙනු එක ගොඩක් ලොකු නෑ. චිකන් බිරියානි, චිකන් 65 බිරියානි සහ මසාලා චිකන් බිරියානි තමයි තියෙන්නෙ. ඊට අමතරව චිකන් 65 වෙන ම පෝෂන් එකක් හරි බිත්තර හරි එක්ස්ට්‍රා ඕඩර් කරන්න පුළුවන්. අපි ඕඩර් එක දාන වෙලාවෙ මසාලා චිකන් බිරියානි සෝල්ඩ් අවුට් කියල වැටිලා තිබුණ නිසා අපි ඉතුරු බිරියානි ජාති දෙකෙන් එක ගාණේ ගත්තා. ඒ කියන්නෙ චිකන් බිරියානි එකයි (රු. 250), චිකන් 65 බිරියානි එකයි (රු. 320) ඒ එක්ක ම අමතර චිකන් 65 පෝෂන් එකකුත් (රු. 150).

මේ තියෙන්නේ රු. 250 චිකන් බිරියානි එක. මසාලා රහට බාස්මතී බතක්, චිකන් ලෙග් එකක්, සල්සා ගතියක් එන විදිහට හදපු රයිතා එකක් සහ හොදි ටිකක් තමයි මේකෙ අඩංගු. බත හොඳ සුමුදුවට තැම්බිලා. ඒ එක්ක ම ස්පයිසස් සහ හර්බ්ස්වල රස එහෙම ආවා. ඔතෙන්ටික් බිරියානි රස ම එන්නෙ නැති වුණාට මේ බිරියානි එකට ම ආවේණික වුණ මසාලා රහක් තියනවා. චිකන් ලෙග් එක රසට සුමුදුවට උයලා. රයිතා එක තව පොඩ්ඩක් ක්‍රීමි වුණා නං අපි කැමතියි. ඒත් ඒකෙන් එකතු වුණ කික් එක නං මරු. හොදි ටිකෙන් බතට හොඳ මොයිස්චර් එකක් එක්කාසු වුණා.

චිකන් 65 බිරියානි එකෙත් අන්තර්ගතය කලින් බිරියානි එකේ දේවල්මයි. චිකන් එක විතරයි වෙනස්. චිකන් 65 ක්‍රමයට හදපු පුංචි චිකන් වින්ග්ස් හතරක් තමයි මේකට එන්නෙ. අපි වෙනමත් චිකන් 65 පෝෂන් එකක් ගත්ත නේ. ඒකෙ තව චිකන් වින්ග්ස් තුනක් තිබුණා.

චිකන් 65 කියන්නෙ බත් එක්ක වගේ ම නිකං ස්නැක් එකක් විදිහටත් කන්න පුළුවන් කෑමක් හින්දා මේ මුකුත් අහක ගියෙ නං නෑ. මේ චිකන් ටික හොඳට ඩීප් ෆ්‍රයි වෙලා හොඳ හොට් ඇන්ඩ් ස්පයිසි ගතියට තිබුණා. 

අවසන් වශයෙන්

සමස්තයක් විදිහට මේ අයගෙ කෑමවලට වගේ ම කන්සෙප්ට් එකටත් අපි කැමතියි. සාක්කුවට නොදැනෙන ගාණකට හොඳ රසට උයපු බිරියානියක් කන්න පුළුවන් කියන්නෙ මරු නේ. ඔතෙන්ටික් බිරියානි ම කන්න බලාගෙන ඉන්නව නං මේක හරි යන ඔප්ෂන් එකක් නෙමෙයි. හැබැයි රු. 250යි නේ. ඒ ගාණට පොඩ්ඩක්වත් පාඩු නෑ.

Address

16, Sangam Ln, Colombo 6

Contacts

Facebook E-Mail Instagram

Open until 11:00 PM

Cuisine

Indian

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani Chicken

Ratings Breakdown

Overall Rating
4


Latest