Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

668 Chinese Barbecue

51C, Alexandra Place, Colombo 07


Chinese Barbecue along with other Chinese dishes. Also BOYB.



චීනෙවත් නැති ගාණට ලංකාවෙ චයිනීස් කඩ තිබුණට මොකද ෆ්‍රයිඩ්රයිස්, කොත්තු වගේ ශ්‍රී ලංකන් චයිනීස් මෙනු එකෙන් එහාට ඔරිජිනල් චීන කෑම තියෙන තැන් නම් සෑහෙන්න අඩුයි. ඒකෙනුත් චයිනීස් බාබාක්‍යු තියෙන තැන් අපි අහලා තියෙන්නෙ දෙකතුනයි. ටවුන් හෝල් එක ළග තියෙන 668 එකේ රූෆ්ටොප් බාබක්‍යු එක මේ තැන් කීපයෙන් එකක්.

තැන

මෙතන පහළ තට්ටුවේ මන්සා ටී; ඊළග තට්ටුවේ 668 චයිනීස් රෙස්ටෝරන්ට් එක; රූෆ්ටොප් එකේ තමයි බාබක්‍යු එක තියෙන්නෙ. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන චයිනීස් කඩවල සැරසිලි හැටියට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ චීන ලැන්ටර්න්, මකර රූප වගේ සාම්ප්‍රදායික චයිනීස් ආර්ට් නෙ. ඒත් මෙතන එල්ලලා තියෙන පින්තූරවලින් ගන්න ට්‍රයි කරලා තියෙන්නෙ ටිකක් සමකාලීන, නැත්නම් “මොඩර්න්” ගතියක්. වීදුරුවෙන් එහාපැත්තෙ පාරේ යන වාහන එළිවලිනුත් පොඩි මෙට්රෝ ගතියක් එනවා.

කෑම

මෙතන හැම මේසයකම මැද හයිකරලා තියෙනවා පොඩි බාබක්‍යු ලිපක්. චීන්නු කියන්නෙ සෑහෙන්න සිගරැට් බොන ජාතියක් නිසාද කොහෙද ඒ ලිප ඇතුළෙත් සිගරට් බඩ්.

මස් මාළු වගේ ම වෙජිටේරියන් බාබක්‍යුත් තියෙනවා. මස් මාළුවලින් අපි ගත්තෙ පෝක් රිබ් එකයි (රු.200), ප්‍රෝන් බෝල් එකයි (රු.300), ටිකන් වින්ග් එකයි සොසේජ් එකයි (රු.300). තව මෂ්රූමුයි කෝලි ෆ්ලවරුයිත් (රු.150) ගත්තා. බාබක්‍යුවලින් විතරක් බඩ පිරෙන්න නැතිවෙයි කියල හිතුණ නිසා චිකන් ෆ්‍රයිඩ්රයිස් එකකුත් (රු.498) ගත්තා.‍

පෝක් රිබ් එක ඇරෙන්න අනිත් බාබක්‍යු ඔක්කොම අර මැද ලිපෙන් තියන්න පුළුවන් විදියට කූරුවල ගහලා තමයි එන්නෙ.

අපි සාමාන්‍යයෙන් කාලා පුරුදු ඇමරිකන්, එහෙමත් නැත්නම් යුරෝපියන් ස්ටයිල් එකේ පෝක් රිබ්ස්වලට වඩා මේක වෙනස්. අපට පුරුදු බාබාක්‍යු සෝස් එක වෙනුවට මේකේ එන්නෙ සූදුරු සහ තල එක්ක මිශ්‍ර වුණු ළා චයිනීස් සෝස් එකක්. මේ සෝස් එක තමයි මෙයාලා හැම බාබක්‍යු එකටම පාවිචි කරන්නෙ. සාමාන්‍යයෙන් ගානට බාබක්‍යු කරපු පෝක් රිබ් එකක් නම් ලේසියෙන් මස් ගැලවිලා එන්න ඕනේ. මේකේ මස් එක එහෙමම ගැලවුණේ නැතත් රස නම් අවුලක් නෑ.

මෂ්රූම් එකේ මේ ස්පයිස් රස ටික හොඳට දැනෙනවා; මෂ්රූම් රසටත් වඩා. ප්‍රෝන් බෝල්ස්වලත් ඉස්සො රස ටිකක් මදි වගේ. වැඩිපුර තියෙන්නෙ පිටිද කොහෙද.

අපි ගත්ත බාබක්‍යුවලින් රස ම එක තමයි චිකන් වින්ග්ස් එක. සෝස්, අනිත් ස්පයිස් ඔක්කොම ගානට. සොසේජ් එකත් සූදුරුයි තල ඇටයි වැටිලා එද්දි හිතාගන්න බැරි තරමට රසයි.

රයිස් එක බැලූබැල්මට වැඩි වැඩ දාලා නෑ වගේ තමයි පේන්නේ. හැබැයි මදි නොකියන්න බිත්තර දාලා තිබුණා. පොඩි තෙල් ගතියක් තියෙනවා. සෝයා සෝස් ටිකකුත් දාලා ගත්තම මරු!

අපට බාබාක්‍යු කොච්චර අල්ලලා ගියාද කීවොත් අපි තව වටයක් ඕඩර් කළා. දෙවෙනි වටේ අපට හම්බ වුණු සොසේජ් එකයි විචන් වින්ග් එකයි කලින් එකටත් වඩා රසයි. සමහර විට අපි ෆොටෝ එහෙම ගහනව දැක්ක නිසා අපි ‘යමු’ එකෙන් කියල දැනගෙනද දන්නෙ නෑ.

සර්විස් එක

අපි ගිය පළවෙනි දවසේ නම් සර්විස් එක හොඳටම හොඳයි. ටක්ටක් ගාලා කෑම ටික මේසෙට ආවා. හැබැයි එක්කනෙකුට ඇරෙන්න අනිත් වේටර් මල්ලිලාට නම් කෑම ගැන මෙලෝ හසරක තේරුමක් නැති පාටයි. දෙවෙනි දවසේ නම් ටිකක් සෙනග හිටපු නිසාද කොහෙද (සහ අර සිහි කල්පනාව තියෙන වේටර් මල්ලි හිටියෙත් නෑ) බාබාක්‍යු අඟුරු එක මේසෙට එද්දි අපි කාලා ඉවර වෙන්න කිට්ටු වෙලා. ඕඩරෙත් පොඩ්ඩක් වරද්දලා තිබුණා.

අවසාන වශයෙන්

කට්ටිය සෙට් වුණාම ගෙදර දාන බාබක්‍යුයි, ලංකාවේ අපි ගොඩක් තැන්වලින් කන බාබනක්‍යුයිවලට වඩා වෙනස් විදියට බාබක්‍යු කන්න ඕන නම් 668 එකේ රූප්ටොප් බාබක්‍යු එකට ඒකට මරු. සර්විස් චාජ්, ටැක්ස් අනංමනං මුකුත් එකතුවෙන්නෙත් නැති නිසා ගාණත් ලාබයි. ඕන නම් බියර් එකක්, අරක්කු බෝතලයක් එළියෙන් අරන් එන්නත් පුළුවන්.

 


TIP

Waiters are clueless, except these one or two guys; so double chick if they've taken the order correctly.

Address

51C, Alexandra Place, Colombo 07

Directions

This is the top floor of the building where Mansa and 668 Sea Food resides.

Contacts

Report Inaccuracy

Open until 12:00 PM

Cuisine

Chinese

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

BBQ

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
5

Similar Places

User Reviews
M
2

2/5

1

Maheshika

Ordered the devilled chicken and steamed rice. Was starving so we dug into the rice and chicken right away. Each little piece of chicken had bones so it was difficult to eat it along with the rice. They had mixed a special kind of Chinese spice "Chinese Kotthamalli" according to the local lady serving us. This was the most scarring experience we had! The moment you bite into this special spice, our whole tongue went numb like with a terrible lingering taste. No amount of water or Chinese tea was able to wash it off. In the end, because of the hunger, we just ate the rice with the dried chili, garlic pieces and the oil! The memory of that taste still remains in our minds!!!!

M
2

2/5

1

Maheshika

Ordered the devilled chicken and steamed rice. Was starving so we dug into the rice and chicken right away. Each little piece of chicken had bones so it was difficult to eat it along with the rice. They had mixed a special kind of Chinese spice "Chinese Kotthamalli" according to the local lady serving us. This was the most scarring experience we had! The moment you bite into this special spice, our whole tongue went numb like with a terrible lingering taste. No amount of water or Chinese tea was able to wash it off. In the end, because of the hunger, we just ate the rice with the dried chili, garlic pieces and the oil! The memory of that taste still remains in our minds!!!!

See 1 Comment