Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

3/5

668 Chinese Seafood Restaurant

51C, Alexandra Place, Colombo 07


Yet another Chinese Restaurant in Colombo that dishes out authentic Chinese cuisine.



ලංකාවේ චීන කෑම කඩවල් නම් අනන්තයි අප්‍රමාණයි. ලාස් ගානට ඒවා තිබුණට ඕවයෙන් ඔරිජිනල් චයිනීස් කෑම දෙන ඒවා තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. අන්න ඒ ඇඟිලි ගාණ ඇතුළේ තියෙන චයිනීස් රෙස්ටෝරන්ට් එකක් තමයි මේ 668.

තැන

ඉස්සර 998 චයිනීස් රෙස්ටෝරන්ට් එක තිබුණු තැන මතකද? දැන් 668 එක තියෙන්නේ ඒ බිල්ඩිමේ. ටවුන් හෝල් එක පිටිපස්සේ තියෙන සුල්තාන් පැලස් එක පහු කරලා මීටර් විස්සක් විතර උපාලිස් එක පැත්තට ගියාම 668 එක මුණගැහෙනවා. මේකේ තට්ටු තුනයි. පහළ තට්ටුවේ තියෙන්නේ මන්සා බ්‍රෑන්ඩ් එකේ තේ කොළ විකුණන කඩයක්. උඩ ම තට්ටුව වෙන් වෙලා තියෙන්නේ මෙයාලගේ බාබෙකියු එකට. මැද තට්ටුවේ තමයි අපි මේ කියන රෙස්ටෝරන්ට් එක තියෙන්නේ.

දවල් 1ට වගේ වෙලා අපි මේ පැත්තට යද්දී. ඒ නිසා සෑහෙන්න කලබලේ මෙතැන. ඉන්න තරමක් හිටියේ චීන උදවිය. අපි හැරුණා ම, ලෝකල් අය හිටියේ තව දෙන්නෙක් වගේ.

කෑම බීම

ඔය ගොඩක් චයිනීස් රෙස්ටෝරන්ට්වල වගේ තමයි, මේකෙත් තියෙන්නේ තඩි මෙනුවක්. ඕකෙන් ස්ටාටර් එක විදියට අපි චිකන් සුප් (රු.368) එකක් තෝරගත්තා. මේක නම් ඇත්තට ම හරි ම රසයි. හොඳට චිකන් ස්ටොක් රස ආවා. චිකන් කෑලිත් තිබුණා හය හතක් ම. සාමාන්‍යයෙන් චිකන් කටුත් දැම්මමනේ සුප් එක ගොඩක් රස වෙන්නේ. මේකෙත් එහෙමයි.

මේන් කෝස් එකට අපි ගත්තේ “සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්” (රු.598) එකකුයි “ඩබල් කුක්ඩ් පෝක් කරි”(රු.1280) එකකුයි. මේවා සේරම ස්මෝල් සයිස් පෝෂන් ඒවා. “ස්පයිසි බීන් කර්ඩ්” එකකුත් ඕඩර් කරන්න යද්දී අපේ වේටර් මල්ලි කිව්වේ ඒවා ලෝකල් අපේ රසට හරි යන්නේ නැහැ කියලා. ඒ නිසා ලංකාවේ කස්ටමර්ස්ල ට දෙන බීන් කර්ඩ් කරිය (රු.880) දෙන්නම් කියලා තමයි කිව්වේ. ඔන්න ඔහේ කමක් නෑ කියලා අපි හා කිව්වා.

සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකේ හොඳ රසක් තිබුණා. ඉස්සෝ, දැල්ලෝ ඕනේ තරම්. බත් එකත් ගානට තැම්බිලා. ලොකු තෙල් ගතියක් ඇත්තෙත් නැහැ. ලොකුවට සීසනින් කරලා නැතත් මේක අවුලක් නැහැ.

ඩබල් කුක්ඩ් පෝක් කරි එකත් හොඳයි. හැබැයි පොඩ්ඩක් තෙල් ගතිය වැඩියි. ටිකක් ලුණුත් අඩු වුණා නම් තමයි තවත් හොඳ. ඔය ගොඩක් තැන්වල තෙල් කෑලි දාලා ප්‍රෝඩාව කළාට, මෙහෙ බෙහෙතකටවත් තෙල් කෑල්ලක් හොයාගන්න නැහැ. ස්පයිසි ගතියත් නියම පදමට තිබුණා. බතට එක්කාසු වෙනකොට මරු.

සේරමත් හරි, මේ බීන් කර්ඩ් කරිය නම් සෑහෙන්න අපරාදේ. හොඳට ම තෙල් වැඩියි. කියන්න තරම් ලොකු රසක් ඇත්තෙත් නැහැ. අනික එයාලගේ මෙනු එකේ තියෙන ටෝෆු කරිත් වැඩිම වුණොත් රුපියල් 600ක් වෙයි. එහෙමත් වෙලා මේක රුපියල් 880ක් කියන්නේ හොඳට ම පාඩුයි.

668 එකේ හැම කෑම වේලකට ම චයිනීස් තේ පෝච්චියකුත් හම්බවෙනවා. මේවා ජපන් තේ තරම් කහට ගතියක් නැහැ. තිත්තත් අඩුයි. ශේප් එකේ බීගෙන යන්න පුළුවන්.

සර්විස් එක

මෙහෙ සර්විස් එකේ කියන්න තරම් වරදක් නැහැ. විනාඩි 15කින් වගේ කෑම බීම ටික මේසෙට ආවා. බිල දාද්දි වැරදිලා චිකන් සුප් දෙකකට ගාණ දාලා තිබුණා. ඒත් ඒක කිව්ව ගමන් ටක් ගාලා හරි ගස්සලා දුන්නා.

අවසාන වශයෙන්

ටවුන් හෝල් පැත්තෙන් යන වෙලාවක චයිනීස් කෑම බඩගින්නක් ආවොත්, 668 එක පැත්තට ගියාට අවුලක් නැතිවෙයි. ගණන් හිලව් නම් වෙන චයිනීස් ඒවට වඩා ටිකක් වැඩියි. ඒ නිසා පොඩ්ඩක් පොකට් එක බලල ම යනවනම් තමයි හොඳ.


TIP

Do not go for the home served bean curd curry.

Have you visited this place?

Write your own review!
Leave a comment