Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

90's Truck

51/60, Swarna Road, Wellawatte, Colombo 06


A wide range of fast food for affordable prices.



නයින්ටීස් ට්‍රක් කියන්නේ බර්ගර්ස්, සබ්මැරීන්, ශවර්මා, සැන්ඩ්විචස් වගේ ෆාස්ට් ෆුඩ් තියන තැනක්. තියෙන්නේ වැල්ලවත්තේ. ගෙදරට වෙලා ඉන්න මේ දවස්වල එළියට පහළියට බහින්න බැරි නිසා අපි පික්මී ෆුඩ් එකෙන් තමයි ඕඩර් කරලා ගෙන්නගත්තේ.

අපේ ඕඩර් එක වුණේ මිනි චිකන් සබ්මැරීන් එකයි (රු. 320), චීස් බ්‍රෙඩ් ඔම්ලට් සැන්ඩ්විච් එකයි (රු. 300), මින්ට් ඇන්ඩ් ලයිම් ජූස් එකයි (රු. 180).

කෑම

මේ තියෙන්නෙ අඟල් හතක මිනි චිකන් සබ්මැරීන් එක. රස චිකන් ගොඩක් එක්ක මයොනීස්, තක්කාලි සෝස්, සලාද කොළ, ලූනු එහෙම ඇති පදමට ස්ටෆ් කරලා. මේ මයොනීස් එක මේගොල්ලන්ගෙ ම නිෂ්පාදනයක් කියලයි ආරංචි. රස අතින් නියමයි. පිරවුමේ බරට බන් එක කැඩිල වැටෙන්න ඔන්න මෙන්න තිබ්බෙ. ඒත් සුමුදුවට අලුත් පිට තිබුණා. 

චීස් බ්‍රෙඩ් ඔම්ලට් සැන්ඩ්විච් එක මරේ මරු. පාන් පෙති දෙකක් බිත්තර එක්ක ටෝස්ට් කරලා චීස්, චිකන්, තක්කාලි, ලූනු, සලාද කොළ ඇතුළට දාලා. චීස් රස උපරිමයි. පාන් පෙති දෙක වේලිලා නැතුව හොඳ ෆ්‍රෙෂ් පිට තිබුණා. ගොඩක් දේවල් ස්ටෆ් කරලා හින්දා සයිස් එකත් ලොකු නිසා නියම බඩ පිරෙන සැන්ඩ්විච් එකක් මේක.

බීම

මින්ට් ඇන්ඩ් ලයිම් ජූස් එක හොඳ කූල් පිට රිෆ්‍රෙෂිං ගතියට තිබුණා. වැඩිපුර ආවෙ දෙහි රස තමයි. මින්ට් රසක් නම් දැනුණේ ම නැති තරම්. ඒත් සීනි වැඩි නොකර නියම ගාණට දාල තිබ්බ හින්දා පැණි රසයි ඇඹුලයි ගාණට බැලන්ස් වෙලා. තිබහ නිවෙන හොඳ කික් එකක් මේකෙන් ආවා.

අවසන් වශයෙන්

නයින්ටීස් ට්‍රක් එකේ කෑමත් හොඳයි, මිල ගණනුත් පහසුයි. මෙතන තියන හැම දෙයක් ම වගේ රු. 200 - 500 අතර රේන්ජ් එකේ යන නිසා සාක්කුව හිස් කරගන්නෙ නැතුව රස බර්ගර් එකක් සබ්මැරීන් එකක් කන්න මේක මරු තැනක්.

Address

51/60, Swarna Road, Wellawatte, Colombo 06

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Beverages Chicken Bready Burgers Sandwiches Submarines Shawarma Fruit Juice Lassi

Cuisine

Fast Food

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment