3/5

Colombo's No. 1 Chuanr Stall

17th Lane, Colombo 3

  • This place has closed down


For a bit of urban adventure/anthropology in your own backyard this is an excellent and tasty excursion and it is so central- 17th lane is just near Colpetty junction that you dont need to go too far out of your way..


ඕනෑම පුරවරයක සුන්දරත්වය රඳා පවතින්නේ එහි උපසංස්කෘතීන් මතයි. නිව්යෝක්හි පුළුල් කැරිබියන් ජනාවාස, ලන්ඩන්හි බෙන්ගාලි ගඩොල් වීදිය, ටෝකියෝ හරාජුකුහි ගොතික් ලොලිටාවෝ ආදිය නිදසුන්. කොළඹ තැපැල් කලාප 15 තුළත් මෙවැනි පුංචි ලෝක ගණනාවක් සැඟවී තිබෙනවා. කොම්පඤ්ඤවීදියේ මැලේ වංකගිරිය, පිටකොටුවේ ඔලුව අවුල්කරන පරිසර පද්ධතිය, වැල්ලවත්තේ ඉහළපෙළේ පුංචි යාපනය උදාහරණ.

ඒ වුණාට කොළඹ අලුතෙන්ම වර්ධනය වෙමින් තිබෙන උපසංස්කෘතිය විදේශීය එකක්. ඒ තමයි චීන ජාතිකයන්ගේ ලෝකය. මේ කතා කරන්නේ හන්දියක් හන්දියක් ගානේ තිබෙන ලංකාවේ ව්‍යාජ චීන අවන්හල් ගැන නෙමෙයි. ලංකාවේ පදිංචි වී තැන, තැන හැසිරෙන හැබෑම චීන මිනිසුන් ගැනයි.

අතිවිශාල වශයෙන් ලැබෙන චීන ආධාර හා ණයත්, ඒ ඔස්සේ සිදුවන ඉදිකිරීම් කොන්ත්‍රාත්තුත්, චීන ආයෝජනත් නිසා දහස්ගණන් චීන කම්කරුවන්, නිලධාරීන්, ඉංජිනේරුවන් ආදීන් ලංකාවට ඇවිල්ලා. ඉතින් මේ සේනාව පිටුපසින් ආපු වෙනත් සේවාසපයන්නෝත් ඉන්නවා, අවන්හල්කරුවෝ, කැරෝකේහල්පල්ලෝ, සැලෝන්කරුවෝ හා සාප්පුකාරයෝ වැනි. සෙමින්, සෙමින් මධ්‍යම මට්ටමේ ආර්ථිකයක් බවට පත්වෙමින් තිබෙන මේ රටේ ඇති අවස්ථා ගැන ඔවුන්ට හොඳ ඉවක් තිබෙනවා.

කවුරුවත් හරියටම ගණන් නොදන්නවා වුණාට ලංකාවේ චීන ජාතිකයෝ 10,000ක්වත් ඇති. ඔවුන් ජීවත්වන්නේ තමන්ටම වෙන්වූ, ස්වයංතෘප‍්ත ලෝකයක. ඔවුන්ව මගතොටදී නිතර දකින්නට ලැබුණාට භාෂාමය බාධක හා සියවස් ගණනක සංක්‍රමණික උපායන් අනුව ඔවුන් යටහත් ස්වභාවයකින් ඉන්න පුරුදු වී ඇති නිසා ඔවුන් හා ලාංකිකයන් අතර අන්තර්ක්‍රියාකාරිත්වයන් හරි අඩුයි. කොල්ලුපිටිය පුරා ඔවුන්ගේ කෑමහල් හා වෙනත් පහසුකම් සපයන ස්ථාන විසිරී තිබුණත්, ඒවා සාමාන්‍ය නගරවැසියන්ට නොතේරෙන තරම් සියුම් ලෙසයි ස්ථානගත කරගෙන තිබෙන්නේ. ඒත්, පාරේ යනවිට හිටිහැටියේ ඔබට දකින්න ලැබෙනවා මේ සමාන්තර විශ්වයේ දර්ශන.

පසුගිය දිනෙක සීවීව් වීදියේ වෙස්පා ක්‍රීඩා සමාජය දෙසට යමින් සිටිනවිට අපට දකින්න ලැබුණා චීන අකුරු සහිත පුවරු තිබුණු දැවැන්ත කැරෝකේ සමාජශාලාවක්. අපට මෙවැනි නන්නාඳුනන සංගීත සාදහල්වලට ගොස් පුරුද්දක් නැති නිසා අපි එහි කාර්පාක්එකට  ගොඩවුණේ පාරක් අහන්න වගේයි. අපි දුටුවේ චුආන්ර් (Chuanr) කියන චීන වීදි ආහාරය සකසමින් විකුණන මැදිවියේ චීන යුවලක්. බොහෝවෙලාවට කුකුළුමස්, බැටළුමස් හෝ වෙනත් ඕනෑම මසක් වියහැකි මේ ආහාරය සකසන්නේ ඒවා කූරක ගසා අබ, මිරිස් සෝස් ආදිය දවටා අඟුරු උදුනක පැළහීමෙන්. උතුරු චීනයේ මෙවැනි Chuanr අලෙවි කරන කඩතට්ටු හැමතැනම තිබෙනවා. දවල්  රෑ ඕනැවෙලාවක යුආන් දෙක තුනකට එයින් බෑගයක් මිළදීගෙන කන්න පුළුවන්.

ඩැලියාන්වලින් ආ මේ ජෝඩුව මේ සංකල්පයත් මෙහි ගෙනැවිත්, කෝටු, මස් හා අඟුරු උදුනත් සමග. ඒවා චීනයේදී තරමටම අව්‍යාජයි. ඔවුහු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි හෝ දන්නේ නැහැ. ඔබට කරන්න තිබෙන්නේ ඔවුන් ළඟ ඇති ද්විභාෂා මෙනුපතෙන් ඔබේ ඉරට්ටේ සවිකර පැළහියයුතු දේ පෙන්වීමයි. ඌරුබඩ රසයි. මැකරල් විශිෂ්ටයි. එළුමස් කැබලි හොඳයි. කුකුළු තටු ඉතා හොඳයි. ඇත්තම බැටළු අණ්ඩකෝෂත් පැළහීම සඳහා තිබෙනවා.

ප්‍රශ්නය තමයි, ඔවුන්ගේ ප්‍රධාන ගනුදෙනු සිදුවන්නේ එහි තිබෙන නන්නාඳුනන කැරෝකේහල සමග නිසා මිළ අධිකවීම. බීජිංහි මෙවැනි කූරකට ගෙවන මිළ මෙන් දෙගුණයක් මෙහිදී ගෙවන්න ඔබට සිදුවෙනවා. ඒත්, රු. 500කට එවැනි මස්කූරු පහකුත් ශ්‍රීලාංකිකයන්ට කලාතුරකින් දකින්න ලැබෙන ලෝකයකට එබී බැලීමේ අවස්ථාවත් ඔබට හිමිවෙනවා.

කොල්ලුපිටි හංදිය ආසන්නයේ 17වන පටුමගේ පිහිටි මෙම ස්ථානය නාගරික වීරචාරිකාවක්, ජනවිද්‍යාත්මක අධ්‍යයනයක් සඳහා හොඳ නිමිත්තක්.

TIP

They open after 8. try the mackerel, the pork belly and the testicles if you've got them.

Address

17th Lane, Colombo 3

Directions

Its at the bottom of 17th lane. Turn off from Galle Road in the vicinity of Renuka hotel.

This place has closed down

Cuisine

Chinese

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3


Latest