Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Aahaara

46, Initium Road, Dehiwala


Aahaara is a caterer that does wood-fired biriyani and rice and curry.



දෙහිවල නගරයේ තියෙන ආහාර කියන අවන්හලේ කෑම හරිම රසයි කියල YAMU එකේ අපේ භාග්‍යට දැනගන්න ලැබිල. ඉතින් හැමෝටම ඒකෙන් කන්න ආසයි කිව්ව නිසා කට්ටියටම ඇතිවෙන්න කියල පසුගිය බ‍්‍රහස්පතින්දා දවසේ දවල් කෑම වේලට බිරියානි සවාන් එකක් අපි ඇණුවම් කලා. ආහාර අවන්හල අපේ කාර්යාලයටම ගෙනල්ලා දුන්න මේ බිරියානි සවාන් පැකේජය මිල වුණේ රු. 3,250ක් විතරයි. සවාන් එකක් කියන්නෙ එක පාර හය හත් දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් ලොකු භාජනයක එන බත් එකක්.

ලොකු ඇලුමිනියම් භාජනයක දාලා තිබුණ බිරියානි සවාන් එක තවත් ඇලුමිනියම් කොලයකින් වහලා තිබුණේ රස්නය අඩුවෙන එක වළක්වන්න. ඒ විතරක් නෙමෙයි යාළුවො ඇණවුම් කරලා තිබුණ හරක් මස් බිරියානි පැකේජයට බැදපු කුකුලෙකුත් වෙනම එවලා තිබුණා. සීනි සම්බෝල, අච්චාරු, ගී‍්‍රන් පීස් සහ කජු දාලා හදපු ව්‍යංජනයක් වගේම අන්නාසි පෙති ටිකකුත් පොඩි ප්ලාස්ටික් භාජන වල දාලා එවලා තිබුණේ බිරියානි එකේ රස වැඩි කර ගන්න. අපි හැමෝම කන්න ආස රසම රස වටලප්පමකුත් අතුරුපස විදියට මේ පැකේජයට එකතු කරලා තිබුණා.

හිමිහිට උඩින් තිබුණ ඇලුමිනියම් කොළය අයින් කරද්දී සවාන් එකෙන් දුම් දාන්න පටන් ගත්තේ කටට කෙළ උනන සුවඳකුත් එක්ක. බිරියානි එකේ උඩින්ම පේන්න තිබුණෙ තම්බපු බිත්තර හයක්. උයපු හරක් මස් ලොකු කෑලි ගොඩක් එක්ක රම්පෙ, කරපිංචා, බැදපු ළූණු, ග්‍රීන් පීස්, කජු විතරක් නෙමේ වේලපු ම්දිත් අඩු නැතුව එකතු කරලා තිබුණා. සම්බා හාලේ බතට කහ ටිකක් එකතු කරලා හරි ලස්සන පාටක් වගේම හොඳ සුවඳකුත් එන විදියට තමයි මේ බිරියානි එකේ බත් එක හදලා තිබුණේ.

බැදපු කුකුල් මස් පොඩි කෑලි වලට කඩපු අපේ යාළුවෙක් ඒකත් එක්ක ආපු හොදි එක උඩින් දාලා වෙනමම මේසෙන් තිබ්බා. ඔයාලටත් පෙන්නන්න පොටෝ දෙක තුනක් ගත්ත අපේ කට්ටියට මේසෙ වටේ ඉඳගෙන පිඟන් වලට බිරියානි බෙදා ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. අනෙක් ව්‍යංජනත් කැමති ගානට බෙදා ගත්ත අපි හෙමිහිට බිරියානි එක කන්න පටන් ගත්තා.

නියම රසක්! බත් එකෙන් එන මසාලා රස අතරට කජු කෑල්ලකුත් හැපෙන කොට එන රස කියලා වැඩක් නෑ. ලංකාවෙ අපිට හුරු පුරුදු ගානට හොඳ කුළු බඩු රසක්, සුවඳක් වගේම හොඳ සැරකුත් බිරියානි බත් එකේ තිබුණා. බැදපු කුකුල් මස් කෑල්ලකුයි ඒකත් එක්ක ආව හොදි ටිකකුයි බත් එකට එකතු කරගත්තාම නම් බඩ පැලෙන්න කන්න පුළුවන්. හොඳ සැරට හදලා තිබුණ මේ හොදි එකෙත් කුළු බඩු රසය හොඳටම එන නිසා මම නම් ටිකක් වැඩිපුර එකතු කර ගත්තා. තම්බපු බිත්තර වල නම් තියෙන්නේ අපිට හුරුපුරුදු රසයම තමයි.

කොහොම හරි බඩ පැලෙනකම් බිරියානි කාපු අපි අත් සෝදලා ලෑස්ති වුනේ වටලප්පම් එකට වැඩේ දෙන්න. ශීතකරණයේ දාලා තිබුණ වටලප්පම් එක එළියට ගත්ත අපි හැඳි අතට අරන් මුලින්ම හැන්ද ගානේ කන්න පටන් ගත්තත් ටික වෙලාවක් යනකොට නම් කට්ටිය පුළුවන් උපරිමෙන් වටලප්පම් කටට දා ගත්තෙ ඒකේ තිබුණ ප‍්‍රණීත රස නිසා. ඇත්තටම වටලප්පම් එක නම් නියම පදමට තිබුණා. පුංචි අඩුපාඩුවකට කියල තිබුණේ ඒකේ වේලපු මිදිවත් කජුවත් දාලා තිබුණෙ නැති එක. ඒත් වටලප්පමේ පැණි රස මට නම් නියම පදමට තිබුණා. ශීතකරණයේ තිබුණ නිසා පැණි බේරෙන ගතිය තරමක් අඩුවෙලා තිබුණ වටලප්පම් කෑල්ලක් උගුරෙන් පල්ලෙහාට යන කොට දිවේ තිබුණ සැර ගතිය මැකිලා යන්නෙ කන්න කන්න ආස හිතෙන විදියට.

වටලප්පමටත් විනාඩි පහක්වත් යන්න කලින් වග කියපු අපේ සෙට් එක රසම රස බිරියානි එක ගැනයි වටලප්පම් එක ගැනයි ටික වෙලාවක් කතා කර කර ඉඳලා තමයි ආයෙ වැඩට බැස්සේ.

ඉතින් බිරියානි සවාන් එකක් හරි රසම රස අතුරුපසක් හරි රස විඳින්න ආසාවෙන් ඉන්න අපේ යාළුවෝ  ඕන කෙනෙක්ට ආහාර අවන්හල නම් නියමෙට ගැලපෙන තැනක් වෙයි.


TIP

We were told that everything is cooked on firewood which is a nice touch, since it's both uncommon and adds to the authenticity factor.

Address

46, Initium Road, Dehiwala

Directions

Go down Galle Road towards Dehiwala. Initium Road is the road right opposite St. Mary's Church, on the seaside. Aahaara is situated at the end of this road.

Contacts

Facebook

Report Inaccuracy

Open 8 AM–6 PM

Cuisine

Sri Lankan

Price Range

More than Rs.1500

Dish Types

Biriyani

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 33 Comments