Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

3/5

Acropol

662 Galle Road, Colombo 3


Acropol Restaurant which formerly resided on R.A De Mel Mawatha has moved to a new location on Galle Road, Colombo 03. If you're a fan of shawarmas it's worth a visit.



ඇක්‍රෝපොල් රෙස්ටෝරන්ට් එක ෂවර්මා, කෙබාබ්, සබ්මැරින් වගේ කෑම දැන් අවුරුදු ගාණක් ඉඳල කොළඹ රෑට යන එන කට්ටියට සපයනවා. අපේ ඉමාඩ් මෙතනට සැහෙන්න මනාපයි. ඉස්සර ඩුප්ලිකේෂන් පාරේ තිබුණ මේ රෙස්ටෝරන්ට් එක දැන් බම්බලපිටියේ ගාලු පාරට ගිහිල්ලත් ටිකක් කල්. අපිත් කලින් දවසක මේ පැත්තට ඇදුනේ පොඩි බඩගින්නක් නිවාගන්න අරමුණෙන්.

තැන

බම්බලපිටියේ ස්වර්ණමහල් එක හොයාගත්තනං හරි. ඒකට එහාපැත්තෙ තමයි තියෙන්නෙ. කඩේ ඇතුලේ එච්චර ලොකු ඉඩක් නැහැ. 20කට විතර තදවෙලා ඉන්න පුළුවන්. කාලෙකට කලින් ලස්සනට තියෙන්න ඇති රතු/කළු කුෂන් පුටුයි ලී මේසයි, දැන් නං ටිකක් ගෙවිච්ච පාට පෙන්නනවා. වැඩිය හොඳයි කෑම අරගෙන ගියානං. ඇත්තටම ඇක්‍රෝපොල් එකට එන ඩිලිවරි ඔර්ඩර් වැඩිය ඇති එතනට එන මිනිස්සුන්ට වැඩිය. අපි ආපු වෙලාව පුරාවටම ටෙලිෆෝන් එක වැදිච්ච ගමන්මයි. සේවක කට්ටියත් අපිට පුළුවන් හැටියට සැලකුවා. ඒත් වැඩි අවධානයක් ගියේ ආපු ඔර්ඩර් ටික ඉවර කරන්න. ඇඳිරි වැටුනට කලින් ගියානං ටිකක් කලබල අඩු ඇති කියල හිතෙනවා.

කෑම

සමස්තයක් හැටියට කෑම නරක නැහැ. අපි චිකන් සබ්මැරින් එකක් ගත්තා.(රු.390) මේකේ පාන් එක නං හොඳට තිබුණා. පිට ගාණට කරවුනාට ඇතුලේ හොඳ මෙලෙකට තිබුණා. හැබැයි පිරවුම එච්චරම හොඳට තිබුනේ නැහැ. නරකක් කියනවා නෙමෙයි. එත් විශේෂත්වයක් නැහැ. මස් තව ටිකක් වැටුන නං හොඳයි. මෙච්චර වේලුනේ නැත්තං ඊටත් වඩා හොඳයි. මස් හොඳට තැම්බිලා තිබුණා ඒ වුනාට සුපිරි රසක් නැහැ.

චිලි බීෆ් ශ්වර්මා (රු.370) එකේ නං ඊට වඩා වෙනසක් තේරුනා. මේසෙට ආවේම කොලේක ඔතලා. ශ්වර්මා එකේ පීටා පාන් එක සැහෙන්න හොඳයි. නිකං වුනත් කන්න තිබුණා. පිරවුමේ චිකන් එකනං සබ්මැරින් එකේම චිකන් එකම වෙන්නැති කියල අපිට හිතුනා. වෙනස වුනේ මේකත් එක්ක ආපු සෝස් එක. සෝස් එක නං ටිකක් වැඩිත් එක්ක ඒ වුනාට කිව්වා වගේම හොඳ චිලි මිරිස් රසක් එකෙන් ආපු හින්ද අපි වැඩිය අවලාද කියන්න ගියේ නැහැ.

හොඳම කෑම වුනේ බිත්තර සහ චීස් සමග බීෆ් බර්ගර් එක (රු.460) මේ බර්ගර් එක සාමාන්‍යයෙන් අපි දකින බර්ගර්වල සයිස් එකම තමයි ඒ වුනාට අසාමාන්‍ය ලෙස ඝනකම් බීෆ් පැටියක් නිසා උස වැඩිවෙලා තිබුණා. පැටිය හොඳයි. මස් ඇතිවෙන්න දාල තිබුණා. ඒක විතරක් එක්ක වුනත් බර්ගර් එක කන්න පුළුවන්. හැබැයි තිබුණ බිත්තර ඔම්ලට් තට්ටුවයි, චීස් තට්ටුවයි නිසා පැටියෙ රසට තවත් ගැම්මක් එකතු වුණා. මේක අනිවා කාල බලන්න වටිනවා.

බොන්න අයිස් මයිලෝ එකකුත් ගත්තා (රු.230) මේකේ මයිලෝ තව ටිකක් දැම්මනං තමයි හොඳ. මයිලෝ රසට වැඩිය පිටිකිරි රසයි. ඊටත් වැඩිය වතුර වැඩියි.

අවසානයට

ඇක්‍රෝපොල් එක සුපිරිම රෙස්ටෝරන්ට් එකක් නෙමෙයි. ඒ වුණාට සාමාන්‍යයට වඩා හොඳයි. බම්බලපිටිය පැත්තෙ රෑට පොඩි බඩගින්නකට හරි ලොකු බඩගින්නකට වුණත් මෙතනින් කාල බලන්න. අවුලක් නැහැ.


TIP

Shawarmas are available only after 6.00 PM so that's the time you wanna be there.
All Reviews

Okay shawarmas and surprisingly good burgers.

Acropol Restaurant which formerly resided on R.A De Mel Mawatha has moved to a new location on Galle Road, Colombo 03. If you're a fan of shawarmas it's worth a visit.

Acropol is personally one of my favourite junk food hangouts in the city. This little restaurant is located on the left side at the start of Duplication Road (R A De Mel Mawatha). As you walk in you will usually find the chef seamlessly carving away at a cut of meat, it’s a good place to go if you’re craving a kebab or a shawarma.

සිංහල ඇක්‍රෝපොල් එක සුපිරිම රෙස්ටෝරන්ට් එකක් නෙමෙයි. ඒ වුණාට සාමාන්‍යයට වඩා හොඳයි.

සිංහල ඇක්‍රොපොල් කියන්නේ මගේ ප්‍රියතම ක්ෂණික ආහාරහල්වලින් එකක්. ඒ පුංචි කඩය පිහිටා තිබෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් හෙවත් ආර්. ඒ. ද මැල් මාවත ආරම්භ වන ස්ථානයේ වම් පැත්තේ. ඇතුළතට යනකොට ම ඔබට දකින්න ලැබේවි චෙෆ්වරයා අතොරක් නැතිව මස් තීරු කපමින් සිටින ආකාරය. කෙබාබ් ‍හෝ ෂවර්මා කන්න තද බඩගින්නක් දැනේ එතැන යන්න හොඳ තැනක්.

Address

662 Galle Road, Colombo 3

Directions

On Galle Road, just past Swarna Mahal Jewellers (opposite to Green Cabin), on the sea side. There's a tree which tends to cover the view of the entrance, so keep an eye out.

Contacts

E-Mail Website

Report Inaccuracy

Open 11:30 AM - 11:30 PM

Cuisine

Greek

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Burgers Shawarma

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
User Reviews
C
1

2/5

0

Chami0075

We ordered 3 meals and 2 meals delivered to the table in 30min and other one took over one hour, so we have to cancel meal and walk away. Very disappointing

C
1

2/5

0

Chami0075

We ordered 3 meals and 2 meals delivered to the table in 30min and other one took over one hour, so we have to cancel meal and walk away. Very disappointing

See 24 Comments