Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

Acropol

662 Galle Road, Colombo 3


Acropol Restaurant which formerly resided on R.A De Mel Mawatha has moved to a new location on Galle Road, Colombo 03. If you're a fan of shawarmas it's worth a visit.



ඇක්‍රොපොල් කියන්නේ මගේ ප්‍රියතම ක්ෂණික ආහාරහල්වලින් එකක්. ඒ පුංචි කඩය පිහිටා තිබෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් හෙවත් ආර්. ඒ. ද මැල් මාවත ආරම්භ වන ස්ථානයේ වම් පැත්තේ. ඇතුළතට යනකොට ම ඔබට දකින්න ලැබේවි චෙෆ්වරයා අතොරක් නැතිව මස් තීරු කපමින් සිටින ආකාරය. කෙබාබ් ‍හෝ ෂවර්මා කන්න තද බඩගින්නක් දැනේ එතැන යන්න හොඳ තැනක්.

අසුන් සියල්ලම තිබෙන්නේ උඩු මහලේ. සර්පිලාකාර පඩි පෙළක් දිගේ ඔබට එහි යන්න පුළුවන්. සියලු අබලන් ගෘහ භාණ්ඩ ඉවත් කර ස්ථානය වසර කීපයකට කලින් තිබුණු තත්වයට වඩා අලුත් මුහුණුවරක් දීලා. ඒත්, එතැන තවමත් ටිකක් අඳුරුයි. එහි වාතාවරණය එංගලන්තයේ නයිට් ක්ලබ් අසල පිහිටා තිබෙන පහත් පෙළේ චිප් ෂොප් එකක වගේ. එතැන එතරම් සජීවී තැනක් නො වුණත්, ක්‍රිකට් තරගයක් තිබෙන දවසක නම් රූපවාහිනිය වටා රොක් වී ප්‍රීති ඝෝෂා කරන හාදයන් ටිකක් ඔබට එහිදී මුණගැසෙන්න පුළුවන්. අපිත් එහි ගිහින් කළේ ඒක තමයි.

ඉස්කෝලෙ යන කාලෙ, ලිබර්ටි සිනමා ශාලාවෙන් චිත්‍රපට බලා ඇවිත් මෙතැන තමයි අපි මොනවා හරි කෑවේ.  ඇක්‍රොපොල් සෑහෙන කලක සිට තිබෙන තැනක්. සාමාන්‍යයෙන් සේවාව හොඳ නැති වුණත්, කෑම නම් සෞඛ්‍ය සම්පන්නයි. එහෙම නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒවා රසයි.

මෙතැනට කැමති පාරිභෝගිකයකු හා එතැන ප්‍රවර්ධනය කරන්නකු ලෙස මම බලාපොරොත්තු වුණා, වර්ණනාත්මක විවරණයක් ලියන්න හොඳ ආහාර හා සේවාවක් තිබෙයි කියලා. ඒත්, බලාපොරොත්තු වුණ විදියට ම සේවාව හොඳ නැහැ. කෑම සමහර විට හදලා තිබෙන්නේ ඒ කාර්ය මණ්ඩලයේ අනවබෝධය වෙනුවෙන් වෙන්න ඇති කියා හිතෙනවා.

අපි ඉස්සන් සහිත සබ්මැරීනයක්, චිකන් ෂවර්මාවක්, shish taouk චිකන් එකක් හා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඇණවුම් කළා. චිකන් ෂවර්මාව තමයි මුලින් ම මේසයට ආවේ. එය චිකන් කුට්ටි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හා චීස් වටා කළ මෘදු පිටි දැවටුමක්. මතුපිට යන්තමින් සලකුණු වූ ඇතිරුමකුත් තිබෙනවා. එය හොඳයි. ඉස්සන් සබ්මැරීනය ඩයින්මෝහි නිෂ්පාදනයක් වගේ. ඒත්, ඒ තරම් හොඳ නැහැ. එය ඉස්සන් සමග ළූනු අඩංගු සබ්මැරීනයක්. ඒත් මෙනුවේ නම් එසේ කියැවුණේ නැහැ. ඉ ඳහිට ඉස්සෙක් හැපුණත්, එහි රසය තීරණය වුණේ ළූනු හා සෝස්වලිනුයි. ඒකත් ඒ තරම් ම නරක නැහැ. ලාභ කෙටි කෑමක් ලෙස හොඳයි. shish taouk චිකන් එක නම් ඇත්තෙන් ම හොඳයි. එය පිරිනමනු ලබන්නේ මෘදු පිටි සහිත පිටා පාන් සමගයි. ඒවා ෂවර්මා එතුම වගේ. ඒ මතුපිට සුදුළූනු පේස්ට් හා ළූනු සලාද ඉසලා. බලාපොරොත්තු වුණාට වඩා බෙහෙවින් හොඳයි.

අපි ඉතා හොඳ පැපොල් යුෂ වීදුරුවකුත් බිව්වා. මිළ රු. 170යි. මම හිතන්නේ මේ තමයි Mountain Dew පිරිනමන නගරයේ එක ම අවන්හල. එය විශේෂයි. එහි ආහාර, බීමත් රාත්‍රියක පිටත ගොස් කන්නට හොඳ කෑම බවයි, අපේ නිගමනය. ඔවුන් විවෘතව ඉන්නේ රාත්‍රී 11.30 දක්වා සහ සිකුරාදා නම් මධ්‍යම රාත්‍රිය දක්වා පමණක් වීම ලැජ්ජා විය යුතු දෙයක්. එහි ආහාර සෞඛ්‍ය සම්පන්නයි. ඔවුන් නිර්මාංශාහාරත් පිරිනමනවා. ගෙදරටත් ගෙනැවිත් දෙනවා. අන්තර්ජාලයෙන් ඇණවුම් කරන්නත් පුළුවන්.

TIP

Shawarmas are available only after 6.00 PM so that's the time you wanna be there.
All Reviews

Okay shawarmas and surprisingly good burgers.

Acropol Restaurant which formerly resided on R.A De Mel Mawatha has moved to a new location on Galle Road, Colombo 03. If you're a fan of shawarmas it's worth a visit.

Acropol is personally one of my favourite junk food hangouts in the city. This little restaurant is located on the left side at the start of Duplication Road (R A De Mel Mawatha). As you walk in you will usually find the chef seamlessly carving away at a cut of meat, it’s a good place to go if you’re craving a kebab or a shawarma.

සිංහල ඇක්‍රෝපොල් එක සුපිරිම රෙස්ටෝරන්ට් එකක් නෙමෙයි. ඒ වුණාට සාමාන්‍යයට වඩා හොඳයි.

සිංහල ඇක්‍රොපොල් කියන්නේ මගේ ප්‍රියතම ක්ෂණික ආහාරහල්වලින් එකක්. ඒ පුංචි කඩය පිහිටා තිබෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් හෙවත් ආර්. ඒ. ද මැල් මාවත ආරම්භ වන ස්ථානයේ වම් පැත්තේ. ඇතුළතට යනකොට ම ඔබට දකින්න ලැබේවි චෙෆ්වරයා අතොරක් නැතිව මස් තීරු කපමින් සිටින ආකාරය. කෙබාබ් ‍හෝ ෂවර්මා කන්න තද බඩගින්නක් දැනේ එතැන යන්න හොඳ තැනක්.

Address

662 Galle Road, Colombo 3

Directions

On Galle Road, just past Swarna Mahal Jewellers (opposite to Green Cabin), on the sea side. There's a tree which tends to cover the view of the entrance, so keep an eye out.

Contacts

E-Mail Website

Report Inaccuracy

Open 11:30 AM - 11:30 PM

Cuisine

Greek

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Burgers Shawarma

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
User Reviews
C
1

2/5

0

Chami0075

We ordered 3 meals and 2 meals delivered to the table in 30min and other one took over one hour, so we have to cancel meal and walk away. Very disappointing

C
1

2/5

0

Chami0075

We ordered 3 meals and 2 meals delivered to the table in 30min and other one took over one hour, so we have to cancel meal and walk away. Very disappointing

See 24 Comments