Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Adam's Bridge Boat Tours

Medawachchiya-Talaimannar Highway, Talaimannar


Adam's Bridge, which separates the Gulf of Mannar from the Palk Strait, is a string of sand islands, that once connected Talaimannar to Rameswaram Island in India.



ආදම්ගේ පාලම කියන්නේ මන්නාරම් බොක්කත්, පෝක් සමුද්‍ර සන්ධියත් වෙන් කරන වැලි පර පෙළයි. එක් කාලයකදී මෙමගින් තලෙයි මන්නාරමත්, ඉන්දියා‍වේ රාමේශ්වරම් දූපතත් යා වුණා.

මන්නාරම් නගරය දැන් ආකර්ශනීය සංචාරක පුරවරයක් ‍බවට පත් වෙමින් තිබෙනවා. එහි ඉතා මනස්කාන්ත දර්ශන තල රැසක් තිබෙනවා. ආදම්ගේ පාලම කියන්නේ එයින් එකක්. එය පිහිටා තිබෙන්නේ මන්නාර‍ම නගරයට එතරම් දුරින් නොවෙයි.මැදවච්චිය - මන්නාරම මහා මාර්ගය කෙළවරේ පැරණි ජැටිය හා ප්‍රදීපාගාරය අසල තිබෙනවා නාවික හමුදා මධ්‍යස්ථානයක්. එතැන් සිට නාවික හමුදාව ආදම්ගේ පාලමට මහජන සේවාවක් පවත්වාගෙන යනවා. කාලගුණය හොඳනම්, මුහුද රළු නැතිනම්, හැමදාම උදේ 8 සිට 4 දක්වා බෝට්ටු තිබෙනවා.

ඉර අව්ව මෝදු වෙන්න කලින් උදේ කාලය තමයි බෝට්ටු චිරිකාව සඳහා ඉතා ම හොඳ. ඒ වෙලාවට මුහුදත් නිසංසලයි. අපි බෝට්ටු චිරිකාව පිටත් වුණේ උදේ 9.30ට විතර. ඒ වන විට හිරු රැස් දැඩි වෙමිනුයි තිබුණේ. අපේ පුංචි බෝට්ටුවට අප දෙදෙනායි ගොඩ වුණේ. ඉතා විනීත, උපකාරශීලී නාවික නිලධාරීන් දෙදෙනෙක් අප වෙනුවෙන් බෝට්ටුව මෙහෙයෙව්වා. අපට අවශ්‍ය හැම දෙයක් ම ලැබුණා. ඒ අතර අපේ බඩු බාහිරාදිය තබා ගන්න ආරක්ෂිත, වියළි තැනක්, ජීවිතාරක්ෂක කබා, රටකජුක හා චොලට් වැනි කෑම ගෙන යන්න කඩදාසි බෑග්, කිරි පැකට්, වතුර බෝතල් වගේම චාරිකා විස්තර පොතකුත් තිබුණා.

වැලි පර දෙසට බෝට්ටුව අප රැගෙන ගියා. අපි ඉන්දියාවේ රාමේස්වරම් දූපත දැක්කා. මේ රටවල් දෙක තිබෙන්නේ කෙතරම් ළඟින් ද කියා හිතමින් අපි පුදුම වුණා. ඉන්දියාවත්, ලංකාවත් අතර දුර කිලෝමීටර් 50ටත් අඩුයි. බෝට්ටුව දූපත් කීපයක් ව‍ටා අප රැගෙන ගියා. එයින් එක් දූපතක් කුරුළු පාරාදීසයක්. එහි මුහුදු ලිහිණියන් වගේ සමුද්‍රික පක්ෂීන් සිය දහස් ගණනින් හිටියා.  අපි එක් දූපතකට ගොඩ බැස්සා. එහිදී ඔබට වෙරළේ දුව පැන සෙල්ලම් කරන්නත්, නිල් කැටයක් වගේ පිරිසිදු පැහැදිලි මුහුදු දියේ නාන්නත් පුළුවන්. මේ දූපතේ එක් දැවමුවා මඩුවක් හැරුණාම වෙනත් කිසිදු ඉදිකිරීමක් නැහැ. නෙතට හසු වන භූමි දර්ශනය අතිශය මනරම්. සුදු වැලි මත කුඩා දිය රැළි බිඳී විසිරෙනවා. වැල්ලේ බිම් තඹුරු පිපිලා. තැනින් තැන කුඩා ලුණු දිය පොකුණු.

අපේ බෝට්ටුව දෙපාරක් ම කැඩුණා. ඒත්, අපට රස්තියාදු වෙන්න වුණේ නැහැ. අප බේරා‍ගෙන යන්න බෝට්ටුවක් ඉක්මණින් ම ආවා. මුළු මුහුදු ගමන ම කිලෝ මීටර් 15ක් වෙනවා. සාමාන්‍යයෙන් පැය තුනක් ගත වෙනවා.

වඩා විධිමත් සංචාරක පහසුකම් බලාපොරොත්තු වන අයට මෙම චාරිකාව රසවත් අත්දැකීමක් නො වෙන්න පුළුවන්. ඒත්, සොබා දහමට ඇලුම් කරන අලුත් තැන් සොයා යන්න කැමති අයට නම් ආදම්ගේ පාලමට චාරිකාවක් කියන්නේ මහඟු අවස්ථාවක්. රු. 600ක් වැනි සුළු මුදලකින් එවැනි සුන්දර තැනකට චාරිකාවක් යන්න ලැබෙන එක මම නම් හිතන්නේ මුදලට වඩා බොහෝ වටිනා අවස්ථාවක්.

TIP

Don't forget to take your bathers, and good sun protection; with the heat, and the reflection from the water, you'll need both. It's worthwhile to contact the Navy at Talaimannar before planning your boat trip – tours are not provided in rough seas. Construction of the railway line to Talaimannar is near completion, which means that soon,people will once again be able to travel easily from Colombo to Talaimannar by train. There are also talks of the ferry service from Talaimannar to Rameswaram Island (India) resuming in the near future.

Address

Medawachchiya-Talaimannar Highway, Talaimannar

Directions

Talaimannar is approximately seven hours drive from Colombo. To reach the Old Pier Navy complex from Mannar, follow the Medawachchiya-Talaimannar Highway to its end. The complex is on the left.

Contacts

Report Inaccuracy

Open 8am to 4pm every day

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments