Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Ajith Food Center

Talawatugoda Rd, Sri Jayawardenepura Kotte


Just another kadey on the side of the road that's great for getting some food on the go after work.



අපිට ලන්ච් ටයිම් කියන්නෙ හරියටම ස්කූල් ට්‍රැෆික් වෙලාව. ඒ හින්ද ලන්ච්වලට එළියට යනව කියන්නෙ මහ කම්මැලි වැඩක්. ඇයි ඉතිං ගියොත් හැට පැයක් ට්‍රැෆික් එකේ. හැබැයි එහෙම කියල ඉතිං අපි නොයා ඉන්නවද? නෑනෙ නෑනෙ! ඔන්න මේ පාරත් අපි ට්‍රැෆික් එකට බැන බැන ට්‍රැෆික් එකේම ගියා අජිත් ෆුඩ් සෙන්ටර් එකට. 

තැන

අජිත් ෆුඩ් සෙන්ටර් කියන්නෙ කෝට්ටේ තලවතුගොඩ පාරේ තියන මරූන් පාට රෙස්ටොරන්ට් එකක්. ඇත්තටම නං රෙස්ටොරන්ට් එකක් බවට හරවපු ගෙයක්. හැමෝම ඒ පාරෙ යන එන ගමන් දැකල ඇති. මෙතන ටේක් අවේ වගේම ඩයින් ඉන් පහසුකමත් තියනවා. මේගොල්ලන්ගෙ බේස්මන්ට් එක සම්පූර්ණයෙන්ම වෙන් කරල තියෙන්නෙ ඩයින් ඉන්වලට. විස්සකට විසි පහකට වුණත් එක පාර වාඩිවෙලා කෑම කන්න පුළුවන් තරමට ලොකු ඉඩක් එක්කම ෆැමිලි ඩයින් ඉන් රූම්ස් එහෙම වෙනම වෙන් කරලත් තියනවා.

බේස්මන්ට් එකට ඇතුල් වෙනකොටම මොකද්දෝ නහය කඩාගෙන යන කෙමිකල් සැරක් ආවට ටික වෙලාවකින් අපි ඒකට පුරුදු වුණා මං හිතන්නෙ. ඇතුළට හුළං එන්න කිසිම කවුළුවක් පේන්න තිබුණෙ නැති නිසා වෙන්න ඕන.

කෑම බීම

මෙතන රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරන්, බිරියානි වගේම ඉඳිආප්ප, කොත්තු, ෂෝටීට්ස් වගේ ජාති හැම එකක්ම තියනවා. ඔන්න අහන්නකො අපි ගත්ත දේවල්..

අපි ගිහින් මුලින්ම ඕඩර් කළා ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකක්. (රු. 200) හැබැයි අපි ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකක් ඉල්ලුවට ඒගොල්ලො අපිට ගෙනත් දුන්නෙ චිකන් රයිස් ඇන්ඩ් කරි එකක්. මිස්ටේක් එකක් වෙලා කියල අපි කිව්වම ඒගොල්ලො කිසි කතාවක් නැතුව චිකන් වෙනුවට මාළු බෙදන් ආවා. මේකට කරීස් පහක් බෙදල තිබුණා. කිරට උයපු බෝංචි,  කැරට් සම්බෝල, මැල්ලුමක්, නෝකෝල් සහ පපඩමක්. බෝංචි ටික කිරි රසයි. කැරට් සම්බෝලෙට හොඳට පොල්, ගම්මිරිස් දාල රස කරල තිබුණා. මේ කෑම පංගුව සෑහෙන සැර හින්දා අපි කටට සැරට හායිහූයි ගගා කෑවා.

නාසිගුරන් සහ EGB

ඊළඟට අපි ඕඩර් කළේ ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒකත් වැරදිලා නාසිගුරන් එකක් (රු. 450) එවල තිබුණා. ඒකට නං කමක් නෑ කියල අපි නාසිගුරන් එක කන්න හිත හදාගත්තා. මේක ආවෙ ඩෙවිල්ඩ් චිකන්, බුල්සයි එකක්, චිලි පේස්ට්, මිංචි සම්බෝල එක්ක. කොහොම වුණත් මේක අපිට ඒ තරම් කැමැත්තක් ඇති කරපු කෑම පිඟානක් වුණේ නෑ. බුල්සයි, චිලි පේස්ට්, මිංචි සම්බෝල ටික හොඳ තත්ත්වෙක තිබ්බට නාසිගුරන් රයිස් එකෙන් නියම නාසිගුරන් රස ආවෙ නෑ. ඒ වෙනුවට මේක කද්දි කටට දැනුණේ සෑහෙන තෙල් ගතියක් විතරයි.

අපේ ඊළඟ තේරීම බිරියානි එකක් (රු. 450). මේකේ ෆ්‍රයිඩ් චිකන්, බිත්තරයක්, පිපිඤ‍්ඤා, අන්නාසි එහෙම දාපු සම්බෝලයක් එක්ක මිංචි සම්බෝල තිබුණා. අජිත් ෆුඩ් සෙන්ටර් එකේ ඔක්කොම කෑමවල තිබුණ ටිකක් ලුණු වැඩි ගතිය බිරියානි එකෙත් අඩු නැතුවම! හැබැයි ෆ්‍රයිඩ් චිකනුයි පිපිඤ‍්ඤා සම්බෝලෙයි මිංචි සම්බෝලෙයි බිත්තරෙයි එකතු වෙලා හැදෙන බිරියානි කට නම් පංකාදු පහට තිබුණ නිසා ලුණු ගතිය ඒ තරම් අවුලක් වුණේ නෑ. සීසනිං එහෙම තිතට. බිරියානි එක තමයි කෑම තුනෙන් නම්බර් වන්.

ඊට අමතරව අපි තව ගත්තා ඩෙවිල්ඩ් පෝක් එකකුත්. (රු. 720) මේක බීලූණු, ලුණු, ගම්මිරිස්, තක්කාලි, සෝස් වගේම තෙලුත් යහමින් දාපු හොඳ එකක්.

සර්විස් එක

චිකන්, ෆිෂ් මාරු කරද‍්දි ආපු අවුල ඇරුණම, නිතරම අපිට ඕන දේවල් හොයල බලපු වේටින් ස්ටාෆ් එකක් මෙතන හිටියා. අවුලක් නැති සාමාන්‍ය සර්විස් එකක් අපිට ලැබුණා.

අවසාන වශයෙන්

රස ගැන තව පොඩ්ඩක් වැඩියෙන් සැලකිලිමත් වුණොත් මෙයාලට කෑම කඩයක් විදිහට සෑහෙන හොඳ තැනකට එන්න පුළුවන්. ඒත් සමස්තයක් විදිහට අජිත් ෆුඩ් සෙන්ටර් එක අවුලක් නැතුව බඩ පිරෙන්න කෑම කන්න පුළුවන් තැනක්.


Similar Places

User Reviews
S
1

1/5

0

Supun sm

Devel chicken walata denne, batter eke dapu chicken ait devel dala…😭😭

S
1

1/5

0

Supun sm

Devel chicken walata denne, batter eke dapu chicken ait devel dala…😭😭

See 2 Comments