Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Akasa Kade

Ceylinco House, 13th Floor, 69 Janadhipathi Mawatha, Colombo 1


A rice and curry buffet with with 20 curry options, some of the best views in the city and a super central location for Rs. 1000? Well that's what Akasa Kade on the top floor of the Ceylinco House building in Fort offers every day of the week.



සතියේ හැමදිනකම ව්‍යංජන වර්ග 20ක් අතරින් තෝරාගන්න පුළුවන් බත් හා කරි බුෆේ එකක්. කොළඹ නගරය මැද අති සුන්දර දර්ශනයක්. මේ සියල්ල රු. 1000ක්. විශ්වාස කරනවාද? මේ තමයි, කොළඹ කොටුවේ සෙලින්කෝ ගොඩනැගිල්ලේ මුදුන් මහලේ ආකාස කඩේ.

ලංකාවේ වැඩිදෙනෙක් දවසට තුන්වේලක් බත් කෑවාට, බත් හා ව්‍යංජන රසට හා හොඳට පිරිනමන තැන් හරි අඩුයි. ඉහළ මිළට, සමහරවිට රසවත් බත් පිරිනමන තරු පන්තියේ හෝටලුත්, අඩු මිළ අපිළිවෙල බත් කඩත් කෙතරම් තිබුණත් ගෙදර හැදූ බත් රස දෙන මැද මට්ටමේ තැන්නම් හරි අඩුයි.

ඉස්සර තිබුණා 'රජ බොජුන්'. දැන්නම් එතැන එතරම් විශිෂ්ට නැහැ. බත් හා ව්‍යංජන පිරිනමන මැදමට්ටමේ තැන් අතරින් හොඳම තැන ග්‍රීන් කැබින්. ආකාස කඩේත් එවැනි හොඳ තැනක්.

දිවා ආහාරයට කොටුව දෙසට යනකොට අපේ මුතුන් මිත්තනුත් එහෙම කළාය කියා හිතෙනවා. ඒක ඇත්තටම එහෙම වෙන්න ඇති. ආකාස කඩේ 1963 සිට පවතින තැනක්. ඒකාලේ මහල් 13ක සෙලින්කෝ තමයි, කොළඹ උසම ගොඩනැගිල්ල. ඒ වගේම එය වැදගත්ම තැන් අතරින් එකක්. දැන් එතැන සංවර්ධනයේ ඉතිහාසයේ එක් දුක්බර පැතිකඩක් නිරූපණය කරන තැනක් වුණාට, ආකාස කඩේ තවමත් නගරයේ සුන්දරම දර්ශනයක් අපට පෙන්වනවා.

බුෆේ දිවා ආහාරය වෙනුවෙන් ඔබ වැය කරන රුපියල් දහස ‍සමග කොළඹ වරායේ, ගාලුමුවදොර හා අවට මනස්කාන්ත දර්ශනයක් ඔබේ දෑස් ඉදිරිපිට.

ඒ වුණාට ප්‍රශ්නය කෑම නම් හොඳ නැහැ. පෙනුමෙන් හොඳ වුණාට එහි ඇති ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය බත් කඩයක ඇති සරළ රසයන් මෙහි නැතිකම. සාමාන්‍ය බත් කඩේක නැති විවිධත්වයක් එහි තිබෙනවා. මුකුණුවැන්න, බැදපු හතු, තන්දූරි චිකන්, ආප්ප මෙන්ම නෙළුම් අල ව්‍යංජනයක් පවා එහි තිබුණා. ඒත් කිසිවක විශේෂ රසවත්බව්‍ක් තිබුණේ නැහැ.එය සාමාන්‍ය කෑමවේලක්. රු. 1000කින් ඔබට මීට වඩා දේ කරන්න තිබුණා.

ඒත්, මතු මහලේ කෑම ශාලාවේ සිට ඔබට දකින්නට ලැබෙන දර්ශනය මුදලින් මිළ කරන්න පුළුවන් එකක් නොවෙයි. ඒ නිසා කෑම රස නැතිවීම ගැන නොසිතා එහි යන්න.

TIP

Head up to the second floor mezzanine for the best views.

Address

Ceylinco House, 13th Floor, 69 Janadhipathi Mawatha, Colombo 1

Contacts

Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
K
2

1/5

0

karukkaruk

We went there yesterday based on ur review and were to find out That this place seems to have been closed for a few years now.

K
2

1/5

0

karukkaruk

We went there yesterday based on ur review and were to find out That this place seems to have been closed for a few years now.

See 9 Comments