Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Al-Jazeera Arabic Restaurant

293 Dean's Road, Colombo 10


This place is closed now



අපි කොළඹ ෂුගර් සහ බර්ගර්ස් කිං වැනි බීෆ් හා බනිස් බර්ගර් අලෙවිකරුවන්ගේ විශිෂ්ටත්වය තවදුරටත් තිබේද කියා සාකච්ඡා කළේ වැඩි ඈතකදී නොවෙයි. අපි හිතුවේ එය බැසගිය සඳක්ය කියායි. ඒත්, අල් ජසීරා ගැන දැනගත් පසු අපේ අදහස වෙනස්වුණා. පටලවාගන්න එපා. මේ ඒ රූපවාහිනී චැනලය නොවෙයි. යේමන් අවන්හලක්. එය පිහිටා තිබෙන්නේ මරදානේ ඩීන්ස් පාරේ. විශිෂ්ට අරාබි ආහාර පිරිනමන අල් ජසීරා තමයි පුරවරයේ නවතම බර්ගර් රජු.

බර්ගර්ස් කිංගේ හෝ ෂුගර්ගේ අතීත රස කෞශල්‍යය ගැන ඔබ අතීතකා්මී නම් ඒ විශිෂ්ටත්වය නැවත විඳින්න පුළුවන් තැනක් තමයි අල් ජසීරා. ඔවුන්ගේ චිකන් හා චීස් බර්ගර් කියන්න් මුව තෙත් කරන මායෝ පිරුණු සිහිනයක්. මතකද බර්ගර්ස් කිං කොම්පඤ්ඤවීදියේ පුංචි කරත්තයක්ව තිබියදී විකිණූ ඉන්ද්‍රජාලික රසයන් තවරා බදින ලද චිකන් කුට්ටි? මතකද මේ කරත්තය වඩා දීප්තිමත්, වඩා පිරිසුදු තැනක් බවට පත්වෙමින් ඇත්තෙන්ම කරත්තයක් නොවන තත්වයට පත්වුණාම පැරණි කරත්තයට ලොල් වූ පුද්ගලයන් අතර පැතිරුණු දුක? ඒත්, ඔබට දැන් පුළුවන් රස පිළිබඳ ඒ මතක මංපෙත් ඔස්සේ නැවත සැබැවින්ම ඇවිදින්න.

අල් ජසීරා චිකන් බර්ගර්. ලොකු, මෘදු බනිසක්. ඝන, රසට බදින ලද චිකන් කුට්ටියක්. එහි මෘදු මාංශය ඇතුළටම කාවදින පරිදි කුළුබඩු රස එක්කරලා. දියවූ චීස් එය පුරා විසිරිලා. සරු, උකු මායෝ තට්ටු දෙපැත්තෙන් වැගිරෙනවා. රසට හැපෙන ළූනු රවුම් දෙපැත්තෙන් පිටතට පනිනවා. මේ බර්ගරය බර්ගර්ස් කිංගේ හොඳම කාලයේ බර්ගර් වගේ රසවත්. රු. 260කට ඒ වගේ රසවත් බර්ගර් එකක් මිළදීගැනීම හරියට ‍ඒක හොරකම් කළා වගේ.

අපි ඉන්නේ අල් ජසීරා ගැන හරිම සතුටින්. බර්ගර්වලට අමතරව ඔවුන් පිරිනමනවා සිත්ඇදගන්නාසුළු අරාබි මෙනූපතක්. එය ඉංග්‍රීසියෙන් මෙන්ම අරාබි බසිනුත් ලියලා. එහි අපි කවදාවත් කාලා නැති බත් දීසි රැසක් තිබෙනවා. රෑ කෑමට විතරක් පිරිනමන ෂවරම හෝ කෙබාබ් අපි කාලා නැහැ. ඒත් අපි කාපු කබ්සා (රු. 350) අරාබි බත නම් අති විශිෂ්ටයි. එහි බත් අපේ දේශීය බාස්මතී හෝ සම්බාවලින් වෙනස්. ඝනකම හා ඇලෙන හා හැපෙනසුළු දික් ඇට සහිත ඒ බත ගම්මිරිස් හා කරදමුංගුවලින් යම්තමින් රස කරලා. චිකන් ප්‍රණීතයි. සැහැල්ලුයි. යන්තමින් කුළුබඩු යොදලා. මෙය සාමාන්‍ය අධික රසින් යුත් ව්‍යංජන සමග කන දවල් බතට වඩා වෙනස් අපූරු රසයක්.

අල් ජසීරා ඔබ යායුතු තැනක්. එය පිහිටා තිබෙන්නේ කොළඹ කාර්යබහුල කාර්යාල ප්‍රදේශයට දුරින්. එය කාර්යාලයීය දිවා ආහාර ඇණවුම් සඳහා හොඳ තැනක්. අල් ජසීරා තරගකාරිත්වය තුළ ඉදිරියට යන හැටි ඉදිරියේදී බලන්න පුළුවන්. ඒත්, මේ යන්නේ එහි හොඳම කාලය වගේ. මේ තමයි කොළඹ අලුත්ම රහස. යන්න, ගිහින් රස බලන්න.

TIP

They sell mountain dew! Rs. 100 a can.

Address

293 Dean's Road, Colombo 10

Contacts

E-Mail

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
A
2

5/5

0

AdahasAda

Please mark this place as 'Halal' guys. Thanks.

A
2

5/5

0

AdahasAda

Please mark this place as 'Halal' guys. Thanks.

See 24 Comments