Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Alumka Caterers (Thalawathugoda)

244/2, Pannipitiya Road, Thalawathugoda


ඇලුම්කා කේටර්ස් එකේ කෑමවල තියෙන විශේෂත්වය තමයි ගෙවන මුදලට ලැබෙන කෑම ප‍්‍රමාණයේ විශාලත්වය. ලොකු බඩගින්නක හිටියත් ඒක කාලා ඉවර කරන්න නම් ටිකක් අමාරුයි.



පෙරේදා පළමුදා නෙවෙයි, පහුගිය සඳුදා ඉඳන්ම කියල තිබුණෙ, ඊයෙ බොන දවස කියල. ආයෙ, කොල්ලො සෙට් එකම සෙට් වෙන නිසා, පොල්ල තිබ්බොත් පහුවෙනිදට පාරෙ බැහැලා යන්නෙ වෙන්නෙ නෑ.

අනේ ඉතින් මොනව කරන්නද? අද රාත්‍රියටත් සොරි.com කියල හිත හදාගත්තු මම, ඉස්සෙල්ලාම කළේ, ඔෆිස් එකෙන් පැනගත්තු එක. ඊට පස්සෙ අනන්ත වූ ට්‍රැෆික් බාධක මැද්දෙ පැය එක හමාරකින් විතර ගෙදරට සේන්දු වුණා. ඒ ඇවිල්ල, ෆෝන් එක අතට අරන් බැලින්නම් මිස් කෝල්, 10කට එහා පැත්තෙ.

හැඩ වැඩ දදා ඉන්න වෙලාවක් නෑනෙ. සෙනිකව ඇඟපත හෝදගත්ත මම ෂෝටයි බාටයි දාගෙන අඩියට දෙකට පාරට බැස්සෙ සමියලගෙ දිහාවට යන්න.

කොහොම හරි, වාඩියෙ ගේට්ටුව ලඟට යන්න මට විනාඩි 10ක් යන්න ඇති, උපරිම.

“සමියෝ…”

“ආ, වරෙන් වරෙන්. පුදුමයි උඹ පොඩ්ඩක් කල්තියා ආවා.

මේ ඔහොම්මම ගිහින් ඇලුම්කා එකෙන් බයිටුයි, කන්න මොනවහරියි ගෙනෙන්කො. බච්ච එයි බයික් එකේ උඹව ගන්න.

ආ.. මේං සල්ලි”

මම හිතුවා හරි, කලින් ආවොත් හැමදාම ඔහොම්මමයි. අම්මප, ‘මං ලබා උපන් විදියද’ කියල හිතෙන්නෙ ඔය වෙලාවට තමයි. ඉඳපු දෙතුන් දෙනත් බාගෙට ගහල නිසා උන්ව කඩේට යවන්න ටෝක් කරන්නත් බෑනෙ. පයින්ම හන්දියට ගියපු මම පාර මෙහා පැත්තෙ ඉඳන් ඔලුව උස්සල බැලුවෙ, ඇලුම්කා එකේ පෝලිමද කියල. වෙලාවට 5 පැනල නැති නිසා ලොකු අවුලක් නෑ.

අඩියට දෙකට පාර පැනල, කෙළින්ම කැෂියර් එකට කිට්ටු කළාට මොකද, ගන්නෙ මොනවද කියල හරි අයිඩියා එකක් මගේ ඔළුවෙ තිබ්බෙත් නෑ. ඒ නිසා ඉස්සලේලම කළේ මෙනුව බලපු එක.

මෙනුව බලල හොඳට හිතලා… බයිට් එකට කොහොමත් හරියන්නෙ ඩෙවිල් එකක් නිසා දැල්ලො ඩෙවිල් එකකුයි (රු. 990), අපේ උන් කොහොමත් ආස කරන ඇලුම්කා සීෆුඩ් රයිස් එකකුයි (රු. 550) ඕඩර් කළා. වැඩේ කියන්නෙ, ඊට පස්සෙ කියන්නකො මතක් වුණේ ඩයට් එකටත් මොනව හරි ගේන්න කිව්වා කියල. චයිනීස් ජාති 2ක් ගත්ත එකේ වෙනසකටත් එක්ක ඉන්ඩියන් මොනව හරි ඕඩර් කරනව කියල හිතපු මම කාලෙකින් කෑවෙත් නැති නිසා චපාති 3කුයි (1ක් රු. 110) හොදියි තමයි ඊළඟට ඕඩර් කලේ.

සාමාන්‍යයෙන්, ඇලුම්කා එකේ කෑම සියල්ල එවෙලෙ නිෂ්පාදනය වෙන ඒවා නිසා, මගේ අතට බඩු ටික එන්න විනාඩි 15ක් විතර ගියා. ඒත් මොකද, කෑම ටිකේ සුවඳ එද්දි!, එක මොහොතක් ඉවසන්න බැරි ගාණයි. වෙලාවට කඩෙන් එළියට බහිද්දිම, බච්චා ආවෙ මාව ගන්න. නැත්නම් එතනම තියාගෙන දෙසා බාන සීන් එකක හිටියෙ.

කොහොම හරි අපි පෙරළා වාඩියට එද්දි පළමු බෝතලයෙ, මුල් බාගය අහවරයි. ඒකත් ඉවසන්න පුළුවන්, කෑම ටික පිඟන් වලට දාලා ලෑස්ති කරගෙන එද්දි ඒ බාගෙනුත් තව බාගයක් අහවරයි කියන්නකො.

“ඒමද? ඒනම් තොපි බිපන්, අපි කන්නම්” මළම පැනපු තැන, හිතට ආපු කේන්තිය වචන වලට හරවපු බච්චා කෙළින්ම මේසෙට වාඩි වුණේ පිඟානකුත් අරගෙනම. ආයෙ මොනව බල බල ඉන්නද මාත් ගත්තා පිඟානක් අතට. අරගෙන ඉස්සෙල්ලම බෙදා ගත්තා ෆ්‍රයිඩ් රයිසුයි දැල්ලො ඩෙවලුයි.

ඊට පස්සෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

එදා මෙදා තුර, තලවතුගොඩ අවට අපි දන්න කියන සුපිරි සී ෆුඩ් රයිස් එකක් තමයි ඇලුම්කා සී ෆුඩ් රයිස් එක. මොකද හැන්දට ගන්න ගන්න කටක් ගානෙ ඉස්සෙක්, දැල්ලෙක්, මාළු කෑල්ලක් අනිවා. ඒ නැතත් රස පදමට හදපු චොප්සි කැරට්, ලීක්ස් කෑල්ලක් හරි තියෙනව. මෙයාලගෙ රයිස් එකේ තියෙන විශේෂත්වය තමයි ලාවට දැනෙන ‘රියල් ෆ්‍රයිඩ්’ රස. ඒ කියන්නෙ අර ගිනිදැල්ලට පිච්චුණාම එන රස. බත් එකට එකතු කරන කැරට්, ලීක්ස්, ගෝවා එහෙමත් ඒ රසින්, රස වෙලා නිසා අමුතුම ගතියක් තියෙන්නෙ. ඔය අතරට සෝස්, චිලි පේස්ට් ටිකකුත් එකතු වුණාම පංකාදු පහයි.

දැල්ලො ඩෙවිල් එකෙත් රස නම් සුපිරි. පොඩි පැණි රස ගතියක් එක්ක එන සැර ගතිය නිසා බයිට් එකටම කියාපු. හොඳ හැටි කැරට්, ලීක්ස්, ගෝවා, ළූණු එහෙමත් එකතු කරල නිසා සයිස් එකත් ලොකුයි. අනික සුලැඟිල්ලක් විතර සයිස්, ගැඹුරු තෙලේ බැදපු දැල්ලො කෑලිත් 12කට 15කට එහා පැත්තෙ තියෙනව. හැබැයි එකක් කියන්න ඕන. ගාණෙ හැටියට නම් මේ ඩෙවිල් එක අන්තිම පාඩුයි. මොකද විශේෂයෙන් කතා කරන්න තරම් රසකුත් නෑනෙ. අනික දෙන්නෙක්ට වගේ තමයි ඇති වෙන්නෙත්.

අන්න, ඒකට බලන්න එපැයි චපාති ටික. ෂහ්!, ටොප් ඈ. තරමට කරවෙලා, පොඩි තන්දුරි, මසාලා රසක් එහෙමත් එකතු වෙලා… විශේෂයෙන්ම කියන්න ඕන චපාති කන්න දුන්න පරිප්පු, මසාලා, මිරිස් හොදි කලවමත් නොම්මර එකයි. චපාති පැත්තකින් තියල පාන්, ගෝදම්බ රොටි බඩ පැලෙන්න කන්න පුළුවන් ඒකත් එක්ක.

වැඩේ කියන්නෙ ඊට පස්සෙ?

ඊට පස්සේ….. ආයෙත් වරක් ඔළුව උස්සල කෑම මේසෙ දිහා බලන්න හම්බවුණේ නෑ,

“දැන් ඇති. බොන්නවර ගුටි නොකා” එහා පැත්තෙ ඉඳපු එකා ඇඟට කඩන් පැනපි කියන්නකො.

අනේ, කියන්න කණගාටුයි යාළු, කෑම කතාව එතනින්ම නිමි!


TIP

Try Sea food Nasiguran

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

244/2, Pannipitiya Road, Thalawathugoda

Directions

It's between the P & S and Sampath Bank, just before Thalawathugoda junction when travelling from Pelawatte

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments