Pannipitiya Road, Sri Jayawardenepura Kotte, Sri Lanka
Open until 11:00 PM
Hopeless...!
හදිස්සියට දෙයක් ඇරේන්ජ් කරනව කියන්නේ.. මාර වහක් ඈ!
ඇයි අප්ප හැමෝගෙම අදහස් ටික ගලපන්නත් ඕන. අවසානයේ අදාළ කෙනාව සතුටු කරන්නත් ඕන. ලේසි නෑ ඉතින්. හැබැයි එහෙමයි කියල වැඩේ අතඇරියෙත් නෑ. කොහොමහරි කල්පනා කරල කල්පනා කරලා... අවසානයේ හොඳ තීරණයකට ආවා.
“ම්.. යමු ඇලුම්කා එකට. මොකද එයා ඉස්සර ඉඳන් ම කැමතියිනෙ ඇලුම්කා එකේ කෑමවලට” යාළුවට මම අදහස දැම්ම.
“මමත් හිතුවෙ ඕකමයි බං. එළ එළ, ඒනං යමං ඒකට”
සනික! ආයෙ ඉතින් මොකටද පරක්කුවක් කියල දෙන්න පිටත්වුණා පැලවත්තට. හැරත් අලුතෙන් හදපු කඩේ නිසා ලොකු බලාපොරොත්තු එහෙමත් හිතේ තියාගෙන. ගිහිල්ල හිටං ඉස්ඉස්සෙල්ලා ම ඕඩර් කලේ ඉඳි ආප්ප (රු. 4), කිරි මාළු (රු. 260), පරිප්පු (රු. 130), පොල්සම්බෝල (රු. 100) පෝෂන් එකක්. ඊට පස්සෙ නිකමට හිතිල ආප්ප (රු. 25), බිත්තර ආප්ප (රු. 60) ටිකකුයි චිකන් කරියකුයිත් (රු. 270) ඕඩර් කලා. වැඩේ කියන්නෙ ඒ අතරට මෙන්න යාළුව මසාලා තෝසෙ (රු. 100)එකකුත් දාලා.
මොනව කරන්නද ඉතින්, ඒකෙන් වුණේ කෑම තොගේ වෙලා, එන්න ගියපු වෙලාව වැඩි වුණ එක. මොකද එයාලා ගොඩක් ඒවා දෙන්නෙත් එවෙලෙ හදලනෙ. ඒ වුණාට ඉතින් උණු උණුවෙ නිසා හිතට දුකක් නෑ. ඊටත් ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ සුවඳ ගගහ තිබ්බ රස බොජුන් ටික බඩට දාගන්න.
ඒත්... ගිහින් බලද්දිනෙ! සිහින සියල්ල ම නිකම් ගංවතුරෙ ගියා වගේ අප්ප. හයියෝ... දීසි ටිකකට කෑම ටික දාලා මම මුලින්ම වැඩේට බැස්සෙ ඉඳි ආප්ප, කිරි මාළු, චිකන් කරි පොල්සම්බෝල ගැළපුමෙන්. සත්තයි... කෝකිය හිටය නම් ගහක ගැටගහල කවන්න හිතෙන තරම්.
කිව්වට විශ්වාස කරන්න යාළු, මොන මළදානයක් දාලා හදලද මන්දා, කිරි මාළු එකේ කිරි රස විතරයි. ඒකත් අර ඔරිජිනල් පොල් නෙවෙයි, පිටිකළ පොල්. ඊටත් අඩුම තරමෙ ඒකට ගම්මිරිස් පොඩ්ඩක්, රම්පෙ කරපිංචාවක්වත්… ම්හ, කිසිම නෑ ආ... කොටින්ම කියතොත් හරියට අමුතුනපහ ටිකක්වත් දාලා නෑ. මාළු කෑල්ලත් ලොකුවට තියෙනව විතරයි. රහක් අල්ලලන්න තියා හිතලවත් නෑ.
වැඩේ කියන්නෙ ඒකත් වාවගතහැකි, පොල්සම්බෝලෙනෙ.. චැහ්! තනිකරම නිකම් වේලිලා ගිහින් වගේ. අනේ මන්දා. ලූණු, තක්කාලි, අමුමිරිස් ටික නම් ලාවට දාලා තිබුණ. ඒත් කටක් දෙකක් කෑවට පස්සෙ ඒකත් එපා වෙනව. චිකන් එකෙත් ලොකු වෙනසක් නෑ කියන්නකො. සත්තයි මට හිතාගන්න බැරි, ඇත්තටම මොකක්ද මේ කඩේට වුණේ කියල. ඉස්සර යාළු ඇලුම්කා කිව්වාම, මිනිස්සු නිකම් කෙළ හලහල ඉන්නෙ කෑම එනකම්.
චිකන් එකේ ඔන්න තනිකරම තෙල් හොඳේ. ඊට පස්සෙ වතුර. ඊටත් පස්සෙ ඉඟුරු සුදුළූණු ටිකයි රම්පෙ කරපිංච අඩුපාඩුයි. ඒ අතරට අඩු නැතිව උළුහාල්, එනසාල් වගේ ඔය මසාලා ටයිප් එකේ කුළුබඩු. ම්ම්… මිරිසුත් නැතුවම නෙවෙයි. වැඩේ තියෙන්නෙ ඒකෙ රස නිකම් රසම් එකක වගේනෙ. චිකන් තියා... කුකුළෙක් ළඟින්වත් ගියපු රසක් නෑ. හොද්දෙත් නෑ... කාලා බැලින්නම් චිකන් කෑල්ලෙත් නෑ. චිකන් රසක් හරි හැටි නැති චිකන් කෑල්ලක් කිව්වාම හිතාගන්න පුළුවන්නේ. එක්කො ඒ කුකුළ ෆ්‍රීසර් එකේ ඉඳල තියෙනව ජීවත් වෙලා හිටියට වැඩිය කාලයක්, නැත්නම් කුක් කියල අරගෙන තියෙන්නෙ මේසන් බාස් කෙනෙක්.
නිකම් හිතන්න... පරිප්පු කිව්වාම කොහොමත් යම්කිසි රසකට හදන්න පුළුවන් කෑමක්නෙ. ඒකත් මොකක්දෝ කරල, කිරි රස විතරයි. හැබැයි ඉතින් අවංකයෙන්ම කියන්න ඕන ඉඳිආප්ප ටිකන් නම් ටොප් ආ... කෙළින්ම ආයෙ හාල්පිටිවලින් හදල, හොඳ ඝනකමට එහෙම. ඇත්තටම හොඳයි ඈ… ඒ වගේම තමයි රෝස් පාන්ගෙඩියත් හරිම ෆ්‍රෙෂ්. එතකොට... මසලා තෝසෙ එක!
අන්න ඒකනම් පුරාවෘත්තීය මසාලා තෝසෙ එකක්. සාමාන්‍යයෙන් මසාලා තෝසෙ වගේ ඒවට හදන්නෙ පේපර් තෝසෙ එක පාවිච්චි කරලනෙ. ඒකට මෙයාලා, අර උලුඳු තෝසෙ එක ලොකුවට හදල ඒක මැද්දට එළවළු තෙල් දැමුමක් තියල යවල. ඇත්තටම ඒක දිගඇරපු වෙලාවෙ නම්.. යාළුවටයි මටයි විතරක් නෙවෙයි, අහල පහළ ඉඳපු හැමෝටම කේන්තියි.
ඇත්තටම බැරි කෑම, එක්කො නොහද ඉන්න ඕන. හත්ඉලව්වෙ අපි සල්ලි ගෙවලනෙ කන්නෙ ඈ..!
Alumka Caterers have been very successful since they opened up their take out restaurant in Battaramulla several years ago. They offer a variety of food from Rice and Curry and Chinese Fried Rice Packets to Kotthu, Hoppers and even Vegetable Rotti and Wadè. Nowadays, come dinner time, you will find their little hole in the wall frenzied by crowds of hungry people.
සිංහල ඒත්... ගිහින් බලද්දිනෙ! සිහින සියල්ල ම නිකම් ගංවතුරෙ ගියා වගේ අප්ප. හයියෝ... දීසි ටිකකට කෑම ටික දාලා මම මුලින්ම වැඩේට බැස්සෙ ඉඳි ආප්ප, කිරි මාළු, චිකන් කරි පොල්සම්බෝල ගැළපුමෙන්. සත්තයි... කෝකිය හිටය නම් ගහක ගැටගහල කවන්න හිතෙන තරම්.
සිංහල වසර කීපයකට කලින් බත්තරමුල්ලේ පිටත කෑම ගෙන යා හැකි අවන්හල විවෘත කළ තැන් පටන් ඇලුම්කා ෆුඩ් කැබින් දිනෙන් දින සාර්ථක වුණා. ඔවුන් බත්-මාළුපිනි, චීන ෆ්‍රයිඩ් රයිස් පාර්සල්, කොත්තු, ආප්ප මෙන්ම එළවළු රොටි හා වඩේ ද පිරිනමනවා. දැන් රෑ කෑම වෙලාවට මේ කුඩා කඩය බඩගිනිකාර මිනිසුන්ගෙන් පිරී ඉතිරෙනවා.
Address
Pannipitiya Road, Sri Jayawardenepura Kotte, Sri Lanka
Directions
Turn to Pannipitiya Road from Battaramulla Junction, it will be on your Left about 400m down.
Contacts
Report InaccuracyOpen until 11:00 PM
Price Range
Ratings Breakdown
3/5
Love the food, portions are amazing! But the service quality is sooo low! The workers that work look so frustrated and dirty and sweaty which is not a really good sight to see! Doubting if the food is clean….overall the food can be balanced with the seasoning! they sometimes season it waaay too much!
as former frequent patrons of both the thalawathugoda and pannipitiya locations - the quality varies a lot esp salt and more often than not you get a bit of sand crunch as well…this a cut above saivar and not quite sensaal…we now just get wades from here - they seem to be relaiable consistently. there is a mad dash for this place on peak times and its highly disorganized so be patient if you really want some.
Their customer service is the pits. Been like that for years and they simply don't care. Try queing up for anything in the evenings and try to catch a staff member's eye to attend to your order. They just ignore people or serve people they want to. You have to be tall, have a long arm and persuasive voice to get a waiter to pack your meal, after paying for it. And that could take between 15 minutes or more
Good, solid food! You can even get a pork koththu! Love what they call a Kati Kebab or what ever, which is a chicken wrap in a still unidentified roti/chapathi thing…super!
Their fried rice is good when it is hot. Kottu was also good. But once eaten you feel really thirsty. I concluded that they put some flavoring too much which makes us thirsty as a side effect. This happens especially with Kottu. Among all odds I still can't keep away from tasting their fried rice once in a while :). Alumka gives a large portion that would serve at least 2 people. I have tried some of their other stuff. The tastes and the portions seem to be worth for money.
alumka the best…as far as i v knwn.
15 minutes deal is usually happens when they cook food on the spot at that time.no pre mades …fried rice and kottu z a bomb…truely an amazing place…realy good service whn they do catering…
I am a big time customer of Alumka. Can recommend
chicken wrap (150/-) which has improved over the time which is great.
Poori (200/-) is great which gives 03 big poori's + potato curry
also their fish bun is good.
BUT Koththu is average.
Their rice and curry is yummmmmy. But I wish they'd give more rice to match the generous portions of veggies & chicken. Fully worth the price
3/5
JanithDeZoysa
Love the food, portions are amazing! But the service quality is sooo low! The workers that work look so frustrated and dirty and sweaty which is not a really good sight to see! Doubting if the food is clean….overall the food can be balanced with the seasoning! they sometimes season it waaay too much!
5/5
Sabby
LOVE this place! Portions are massive. Roti rolls are the bomb!