Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

4/5

Amaravathi Restaurant

2 Mile Post Ave, Kollupitiya, Colombo 3


Amaravathi is a non-vegetarian South Indian restaurant located on a narrow street off the Galle road, serving great thosas, thalis and one of the country's best biriyanis.



“අද ෆුඩ් කෝර්ට් එකෙන් කන්න වෙනවා කියලා මතක් වෙද්දීත් එපා වෙනවා බං”

එදා ඉරිදා දවසක්. අපි හිටියේ කොල්ලුපිටියේ හන්දියේ. අද වගේ දවසක මේ හරියේ බත් කටක් කන්න පුළුවන් විදියේ හරිහමන් තැනක් නෑ කියලා මට මතක් වුණෙත්, මූණ බෙරි කරගත්ත මගේ යාළුවා මෙහෙම කියද්දීයි. මොකද වටේපිටේ තියෙන සේරම බත් කඩවල් අද වහලනේ.

කීයක් හරි වැඩිපුර දීලා හරි කමක් නෑ, හිතේ හැටියට රස කෑම ටිකක් කන්න ඇත්තන්. ඔහොම හිතුණු නිසා ම මං අපේ යමු ඇප් එකේ අරහෙට මෙහෙට පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. ඔන්න ඔය වෙලාවේ තමයි මට අමරාවතී රෙස්ටෝරන්ට් එක සෙට් වුණේ.

තැන

කොල්ලුපිටියේ බර්ගර් කිංග් එක තියෙන තැන දන්නවා නේද? අමරාවතී එක තියෙන්නේ ඒක ළඟින් හැරිලා යන්න තියෙන මයිල් පොස්ට් ඇවෙනියු එකේ. රෙස්ටෝරන්ට් එකේ පිට පැත්ත සම්පූර්ණයෙන් ම සැරසිලා තියෙන්නේ ලීයෙන්.

ලොකුවට කැටයම් දාපු තඩි ලී දොරකින් ඇතුල් වුණු අපි වටපිට බැලුවා. ළා සද්දෙන් ඇහෙන හින්දි සංගීතය ඇරෙන්න, මෙතන තිබුණේ හරි නිස්කලංක ගතියක්. ලී පුටු මේස පිළිවෙළට අහුරලා, ඉඩකඩත් හොඳ ගානට.

කෑම බීම  

උතුරු ඉන්දියානු වගේ ම දකුණු ඉන්දියානු කෑමවලින් අමරාවතී එකේ මෙනුව පිරිලා. හැබැයි මේකේ සමහර කෑම ගන්න පුළුවන් රෑ වරුවට විතරයි. දවල් කෑමට නාන්, කොත්තු එහෙම ගන්න නැතිලු. දවාලේ තියෙන කෑම වර්ග අතරෙන් අපි තෝරගත්තේ චිකන් බිරියානි (රු.700) එකකුයි, බටර් චපාති (එකක් රු.100) එකකුයි, මට්න් පෙපර් මසාලා (රු.890) එකකුයි.

චිකන් බිරියානි එකේ සයිස් එක දැක්ක ම අපි දෙන්නගේ ඇස් උඩ ගියා. එක පෝෂන් එකක් වුණාට මේකේ දෙන්නෙක්ට හරියන තරමට බත්! ඒ විතරක්යැ, තඩි චිකන් කෑලි ම තුනක්. බිරියානි බත නම් සිරාවට ම මාර රසයි. අඩුමකුඩුම සේරම හරි ගානට දාලා හොඳට තෙම්පරාදු කරපු ගතියක් ඒකෙ තිබුණා. ලොකු තෙල් ගතියකුත් නැහැ. කොටින් ම කිව්වොත් හොද්දක්, මසක් නැතුව ම වුණත් කාගෙන යන්න පුළුවන්. මේකේ තිබුණු චිකන් එකත් මරු. කුළුබඩු යහමින් දාලා මැරිනේට් කරපු රස මේ චිකන් කෑලිවලින් අඩු නැතුව දැනුණා.

මගේ යාළුවට මට්න් කරිය කොච්චර අල්ලලා ගියාද කිව්වොත්, මිනිහා දීසිය පිටින් ම ඒක පිඟානට හලාගත්තා කියන්නකෝ. චපාති රොටි කෑල්ලක් කඩාගත්ත මම  වදෙන් පොරෙන් මේකට හොස්ස දාලා බැලුවා. ෂහ්! පංකාදු රසයි ඈ! ලුණු පහේ නියමෙට ගළපලා. මේකේ හොද්දත් හෙන උකුයි. චපාති රොටි විතරක් නෙවෙයි, බිරියානි එකේ ඉතුරු බාගෙට අපි වග කිව්වෙත් මේ හොද්ද එක්ක.

අහ්! චපාති රොටිය ගැන කියන්න අමතක වුණානේ. නමේ විදියට ම මේකේ බටර් ගතිය හොදට තිබුණා. හැබැයි බඩ පිරෙන්න කන්න ඕනේ නම්, අඩු තරමේ මෙයින් රොටි දෙකක්වත් කන්න ඕනේ.

සර්විස් එක

අමරාවතී එකේ සර්විස් එක හුඟක් හොඳයි. ස්ටාෆ් එකේ උදවිය හරි ම සුහද විදියට කතා කරනවා. අපේ මේසෙට කෑම ටික එන්න ගත වුණේ විනාඩි 15ක් වගේ කාලයක්.

අවසාන වශයෙන්

රුපියල් 2000කට වගේ ඉන්දියන් කෑමවලින් දෙන්නෙක්ගේ බඩ කට පුරවගන්න හොඳම තැනක් තමයි මේ අමරාවතී එක. වැඩේ කියන්නේ ගෙදර ඉඳන් වුණත් මේ කෑමවල රස බලන්න පුළුවන්. මොකද එයාලගේ ඩිලිවරි සර්විස් එකකුත් තියෙන්නේ.


TIP

Parking, while better than before, is still a bit limited.

Address

2 Mile Post Ave, Kollupitiya, Colombo 3

Contacts

Report Inaccuracy

Open Noon to 3 PM (lunch), 6 to 11 PM (dinner)

Cuisine

Indian South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
1

Similar Places

User Reviews
R
1

2/5

0

Ralston Joseph

Had a nasty experience today. The new management has a policy against people sharing food. I have been going there for a long time and have never heard of a minimum table tab or anti-sharing policy. I understand if the rules are new, but then they must be displayed in public, on the menu or conveyed to customers before taking the order. The Manager was rude in responding to my query and stated bluntly that he didn't care if we left. Disappointed that such an establishment of repute is run by Management that not only breaches customer information rights, but also treats them with disrespect.

R
1

2/5

0

Ralston Joseph

Had a nasty experience today. The new management has a policy against people sharing food. I have been going there for a long time and have never heard of a minimum table tab or anti-sharing policy. I understand if the rules are new, but then they must be displayed in public, on the menu or conveyed to customers before taking the order. The Manager was rude in responding to my query and stated bluntly that he didn't care if we left. Disappointed that such an establishment of repute is run by Management that not only breaches customer information rights, but also treats them with disrespect.

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

R
1

4/5

0

Raiza

We went here on Sunday and loved it! Ordered a mutton biriyani (now Rs, 640/=) and a rasam (130/= sufficient for 2) and a chicken pakoda (Rs. 350/= i think and sufficient for around 4 people to snack on) The service was excellent - the wait staff were very friendly and the food was great! Will definitely go here more often :)

See 22 Comments