Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Amaravathi Restaurant

2 Mile Post Ave, Kollupitiya, Colombo 3


Amaravathi is a non-vegetarian South Indian restaurant located on a narrow street off the Galle road, serving great thosas, thalis and one of the country's best biriyanis.



අමරාවතී කියන්නේ නිර්මාංශ නොවන දකුණු ඉන්දීය අවන්හලක්. ඒක පිහිටලා තියෙන්නේ ගාලු පාරෙන් හැරිලා යන පටු වීදියක. එහෙ කදිම තෝසේ, තාලිස් සහ රටේ තියෙන හොඳම බුරියානි වලින් එකක් ඔබට පිළිගන්වනවා.

ශ්‍රී ලංකාවේ චීන සහ උතුරු ඉන්දීය අවන්හල් ඇති තරමක් තිබුණත් අපේ මධ්‍යම ප්‍රමාණයේ සිට ඉහළ මට්ටමේ දකුණු ඉන්දීය අවන්හල් අඩුවෙන් තමයි තියෙන්නේ. අමරාවතී කියන්නේ ඒ දුර්ලභ දකුණු ඉන්දීය අවන්හල් වලින් එකක්. එයාලා මදුරාසි සහ අන්ද්‍රා ක්‍රමයේ කෑම ලබා දෙනවා. නිර්මාංශ නොවන කෑම ලබාදෙන තැන් තවත් දුර්ලභයි. මෙනූ එකේ සරවනා භවන් එකක (දකුණු ඉන්දියාවේ මැක්ඩොනල්ඩ්ස්) තියෙන සංකීර්ණත්වය නැතුව චෙන්නායි මුළුතැන්ගෙයක තියෙන ඕනෑම කෑමක් තියෙනවා. ඉද්ලි, දෝසා, ඌතපම්, රසම් එහෙ තියෙනවා. එයාලා හයිද්‍රබාද් වලට වඩා උතුරු ඉන්දියාවට සමීප නාන් සහ මසාලා පනියර්ස් හදනවා. ඒත් අපිනම් ඒවා නිර්දේශ කරන්නේ නෑ. දකුණු ඉන්දීය කුළුබඩු වලට සහ කරිවලට පමණක් සීමා වෙන්න. එයාලා හොඳට හදන්නේ දකුණු ඉන්දීය කෑම.

කොළඹ හොඳම බුරියානි?

ලංකාවේ බුරියානි රැවටිල්ලක් හා ලැජ්ජාවක් බවට පත්වෙලා තියෙනවා. බත් උයන හැම තැනකම වගේ මේ අපූරු මූගල් රසබඳුන පිළිගැන්වුවත් බොහොම කලාතුරකින් තමයි නියම රස තියන බුරියානි එකක් කන්න පුළුවන් වෙන්නේ. ගොඩක් තැන්වලදී ඔබට ලැබෙන්නේ ඕනවට වඩා බැදුන තැඹිලි පාට වුණ කුකුල්මස් තියපු දීප්තිමත් කහ බත් එකක්. අනිවාර්යයෙන්ම කහ දාපු ලොකු බත් ඇටත් තලා පොඩි කරන ලද මස් කෑලිත් ගිතෙල් දාපු තරබාරු ඩිෂ් එකක් තමයි ලැබෙන්නේ. (දැනගන්න - බුරියානි දීප්තිමත් වෙන තරමටම රසය මොළොක් වෙනවා.)

අපි කොළඹ තියෙන හැම බුරියානි එකක්ම කාල නැති වුණත්, අමරාවතී එකේ මට්න් බුරියානි (රු. 590 - දෙන්නෙකුට ඇති) කොළඹ තියෙන හොඳම බුරියානි එකක් විදියට ඉදිරියට එනවා. එයාලගේ බත් ලා දුඹුරු පාටයි. හොඳට මඳ ගින්නේ තම්බලා මින්ට් රසය වද්දලා කැරමල් ලුණු, කුරුඳු, කරදමුංගු පදමට දාලා. ඔබට හිතෙයි ඒකෙ රසය එන්නේ කුළුබඩු ගබඩාව ළඟ නිකං තියලා අරගෙන කියලා. කහ මේස හැඳි ගණන්, බත් ඇට ෆ්ලේවර්ස් වලයි වර්ණක වලයි ගල්වලා තියලා නෙවෙයි බුරියානි රසය අරගෙන තියෙන්නේ. ලොකු, ගිතෙල් ගල්වපු එළු මස් කලවම් කරලා දිලිසෙන තම්බපු බිත්තරයකුත් පැත්තකින් තියලා වානේ භාජනයක තියලා තමයි පිළිගන්වන්නේ. අවංකවම මේක අපේ ආච්චි අම්මගේ මට්න් බුරියානි එකටත් වඩා හොඳයි. ඔයාලා එයාට මම එහෙම කිව්වා කියලා කිව්වොත් මම කියන්නම්කො ආච්චි අම්මගේ කෑම වඩා රසයි කියලා. බත්වල තෙතමනය තියනවා. සිවුමැලියි. එළුමස් වල හොඳට මස් තියෙනවා. ඒක එන්නේ උකු හොද්දක් (ඒක නැතුව වඩා හොඳයි) සහ කදිම මින්ට් රසය තියෙන රයිතා (ඒක තියෙනවනම් වඩා හොඳයි) එක්ක.

චිකන් 65

කෑම වර්ගයක් නොනැසී පවතින්න ප්‍රධානම හේතුවක් තමයි ඒ හා අශ්‍රිතව ඇති වචන මාලාව. බොම්බේ ඩක්, ඩොල්ෆින් කොත්තු, චිකන් 65. දූසමාන ආරංචිය තමයි තරුණ හෝටල් කරුවෙක් හැම චිකන් කිලෝ එකකටම දමපු මිරිස් කරල් ගණන නිසා එකට චිකන් 65 කිව්වා කියන එක. අනිත් මතය තමයි ලෝකේ වටේම රවුම් ගහපු අරක්කැමියෙක් කමවර්ග 65ක් ඉගෙනගෙන ආපු නිසා මේ නම දැම්මා කියලා. නම කොහේ ඉඳලා ආවත් - ගොඩක් වෙලාවට මෙනූ එකක පසුපස අමරාවතියේ චිකන් 65 (රු. 490) එක ගැන ලියන්න ලියපු දිග ඡේදයට වඩා වටිනවා. රතුලුනු රවුම් වලිනුත්, කරකර ගා හැපෙන කවරයකින් ආවරණය වී ඇති මෘදු, ලා මස් කුළුබඩු ගොඩක රසයත් එක්ක එනවා. මම අවමන් කරන්න බය නෑ. මේක ගොඩක් ශ්‍රී ලංකන් ඩෙවල් චිකන් වලට වඩා හොඳයි. ඔන්න මම කිව්වා.

තමිල්නාඩුවේ ප්‍රමුඛතම කෑම වර්ගයක් හරියටම හදන්න අමරාවතියට පුළුවන් වෙලා. කොළවරී ඩි වලට අමතරව චෙන්නායි වලින් ලෝකෙට දුන්න එකම තෑග්ග තමයි මේ අමුතු නමක් තියෙන තදින් බැදුන කුකුල් මස් කෑලි. ඝණකම් ඉඟුරු පේස්ට් එකක් රතු මිරිස් කුඩු, දුරු, ගම්මිරිස් වලින් මස් කෑලි වටේට දාලා, ඊට පස්සේ ඒ මස් කෑලි කෝර්න් ෆ්ලවර් වලින් වහලා බුබුළු දාන තෙල් එකකට දාලා. මේ මස් පදම් කිරීම සඳහා තනා ගන්නා මුසුවේ තියෙන රහස අවන්හල්වල සිට රා පොට් දක්වා වෙනස් වෙනවා. ඒ නිසා කවදාවත් එකම චිකන් එක දෙපාරක් කන්න වෙන්නේ නෑ.

තාලි එකක් කාලා බලන්න.

ඉන්දියාවේ කෑම වේල් ලෙස හඳුන්වන තාලි හරිම ලස්සනයි. කාලා බලන්න වටිනවා. ඒවා රසයි වගේම ගෙවන මුදලට හොඳට වටිනවා. ඒ වගේම නියම දකුණු ඉන්දීය රස දැනෙනවා. අමරාවතියේ තාලි එකක් රු. 490ක් වෙනවා. ඒවා සාමාන්‍යයෙන් හොඳයි. ඒත් ඔබ ගොඩක්ම මාංශ භක්ෂක පැත්තට බරනම් අපි ඒක අනුමත කරන්නේ නෑ. ඒක පිළිගන්වන්නේ විශාල වානේ තලියක. සාමාන්‍යයෙන් ඒක සුවඳ කෙසෙල් කොළයක තියලා තමයි එන්නේ.  සිල්වර් පිඟාන වටේට මාලයක හැඩයට කරි වර්ග තියලා. තයිර් සාදම් (කිරිපැණි බත්), රසම්, පරිප්පු, කුර්මා සහ තවත් දේවල් පිළිගන්වන්නේ සැහැල්ලු කරකර ගාන පපඩම් සහ චපාති හෝ බත් සමග. (ඔබ කැමතිනම් දෙකම ගන්න පුළුවන්.) සයිඩ්ස් නැවත පුරවන්නේ ඉල්ලීම අනුව.

ඉතින් එහෙනම්...

අමරාවතී හරි අපූරුයි. ඒත් හැම දෙයක්ම සම්බන්ධයෙන් නෙවෙයි. එයාලගේ ගුලාබ් ජමුන් ඔබව තැතිගන්වනසුලුයි. කඩයි පනීර් මධ්‍යම ප්‍රමාණයට හොඳයි. තෙල් සහ හොඳයි කියන්න යමක් නැති පොදු කරි හවුස් එකක පැසවීමක් පමණයි. සතුටුදායක ආහාරවෙලකට දකුණු ඉන්දීය කෑමවලට විතරක් සීමා කරන්න. චිකන් 65 එකක් එක්ක පටන් ගන්න. ඊළඟට මට්න් බුරියානි එකක් ඇණවුම් කරන්න. සමහරවිට ඒවා ඔක්කොම ගිළදාන්න උදව් කරන්නනම් මසාලා තේ එකක් හරි ෆිල්ටර් කෝපි එකක් හොඳවෙයි.

TIP

Parking, while better than before, is still a bit limited.

Address

2 Mile Post Ave, Kollupitiya, Colombo 3

Contacts

Report Inaccuracy

Open Noon to 3 PM (lunch), 6 to 11 PM (dinner)

Cuisine

Indian South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
1

Similar Places

User Reviews
R
1

2/5

0

Ralston Joseph

Had a nasty experience today. The new management has a policy against people sharing food. I have been going there for a long time and have never heard of a minimum table tab or anti-sharing policy. I understand if the rules are new, but then they must be displayed in public, on the menu or conveyed to customers before taking the order. The Manager was rude in responding to my query and stated bluntly that he didn't care if we left. Disappointed that such an establishment of repute is run by Management that not only breaches customer information rights, but also treats them with disrespect.

R
1

2/5

0

Ralston Joseph

Had a nasty experience today. The new management has a policy against people sharing food. I have been going there for a long time and have never heard of a minimum table tab or anti-sharing policy. I understand if the rules are new, but then they must be displayed in public, on the menu or conveyed to customers before taking the order. The Manager was rude in responding to my query and stated bluntly that he didn't care if we left. Disappointed that such an establishment of repute is run by Management that not only breaches customer information rights, but also treats them with disrespect.

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

R
1

4/5

0

Raiza

We went here on Sunday and loved it! Ordered a mutton biriyani (now Rs, 640/=) and a rasam (130/= sufficient for 2) and a chicken pakoda (Rs. 350/= i think and sufficient for around 4 people to snack on) The service was excellent - the wait staff were very friendly and the food was great! Will definitely go here more often :)

See 22 Comments