Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Ambistro's

219/1, W. A. Silva Mawatha, Colombo 06


Ambistro's does some decent pizza, but the other aspects, they can certainly improve.



වැල්ලවත්ත ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ උඩ තට්ටුවක දාල තියන පුංචි රෙස්ටොරන්ට් එකක් හොයාගෙන ගිය ගමනක් ගැන මේ..

තැන

ඇම්බිස්ට්‍රෝස් පුංචි තැනක්. දහ දොළොස් දෙනෙකුට විතර තමයි වාඩිවෙන්න ඉඩ තියෙන්නේ. හැබැයි ඒ පොඩි ඉඩ හොඳට කළමනාකරණය කරලා සුවපහසු විදිහට වගේ ම ලස්සනට නිර්මාණය කරලා තිබුණා. ඉතින් අපි ගිහින් මේසයක් වටේ වාඩි වෙලා මෙනු එක අතට ගත්තා.

කෑම

මෙනු එක පුරා ම පිට්සා, පැස්ටා, බර්ගර්, සබ්මැරීන් වර්ග පිරිලා. අපි ගත්තේ සියර් චියර් බර්ගර් එකයි (රු. 460), ෆියරි මට්න් සහ පෙපර් චිකන් හාෆ් හාෆ් දාපු පිට්සා එකයි (රු. 1700).

හැමදාම මස් දාපු බර්ගර්ස් කන හින්දා පොඩි චේන්ජ් එකකට කියලයි අපි මාළු දාපු බර්ගර් එකක් ඕඩර් කළේ. බර්ගර් එකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ සෝසුත් හම්බුණා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික නං ලුණු ගම්මිරිස් ඉහලා ක්‍රන්චි ගතියට තිබුණට මොකද බර්ගර් එක නං සතුටු වෙන්න පුළුවන් මට්ටමක තිබ්බෙ නෑ. තෝර මාළු පැටී එකයි සලාද කොළේකුයි සෝසුයි ඔහේ ඕනවට එපාවට බර්ගර් එක ඇතුළට දාල වගේ. ෆ්‍රෙෂ් ගතියත් මදි. ඉතින් හොඳ ෆිෂ් බර්ගර් එකකින් එන්න ඕන දිව පිනා යන රස ආවෙ නෑ.

පිට්සා එක ඒකෙ අනික් පැත්ත. මේගොල්ලො අනික් කෑම හදන එක නවත්තල පිට්සා විතරක් හදන්න පටන්ගත්ත නං හොඳයි කියල හිතෙන තරමට පිට්සා එකේ තත්වෙ සෑහෙන ම හොඳයි. මෙනු එකේ තියන අපි කැමති ජාති දෙකකින් බාගෙ බාගෙ වෙන්න හදල ඉල්ලගන්නත් පුළුවන්. කලින් කිව්වා වගේ අපේ බාග දෙක වුණේ ෆියරි මට්න් සහ පෙපර් චිකන්. නමේ හැටියට වෙන්න ඕන විදිහට ම මට්න් වගේ ම චිකන් ටිකත් හොඳට ම ස්පයිසි. විශේෂයෙන් පෙපර් චිකන්වලට හොඳට කුළුබඩු පාවිච්චි කරලා නියම පදම අරං තිබුණා. පිට්සා එක කටටත් සොෆ්ට්.

බීමට නම් මෙතෙන්ට ම විශේෂ වුණු බීම මුකුත් තාමත් එයාල හඳුන්වල දීල නෑ. ඒ නිසා දැනට තියෙන්නේ සෝඩා වර්ග විතරයි.

අතුරුපස

මෙනු එකේ තිබුණු ඩෙසට් ජාති දෙකෙන් අපි සිලෙක්ට් කරේ පැනා කොටා එක. (රු. 350) මේක මල් හතයි! පැණි රස වැඩි නොකර, නියම ගාණට. ඇත්තට ම පැණි රස ආවෙ උඩින් දාල තිබුණ ස්ට්‍රෝබෙරි ජෙලටින් ලේයර් එකෙන් විතරයි. ඒකෙ ස්ට්‍රෝබෙරි ඇට එහෙමත් තිබුණා. ක්‍රීම් එකත් හොඳ සුමුදුයි.

සර්විස් එක

අපිට සර්ව් කරපු දෙන්න ම සුහද මිත්‍රශීලී විදිහට කතාබහ කළා. කෑම ටික එනකන් ටික වෙලාවක් බලන් ඉන්න වුණත් ඒක ඒ තරං දැනුණේ නෑ.

අවසාන වශයෙන්

වැල්ලවත්ත හරියේ ඉන්නව නං ගිහින් බැලුවට පාඩු නෑ. මෙතන බර්ගර්ස් ගැන නං අපිට සතුටක් නෑ. පිට්සා නං මරු.

Address

219/1, W. A. Silva Mawatha, Colombo 06

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 12:00 AM

Cuisine

Western Italian Burgher

Price Range

Between Rs. 200 - Rs. 1500

Dish Types

Pasta Chicken Mutton Fish Burgers Submarines Pizza

Ratings Breakdown

Overall Rating
3
Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment