Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

4/5

Amigos Grill & Chill

206/A, Pannipitiya road, Thalawathugoda


A local-style street food vendor that does some great rice, kottu and burgers.



කාලයක් තිස්සෙ ඔතනින් යනවා එනවා..
ගොඩ වෙන්න ඔ්නමයි කියලා හිතකුත් තියෙනවා..

ඒත් වෙලාවක් නෑනෙ හරි හැටි ගැලපෙන්නෙ!

ඉතින් මාස ගාණක් තිස්සෙම වැඩේ මග ඇරිලයි තිබුනෙ. කොහොමහරී.. පහුගිය සතියෙ දවසක අපේ විශ්වි කෝල් කලා..

“ඒහ්, මෝ.. කරන්නෙ? අන්න සුප්පා බාබකියු ප්ලේස් එකක් තියෙනෝ හංදියෙ ෂෙඩ් එක ලඟ. යංද හැන්දෑවට බියර් 2කුත් අරගෙන”

“හප්පට! මං දන්නෝ ප්ලේස් එක. ආයෙ.. යං යං. කීයටද ගැලපෙන්නෙ?”

“6ට?”

“ගොඩ. මම එන්නම්!”

කිව්වට ඉතින් හැමදාම වගේ එදත්, මම.. එතනට යනකොට 6.30යි. යද්දි ඉතින් විශ්විම බලලා කරලා කෑම ඔ්ඩරේ දාලා. චිකන් බාබකියු එකයි (රු. 350), හවායියන් කොත්තුවයි (රු. 900), ඉස්සො රයිස් එකයි (රු. 700), පෝර්ක් බර්ගර් එකයි (රු. 890). එතකොට.. කටට සැරට කාලා, බීර බොන්න කලින් තොලකට තෙමා ගන්න, අයිස් මයිලෝ එකයි (රු. 240), එයාලම හදපු ජින්ජර් බියර් එකයි (රු. 250).

කිව්වට විශ්වාස කරන්න, පරක්කුවෙ තරම කියන්නේ.. මම ගිහින් වාඩිවුනාට පස්සෙ මේසෙට එන්න තිබුනෙ ඇත්තටම ප්‍රෝන් රයිස් එක විතරයි. හැබැයි ඉතින් එහෙමයි කියලා ගිහිල්ලා හිටං මං ඇඹරුනෙත් නෑ. ගත්තා කිට්ටුව පාතින් බාගෙට ඉවර වෙලා තිබ්බ ජින්ජර් බියර් එක. අරගෙන උගුරයි දෙකයි..

“ෂැහ්, ටොප්නෙ බං.. මරුවට ඉඟුරු රස තියෙනවා ඈ..”

“ඔව් බං. මේක මෙයාලම හදන එකක්. ඒකයි ඒ රස! අනික සීනිත් ගාණටම වගේනෙ. මරු ආ.. හැබැයි අයිස් මයිලෝ එකේ මට නම් නිකම් කිරි රස වැඩියි වගේ. උඹත් බීලා බලාංකො..”

දඩි බිඩියට.. ඉඟුරු රස කැපෙන්න පෝර්ක් බර්ගර් කෑල්ලක් කෑව මම.. මයිලෝ එක අතට ගත්තා..

ඒත්..

ඒ පෝර්ක් රසට වහ වැටිලා මෙන්න එක පෙලට කටවල් 2, 3ක්ම!

“මල් හතයි විශ්වි මේක. මුකුත් නෑ ආයෙ පෝර්ක් ටික පංකාදුවට ග්‍රිල් වෙලා. ඊටත් ඒකට දාපු සෝස්.. චීස් තොගේ. හප්පේ.. සැලඩ් එකත් එක්ක මාරම ගැලපිල්ලක් ඈ.. ඇත්තටම කාලෙකට පස්සෙ කාපු සුප්පම පෝර්ක් බර්ගර් එකක්”

‘සත්තයි, ඒක නම් කන්නම ඔ්න බර්ගර් එකක්’

ඊට පස්සෙ කොහොමහරි ඔන්න අයිස් මයිලෝ උගුරක්..

“ම්.. හැබැයි නරකක් නෑ බං. තව චොක්ලට් හරි, මයිලෝ හරි පැත්ත උඩ ආවා නම් ටොප්. වැඩිය ඔ්න නෑ අර හයිලන්ඩ් චොක්ලට් කිරි වලින් හැදුව නම් ගොඩේ ගොඩ බං”

“ඒක තමයි මාත් හිතුවෙ. නැත්නම් තව මයිලෝ හැඳි 2, 3ක් දැම්මත් ගොඩ, නේහ්..!”

“හ්ම්..”

කියලා හිටං ඊලඟට මං ගැලපුවෙ කොත්තුවෙන්.. 

හප්පේ.. ‘කැකරි ටින්කිරි කිව්වලු’ ඇත්තටම අන්නාසි නොදා තිබ්බ නම්..

ඒත් හවායියන් කියලා ගහලම තියෙනෝනෙ.

කොහොමහරි අඩුවක් කියන්න නෑ මිත්‍රවරුනි, කන කන කටක් ගානෙ චිකන්, සීෆුඩ්, පෝර්ක් මදි නොකියන්න.. ඊටත් ඒකට චිලි පේස්ට් ටිකක් ගැලපුනාම? පංකාදු පහයි. හැබැයී.. එයාලගෙ ඒ සෝස් එක නම් මට එච්චර ඇල්ලුවෙ නෑ. මොකද ඒකෙ පැණිරස ගතිය වැඩියි අප්පා..

හ්ම්.. ඔය ගානට කාගෙන යද්දි ඉතින් බඩ කටත් පිරිලා, බීර ටිකත් බාගෙට ඉවරයක් වේගෙන.. වැඩේ වුනේ අවසානයට පෙර යළිත්..

ඉස්සො රයිස් එක මේසෙට!

බාස්මතී හාලෙ බත, ඇති හැටියට කැරට්, ලීක්ස් අඩුම කුඩුම එක්ක නූලට රස තියෙන්නෙ සෝස් මදිපාඩුත් දාලා.. ලාවට ෆ්‍රයිවුනු ඉස්සොත්.. කොහොමත් 10, 12කට එහා පැත්තෙ..

ආයෙ ඉතින් කෑවා නෙවෙයි..

අන්තිමට දෙන්නට වැදිලා නැගිට ගන්න බැරි වෙන්න. ඒකත් බීලා නම් බැරියැ, කාලානෙ!

ආහ්.. කියන්න බැරිවුනා, ඔය සියල්ල මැදින් එහෙට මෙහෙට මාරුවෙලා පැත්තකට වුනු බාබකියු චිකන් තයි එක.

ම්.. ඇතත්ටම ඒකෙ සීසනින්ග් එක මදි. මදි කියන්නෙ, නැතිම ගාණක් වගේ තමයි අපිට දැනුනෙ. ඊටත් වටේ කරවෙලා මැද්ද ටිකක් කුක් වෙලාත් මදි ගතියයි. ඒ නිසා, කොච්චර වුනත් මෙයාලගෙ බාබකියු එක නම්…?


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment