Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Amrith

No.02, De Fonseka Road Colombo 05


Amrith has moved to a new location. The food is still consistent and while they aren't the best in town, they're still a valid option for Indian food.



'යමු' විසින් කොළඹ නගරයේ ඉන්දියන් අවන්හල් ජාලය මනා ලෙස ආවරණය කර නැහැය කියන එක ඇත්තක්. ඒකට හේතුව අපි මේ උතුරුකරයේ නෑදෑයින්ගේ කුළුබඩු යොදා රස හා සුවඳ ගැන්වූ ආහාරවලට අකැමැති නිසා නොවෙයි. හේතුව තමයි, කොළඹ ඉන්දීය අවන්හල්වල තිබෙන සුවිශේෂත්වයෙන් තොර සාමාන්‍ය ලක්ෂණය. හොඳ දවසක පවා ඒවා අති සාමාන්‍යයි.

ඉන්දියන් ආහාර යන්නෙන් අපි මෙහිදී අදහස් කරන්නේ නාන්, කෙබාබ්‍ හා බටර් චිකන් වැනි ආහාර මිසක් වඩා සැර දකුණු ඉන්දියන් ව්‍යංජන වර්ග නොවෙයි. උතුරු ඉන්දීය ආහාර පිරිනමන කොළඹ තිබෙන තැන් කීපය පවා ඉන්දීය භෝජන කලාවේ විවිධත්වයට හා රසවත්කමට සාධාරණයක් කරනවායි කියන්න බැහැ.

විචිත්‍ර කහ පැහැයෙන් බැබළෙන, ආමන්ඩ් කාෂ්මීර ව්‍යංජනයන්ගෙන් සරු, දුම් දමන ගුජරාට් වම්බටු දීසි හා බිහාරි කිචාඩි සමග පිරිනැමෙන රසවත් උතුරු ඉන්දීය ආහාර වේලක් ලබාගන්නේ කොහෙන්ද? කොහෙන්වත් බැහැය කියන පිළිතුර ලැබෙයි කියා මට බයයි. ප්‍රධාන ආහාර වන තන්දූරි චිකන් ආදියේ පවා රසයන් හා නැවුම්බව අඩුයි කියන්නේ කණගාටුවෙන්.

කොහොම වුණත් ඉන්දියන් අවන්හල් කොළඹ භෝජන කලාවේ ප්‍රධාන කොටසක්නේ. ඒ නිසා අපි එය ආවරණය කළ යුතුනේ. ඒ නිසා අපි පටන් ගත්තා අම්රිත් වෙතින්. හැව්ලොක් පාරත්, වජිර පාරත් අතර මුල්ලේ පිහිටි එතැන සුවිසල් හා දීපවාලි උත්සව දවසක නිවසක් වගේ ආලෝකවත්. අම්රිත් බොහෝ කාලයක පටන් තිබෙන තැනක් වුණත්, මමනම් කවදාවත් අහලා නැහැ එහි බොජුන් රසයන්ගේ විශිෂ්ටත්වය ගැන කතාබහට ලක්වෙනවා.

රෑ දහයට පමණ බඩගිනි නිවාගන්න ඕනෑ වූ අවස්ථාවක අපි එහි ගොඩ වී ඇණවුම් කළා බටර් චිකන්, ඩාල් මැකිනි හා බටර් නාන් කීපයක්.  හැම තැනම නැතිවුණත්, මේ තමයි ඉන්දියන් අවන්හල්වල ජනප්‍රිය ආහාර. කටු රහිත කුකුළ් මස් කුට්ටි තක්කාලි ක්‍රීම් සෝස්වලින් නහවලා. කළු රනිල ඇ‍ට වර්ග රසවත් ඉස්ටුවක් වන පරිදි පැය ගණනක් පිසලා. කවුරුත් ප්‍රිය කරන ඉන්දියන් රොටී පැහැදිලි බටර්වල ඔබලා. මේ දේවල් ටික හරියට නැතිනම් ඔබ ඉන්නේ ඉන්දියන් අවන්හලකය කියා කියන්න බැහැ.

අවට බැලූවිට දකින්න ලැබෙන්නේ ඉන්දියන් අවන්හලක තිබිය හැකි තරමක් අවම මට්ටමේ අලංකරණ. ගොඩක් පිඟන් ගඩොල්. පෝච්චිවල වැවූ තල් පැළ. නිල් පැහැයෙන් ආලෝකවත් කළ අවතැන් වූ මාළු ටැංකිය. හින්දි කතා කරනවා අහන්න හිතාගෙන ගියත් වැඩිපුර ඇසුණේ කුස්සියේ කාර්ය මණ්ඩලය සිංහලෙන් හා දෙමළෙන් කරන කතා. කෑමනම් ඉක්මණින් මේසයට ආවා. ඒවා හොඳයි. ඔබ ආසාවෙන් බලාපොරොත්තු වන සියුම් රසයන් නොවුණත්, ඇතැම්විට අපට ලැබෙන කලින් හැදූ කරි පදනමක බහා දෙන අධික ලෙස කුළුබඩු යොදන ලද නීරස ව්‍යංජනත් නොවෙයි.

විශේෂයෙන්ම බටර් චිකන්වල පැහැදිලිව හඳුනාගතහැකි කොත්තමල්ලි, තක්කාලි වැනි රසයන් කැටි වී තිබුණා.  ඩාල් මැකිනි මෘදුයි. තලපයක් බවට පත් කරලා නැහැ. එත් මොනවායේ හෝ තිබුණා අර බ්‍රිතාන්‍ය කරි හවුස් විලාසිතාවේ කරි සෝස් රසය. අර ඇඟිලිවල දින ගණනක් රැඳී තිබෙන සුවඳ. ඒත්, ආහාරනම් නරක නැහැ. නාන් මෘදුයි. හොඳින් බටර් තවරලා. ඒක ඉතා හොඳ ලක්ෂණයක්.

දෙදෙනෙකුට සියල්ලට මිළ රු. 1800ක් පමණයි. මිළ හොඳයි. ඒත්, ඒ මිළට ඔබ නගරයේ චීන අවන්හලකින් බුදින ආහාරයක් තරම් රසවත්නම් නැහැ. බලන්න භෝජන අංශයෙන් ගත්තත්, මේ ආසියානු බලවතුන් දෙදෙනා අතර තිබෙන්නේ දැවැන්ත තරගයක්. අද රෑ ඔබට අවශ්‍ය ඉන්දියන් භෝජනයක්ද? චීන භෝජනයක්ද? කොළඹ තත්වය අනුවනම් උත්තරය චීන කෑම. ඔබ වෙනසක් දැඩිවම අවශ්‍ය යයි සිතන්නේ නැතිනම්.

TIP

Try the masala chai.

Address

No.02, De Fonseka Road Colombo 05

Directions

Right on the corner of Dickmans Road and Havelock Road. Opposite the Police Park.

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 14 Comments