45 Janadhipathi Mw, Colombo 1 (entrance on Hospital Ln)
Open until 11:00 PM
&Co is a new pub and restaurant tucked in the Steuart Hotel behind Dutch Hospital. They serve up good, hefty pub fare in a spacious setting.
මේ කතාව, ‘එකෝමත් එක කාලෙක’ කියල පටන් ගන්නම්. මොකද මාස ගාණක් පරණ සිද්ධියක්නෙ.
මේකට මුල පිරෙන්නෙ අපේ දේශානිගෙන්.
දවසක් දේශානි ඔන්න ඔය කොහේදෝ කොළඹ පැත්තෙ හෝටලේකට ගියපු වෙලාවෙ ආරංචි වෙලා තියෙනව, ඒ හෝටලේ මොකක්දෝ ඇනිවසරියකට, හැමදේකටම 50% ඩිස්කවුණ්ට් එකට දෙන සීන් එකක් ගැන. ඉතින් මෙයා ඔෆිස් එකට ආපු වෙලාවෙ ඉඳන් ඕක ගැන කියවනවා කියවනවා ඉවරයක් නෑ. බැරිම තැන මම කිව්වා විස්තරේ හැමෝටම මේල් කරල, අදාළ දවසෙ, යන්න කට්ටිය සෙට් කරගන්න කියල.
ඔෆර් එකට දවසක් තියල කට්ටියට කිව්වත්, හුඟ දෙනෙක් වගේ වැඩේට සෙට් වුණා. මොකද හෝටලෙත් පොෂ්, ගාණත් අඩුයිනෙ.
මතකෙ හැටියට එදා බදාදා දවසක්. ඔෆිස් ඇරිලා අපි සෙට් එක කොටුවෙ FCID එක කිට්ටුවට ගියේ ඉවසිල්ලක් නැතුව. ඇන්ඩ් කොම්පැනි රෙස්ටුරන්ට් එක පිහිටල තියෙන ස්ටුවර්ට් හෝටලේ, ඉස්සරහ දොරෙන්ම පිවිසුමක් ගත්ත අපි, හෙමින් සැරේ ගිහින් වාඩි වුණේ එළිමහන් කොටසෙන්. මොකද ඒ වෙනකොටත් ඇතුළෙ මේස ඔක්කොම බුක් වෙලා ඉවරයි. වාඩි වෙලා, පොඩි කතාවක් බහක් එහෙමත් දාන ගමන්... සේවක මිත්‍රයා ගෙනැල්ල දුන්න මෙනු ටික අතට ගත්තා. අරගෙන, දෙන්න දෙන්න සෙට් වෙලා කෑම තෝරන්න පටන් ගත්තා.
මෙයාලගෙ පෝර්ක් රිබ්ස්, කොළඹ හතර වටේටම ප්‍රසිද්ධ නිසා, එයින් එකක් අනිවාර්යයෙන්ම ඕඩර් කරනව කියල හිතේ තියාගෙන තමයි මම අනිත් කෑම ටික තේරුවෙ.
බේකන්, චීස් ටෝස්ට් එකයි, හොට් බැටර් කැලමාරි එකයි, බියර් පිචර් එකකුයි ගේන්න කියල සේවක මිත්‍රයට කියන්න හැදුව විතරයි,
“හෝව්, හෝව් මම බොන්නෙ මොනවද?” දේශානි මෙනුව උදුරගෙන කොක්ටේල් තෝරන්න පටන් ගත්තා.
“ම්… මට ඕන වයිට් රෂියන් එකක්!”
වෙලාවට සේවක මිත්‍රයා කොලේකුයි පෑනකුයි ගෙනැල්ල තිබුණෙ. මොකද අපේ ඕඩරේ ලියාගෙන අනික් පැත්ත හැරනේන හම්බවුණේ නෑ, තව යාළුවෙක් ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකක් ඕඩර් කළා. ඒ මදිවට ඊට එහා පැත්තෙ ඉඳපු, අපේ සෙට් එක, ඉවරයක් නැතුව අර කොක්ටේල් මේ කොක්ටේල් කියල එක එක නම් කියන්න පටන් ගත්තා. වැඩේ කියන්නෙ මුකුත්ම කන්නෙ බොන්නෙ නැති අයත් අනම්මනම් ඔය පොඩි පොඩි ජාති ඕඩර් කරන්න පටන් ගත්තනෙ. අන්තිමට සේවක මිත්‍රයගෙ කොලේ, මාගල වගේ.
කෑම ඕඩර්, ගාලගෝට්ටිය ඉවර වුණාට පස්සෙ ඔන්න ටිකක් නිවිහැනහිල්ලයි. ඒත්, එහෙන් මෙහෙන් ඇවිත් කැරකෙන මැස්සෙක් නිසා මට හොඳටම කේන්ති ගිහිල්ල තිබුණෙ. සිග එකක් පත්තු කරගෙන කේන්තිය නිවාගත්තට මොකද පැය භාගයක් යන්න හම්බවුණේ නෑ, මෙන්න ආයෙත්, කේන්තිය. ඇයි ය@# බියර් පිචර් එකක්(රු. 1500) ඉවර වෙනකම් බිව්වා. මම ම වීදුරු 2ක් බිව්වා. ඒත්, මුකුත් නෑ කියන්නකො. 50% ඩිස්කවුට් එකට බියරුත් 50%ක් සැන්ඩි කරල වගේ...
මොනව කරන්නද කියල හිත හදාගත්තු මම, බියර් බොන එක පැත්තකින් තියල හෙමින් සැරේ බඩට මොනව හරි දාගන්න, ළඟ පාත තිබ්බ පිඟානක් ලං කරගත්තා. බැලින්නම් ඒකෙත් පාන්. චීස්, බේකන් දාලා, ටෝස්ට් කරල කියල තමයි කියන්නෙ. හැබැයි ඒ කියන තරම් නම් චීස් නෑ. අනික බේකන් කෑලිත් හරියට ලූණු කෑලි වගේ. සත්තයි, මම මුලින් හිතුවෙ ලූණු කියල. අන්න, ඒකට බලන්න එපැයි අමු මිරිස්, ගම්මිරිස්, ආයෙ මදි නොකියන්න ඈ... අනේ මන්දා, අන්තිමට රසයි කියල කන්න ඉතුරුවුණේ පාන් වාටි තමයි ඉතින්. ඇයි හත්දෙයියනේ… පාන් පෙත්ත දෙකට කපල, හදපු කෑලි 6ක් 8ක් පිඟානකට දාලා රු. 850ක් ගන්නෙ?
ලිමිට් එක කෙමෙන් කෙමෙන් අසූහාරදාහට කිට්ටුවේගෙන එද්දි, වෙලාවට මට හොට් බැටර් කැලමාරි කෑල්ලක් සෙට් වුණා. යාන්තම් ඇති පොඩ්ඩක් හිත හදාගන්න කියල. බොරු කියන්න ඕන නෑනෙ, කැලමාරි එක(රු. 600) නම් පංකාදු පහයි. ඇඟිල්ලක් විතර මහත, අැඟිල්ලෙන් බාගයක් විතර සයිස්, කැලමාරි කෑල්ලෙ සැර ගතිය වගේම ලා පැණි රස ගතියකුත් තිබ්බ. ඒ මදිවට වේලපු මිරිස්, ලූණු එහෙමත් දාලා නිසා හරිම රසයි. ඒක දවටගෙන කන්න තිබුණ පේස්ට් එකත් නරකම නෑ. කොහොම වුණත් බයිට් එකට වගේම රයිස් එකකටත් කියාපු භාණ්ඩෙ.
“යෝ බුද්ධික, ඊට් සම් ෆ්රයිස් ඇන්ඩ් ෆිෂ්(රු. 1250) විල් යූ මෙන්”
කැලමාරි කටින් පනිනව තව පොඩ්ඩෙන්. කවුද ය@# කන බොන වෙලාවට කඩ්ඩෙන් කොටන්නෙ?
හුටා සාරා.
“ආ… ඕකේ ඕකේ. අයි විල් ඊට්” නිකන් ලොකු විස්තර දෙන්න ගිහින් චා වෙන්න ඕන නැති නිසා, මම ෆ්රයිස් කෑල්ලක් අරගෙන ෂේප් වුණා. හැබැයි පස්සෙ හිතුණා මාළු කෑල්ලකුත් රස බලන්න ඕන කියල. හීන් සැරේ මාළු ලෑල්ල, ළඟට ගත්තු මම ගෑරුප්පුව ආධාරයෙන් මාළු කෑල්ලක් කඩාගෙන රස බලන්න පටන් ගත්තා. හ්ම්ම්… මට තේරෙන්නෑ ඇයි ඒම කියල. ඇත්තටම තඩි තලපත්ද තෝරද මාළු කෑල්ල, ෆුල් ෆ්‍රෙෂ්. හොඳ ගාණට තැම්බිලත් එක්ක. රස පදමට ලුණු, ගම්මිරිස්, දෙහි ටිකක් දාගන්න විතරයි තියෙන්නෙ. ඒත් රසේ මොකක්දෝ මදියක් තියෙනව අප්පා. කියන්න තේරෙන්නෙ නෑ. ඒ නිසාමද කොහෙද කොක්ටේල් එකකට මිසක් වෙන සැර ජාතියකටත් හරියන්නෙ නැති ගාණයි.
ආ… කියන්න බැරි වුණානෙ. ඔය අතරට අපේ දේශානි ඕඩර් කරපු වයිට් රෂියන් එකෙනුත්(රු. 800) මම උගුරක් දෙකක් රස බැලුවා.
ඒ...කෙ, වොඩ්කා රසනෙ බොලේ! ආයෙ ටොප් බඩු. මට හිතෙන්නෙ ක්‍රීම් රස නම් ටිකක් මදි වගේ. හැබැයි කලුආ ගතිය ලාවට තියෙනව.
ඒකත් නෙවෙයි හොඳම කොක්ටේල් එක, මම දෙවනි පාරට, පෝර්ක් රිබ්ස් එක්ක ඕඩර් කරපු ලැම්බොගිනිය(රු. 1500) . ෂප්පේ… ඒකෙ රස. මතක් වෙද්දිත් කටට කෙළ උනනව. බේලිස්, සැම්බුකා, කලුආ, බ්ලූ කරකෝ දාලා හදපු ලැම්බොගිනියෙ පැණිරස, ඇඹුල් රස, අරක්කු රස හැම දෙයක්ම. ඊටත් ඒක හදපු විදියෙ ගතිය? පිස්සු හැදෙනව. ගැලියානෝ බෝතලයක් ගෙනැල්ල, පිඟානක් උඩින් තියල, අනිත් අඩුම කුඩුම ටික කෝප්පයකට අරගෙන, ගිනි තිය තිය දැම්මෙ. ගැලියානෝ බෝතලේ දිගේ ගින්දර. අවංකයෙන්ම, බලාගෙන ඉන්න වුණත් ආසයි ඈ…
කියන්න සන්තෝසයි යාළු පාර්ටියෙ අවසාන හරිය නම් ෂේප් එකේ ගියා. මොකද පෝර්ක් රිබ්ස් එකත්(රු. 2000) පංකාදු පහට තිබුණනෙ. හැරත් ඒක කන්න හිටියෙත් 4, 5දෙනයි. ඇයි අනිත් අය කාලා කාලා, අල කාපු රිලව් වගේ තැන් තැන්වල වැටිලනෙ. ලා පැණිරසක්, හොඳ සැර ගතියක් එක්ක පෝර්ක් රසත් හොඳ හැටි තියෙන්න හැදුණු මේ රිබ්ස් බයිට් එක නම් බෝතලයක් ගහන්න වුණත් කියාපු. අනික රු. 2000ට රිබ්ස් තට්ටුත් දෙක්කමනෙ. සයිස් එක හිතා ගන්න, අච්චර පෝර්ක් කන අපේ කට්ටියටත් කාලා ඉවර කරගන්න බැරුව අන්තිමට රිබ්ස් 2,3ක් විසි කළත් එක්ක.
හැබැයි ඉතින්, ඒ කරලත් වැදිල නම් නෑ. 50% සැන්ඩි බියර් ගහල ගහල, ටොයිලට් වළ පිරෙව්ව විතරයි. ලිකර් වැඩේ කට්ටියටම අවුල් ගිහින් නිසාද කොහෙද රෑ 9, 9.30 වෙද්දි බහුතරයක් මිසින්ග්. ඉතුරුවුණ සරිතුයි මායි චන්දනයයිත් අන්තිම සිග දල්වාගෙන පාරට බැස්සෙ පික්මියක එල්ලිලා ගෙදර යන්න හිතාගෙන. ඒ විතරක් නෙවෙයි, ආයෙ ෆුල් ගෙවල මිසක් ඔෆර් දවස්වලට මේ වගේ තැන්වලට නොඑන්නත් එක්ක. ඇයි අනේ නිකම්, අතින් කයිට්නෙ?
BBQ Ribs, Mojitos and a lot more. We recently visited &Co by The Steuart and here's what we think.
&Co is a new pub/restaurant just behind Dutch Hospital. The place is spacious and a great atmosphere and the food is quite good and we generally recommend checking it out... in a few days. They don't have their liquor license yet so still a bit lacking on the pub side.
සිංහල හැබැයි ඉතින්, ඒ කරලත් වැදිල නම් නෑ. 50% සැන්ඩි බියර් ගහල ගහල, ටොයිලට් වළ පිරෙව්ව විතරයි. ලිකර් වැඩේ කට්ටියටම අවුල් ගිහින් නිසාද කොහෙද රෑ 9, 9.30 වෙද්දි බහුතරයක් මිසින්ග්.
Address
45 Janadhipathi Mw, Colombo 1 (entrance on Hospital Ln)
Directions
Walk through Dutch Hospital, exit past Barefoot and Taphouse, and the hotel will be immediately on your left. From Chatham Street, you can turn down Hospital Lane. Parking is hit or miss. Honestly, take a cab.
Contacts
Report InaccuracyNavro Beach is one of the most popular restaurants in Panadura…
The warm reception we received on arriving at Earl's was…
4/5
My favorite pub in the city. The ambience is great, cocktails are good. The food, despite it being more pub fare, is superb. Their Nachos is an awesome item best shared, though if you really wanted to you could have it all to yourself. Their BBQ ribs are my personal favorite. Pricey, but fully worth it.
When they get the license, they'll change the prices. Usual Sri Lankan gimmick. Surprised Yamu 'reviewers' haven't realised this.
Went there for dinner on a Tuesday and got a table for 2 outside. It was a really nice ambience outside and the food was really nice and reasonably priced too. Good place. Will definitely go there again. I hope it's not one of those things where the prices are low since they are new and then will rise to crazy levels the moment they get established.
Value for money, good food & portion are also good…. And the drinks I tried sangria it's really tasty & it's 2000/- per pitcher !!!!!
Visited today and really nice place with typical English pub atmosphere. Food is awesome and they do have good cocktails of cocktails and mocktails. prices are reasonable but tax may be little high (around 40%) but altogether nice place for an evening catchup with friends or office colleagues.
Experience 1:
We went there for Sunday lunch, the place was not crowded. We were very happy with portions of food and amount of bacon they've included. Waiters were nice to us and attentive. We liked the ambience (much like Cheers, spot-on Yamu!). We had a feeling this was gonna be one of our frequent hangouts.
Experience 2:
We went there on a Friday with a group of 7, after making a table reservation for a table that has couch seating. As we went there our table was not available just because their chairman wanted a table! We were very rudely sent to a rather small and uncomfortable table they put together using smaller tables, directly below an air conditioner which was leaking water on us (they never knew it was leaking in the first place?!). We request them to move us to a different table, but they took more than an hour even before considering doing that, while the waiter being super rude and supervisor didn't seems to care either. We had to sipped our drinks which we have already ordered while the air con was trying to freeze us to death while a gently sprinkling of water on us. We left. Quite disgusted. There won't be an Experience 3.
The ambience is nice. Came for the fifth time since inception. Ordered roast pork pull sandwich which was too sweet for my liking. Felt sick. If it's with advertised with barbecue sauce it should be without mayo and more grilled and spicy instead of sweet specially at dinner time. Hope it changes for the better. Once before I ordered the nachos which was good. Bad Bday experience
Just want to point out that the fish and chip portions are HUGE. The size doesn't come across in the picture above. Even the chip portion is bigger. Taste is super balanced when combined with the tartar sauce. However, texture wise the fish was a bit of a letdown personally, as the flesh was a bit too crumbly. Wish it held its structure a bit better. Still, tastes great and great value for money!
Beautiful place, the reception was great, sat on two places and was told they were reserved, and was taken to another table and the man vanished, after creating a fuss to the manager finally got some attention,
If it can improve it will be a superb alternate to the crawling same old Dutch hospital restaurants,
But will it happen???????
"whoever came up with this recipe had the brilliant idea of crumbling up some gnanakatha"
Sweet child! That's a traditional crumble pie crust/topping, not gnanakatha.
http://allrecipes.com/recipe/88490/crumb-topping-for-pies/
love this place! the pork ribs and mojitos are killer. And even if u order smart enough u can have a reasonable bill. But the minus points are they have very minimal staff and they don't have parking and it is very difficult to find a space to park in that crowded area.
4/5
AdamG
Pretty good pub. Decent food
4/5
Nirma1992
Place to be with friends and family on Fridays. Friendly staff, mouthwatering starters ….reasonable price for all dishes…
5/5
Shajeeth
My all time favorite joint for Fish & Chips. They are dope :)