Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Anything.lk Vegetable Delivery

176/1, Thimbirigasyaya Road, Colombo 05


Anything.lk now delivers fruits and vegetables online. Excellent quality, almost excellent service. And you only pay Rs. 150 for delivery - a small amount considering the amount of hassle and time saved.



එළවළු හා පලතුරු මිලදී ගැනීමට යාම විනෝදජනක වෙන්නේ කලාතුරකින්. එක්කෝ ඔබට කීල්ස් සුපිරි වෙළඳහලේ ඇති විවෘත කළ නොහැකි ප්ලාස්ටික් මලු වලින් තෝරාගන්න වෙනවා. නැත්නම් වෙළුණු කපුටු බෙටිවලින් පිරුණු වළවල් වලින් බේරිලා මාකට් එකට ගිහින් එළවළු, පලතුරු ගන්න වෙනවා. එළවළු ගන්න ගියාම වෙන දේ තමයි එක තැනකින් අවශ්‍ය එළවළු ටික ඔක්කොම ගන්න බැරි වෙන එක. ඒ නිසා එළවළු පලතුරු ගන්න එකෙන් විනෝද වෙන්න අමාරුයි.

Anything.lk වෙබ් අඩවියෙන් ඔන්ලයින් එළවළු ඇණවුම් කරන්න පුළුවන් කියලා දැනගත්තම අපි සන්තෝෂ වුණා. ඒක හරි කදිම දෙයක් ලෙස පෙනුණා. ඔබට ගෙදරින් පිටත නොයා එළවළු පලතුරු ඔන්ලයින් ඇණවුම් කරන්න පුළුවන් වගේම ගොඩක් සුපිරි වෙළඳහල් වලට වඩා ලොකු පරාසයක එළවළු පලතුරු Anything ළඟ තියෙනවා. දින දෙකක් තුළ ගෙනල්ලා දෙනවා. ඒත් මේ කොළඹ. පීට්සා එකක් ඇණවුම් කරනවා වගේ සරල දෙයක් වුණත් කොළඹදී වරදින්න පුළුවන්. සිතල වෙච්ච පීට්සාත් මතක තියාගෙන මගේ බලාපොරොත්තු සීරුමාරු කරගෙන මම ඇණවුම කරන්න හිතා ගත්තා.

ඇණවුම් කරන එක ප්‍රසන්න සහ කෙළින් වගේම සරලයි. ඔබට ඔබේ ෆේස්බුක් ගිණුමෙන් ලොග් වෙන්න පුළුවන්. (එහෙම නැත්නම් ලියාපදිංචි වෙන්න පුළුවන්.) ලොකු පරාසයක තියෙන දේවලින් ඔබට ඇණවුම් කරන්න පුළුවන්. අලි ගැට පේර (එකක් රූ. 39), ස්ට්‍රෝබෙරි (කිලෝ එකක් රූ. 1,172), පැකොයි (කිලෝ එකක් රූ. 92), නැවුම් පාර්ස්ලි (කිලෝ එකක් රූ. 600), ටැරගන් (කිලෝ එකක් රූ. 660) සහ තවත් දේවල් ගොඩක් තිබුණා. ඔබට www.anything.lk වෙබ් අඩවියට ගියානම් සම්පුර්ණ ලැයිස්තුවම බලන්න පුළුවන්.

නැවුම් කොළවර්ග ගන්නම වෙබ් අඩවියට ලොග් වුණත් කමක් නෑ. (කොළඹ සුපිරි වෙළඳ සල් වල හොඳ කොළ වර්ග වල අහේනියක් තියෙන බව දන්නවා ඇති.) පලතුරු වර්ගනම් සීමා සහිතයි. ඒත් එළවළු වර්ගනම් ගොඩක් තියෙනවා. ඔබට ගෙවීමේ විකල්පයක් තෝරාගන්න පුළුවන්. (ඔබට ක්‍රෙඩිට් කාර්ඩ්, ඩයලොග් ඊසි කෑෂ් හෝ බඩු ගෙනල්ල දුන්නම මුදල් ගෙවන්න පුළුවනි.) ඔබේ ලිපිනය ටයිප් කරන්න. එළවළු ටික මග.

එයාලා එදිනම හෝ පසුදා බඩු ගෙනත් දෙන බවක් පෙන්නේ නෑ. දවස් දෙකක් බලාගෙන ඉන්න වෙනවා. ඒත් මම හිතුවේ දවස් දෙකකට පස්සෙත් මොකක් හරි දෙයක් වරදියි කියලා. නියමිත දවසේ උදේ 7.30ට දොරේ සීනුව වැදුණා. දොර ඇරලා බලද්දී රියදුරෙක් එළවළු මලුත් අරගෙන දොර ළඟ. හොඳම හරිය තමයි එයා පාර අහගන්න අට පාරක් කතා නොකළ එක.

එයාලා ඔක්කොම වගේ හරියට කළා. හැම දෙයක්ම ආරක්ෂාකාරිව ආවා කිසිම ප්‍රශ්නයක් නැතිව. අඩුවකට තිබුණේ ඇණවුම් කළ ටැරගන්, රෝස්මරි සහ බේබි කැරට් ආවේ නැති එකයි. ඒවට වුණේ මොනවද කියලා දන්නේ නෑ. ඒත් ආපු දේවල් ඔක්කොම නැවුම් සහ හොඳ තත්වයේ ඒවා. කදිම තත්වයේ ඒවා. කදිම සේවාව. ගෙනල්ල දෙනවට ගෙවන්නේ රූ. 150ක් විතරයි. වෙන්න තිබුණ මහන්සියයි වෙලාවයි බලපුවාම මේක සුළු ගණනක්. ඔයාලත් උත්සාහ කරලා බලන්න.

TIP

The vegetables are all fresh. Just order at least 48 hours in advance.

Address

176/1, Thimbirigasyaya Road, Colombo 05

Directions

You don't need to go anywhere. Just visit their website.

Contacts

Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 16 Comments