Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

3/5

Arthur's Pizza Express

No 185/7, Havelock Road, Colombo 5.


Thin crust fusion pizza to satisfy the Sri Lankan tastebuds.



ගල්කිස්ස පැත්තට දර පෝරණුවේ පුච්චපු රස ම රස තින් ක්‍රස්ට් පීසා බෙදපු ආතර්'ස් පීසා එක, මෙන්න හැව්ලොක් ටවුන් පැත්තේ ඒ කට්ටිගේ බ්‍රාන්ච් එකක් පටන් අරගෙනලු. ඔය ආරංචිය අපට ඇවිල්ලා දැන් මාස හය හතකට වැඩියි. ඔෆිස් එකට කිට්ටුවෙන් තියෙන තැනක් වුණත්, එකඑක වැඩ රාජකාරි නිසා මේ රෙස්ටෝරන්ට් එකට යන්න අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. කොහොමින් කොහොමහරි දෙයියනේ කියලා අපට ඒ චාන්ස් එක ලැබුණේ පහුගිය සුමානේ සිකුරාදා.

තැන

කිව්වත් වගේ මේ ආතර්'ස් පීසා එක තියෙන්නේ හැව්ලොක් ටවුන් එකේ. හරියට ම කිව්වොත් රෝයල් ඉන්ස්ටිටියුට් එක ළඟින් ඇතුළට යන්න තියෙන පුංචි පටුමගේ. ඔය පාර දිගේ වැඩිම වුණොත් මීටර් 20ක් යන්න වෙයි. පාරෙන් හැරුණු ගමන් පේන විදියට මේ කට්ටිය ලොකු බෝඩ් ලෑල්ලක් එල්ලලා  තියෙනවා.

මෙතැන ගල්කිස්සේ තැන තරම් ඉඩකඩක් නැහැ. බිත්තියට ම අල්ලපු මේසෙකුයි, රවුම් මේසෙකුයි විතරයි තියෙන්නේ. කොහොමත් ඒ තියෙන ඉඩේ හැටියට එක සැරේ හත් අටදෙනෙක්ට කෑම ගන්න පුළුවන්. හයිලෙවල් පාරෙන් තරමක් ඇතුළට වෙන්න තියෙන නිසා ම මෙතැන කිසි කලබල ගතියක් නැහැ. හරි ම නිස්කලංකයි.   

කෑම බීම

ගල්කිස්සේ ආතර්'ස් එකෙන් නම්  ඇල්කොහොල් ගන්න ඇහැකිනෙ. ඒ වුණාට මෙතැන ඒවා නැහැ. හැබැයි කෑම මෙනුව නම් එහෙමමයි. පීසා, පැස්ටා, බර්ගර් සහ ඩෙසර්ට් වර්ග දැකගන්න පුළුවන්. බීමට මේ කට්ටිය දෙන්නේ මිල්ක්ෂේක් සහ ෆෘට් ජූස් වර්ග.

ඔය ගොඩක් පීසාරෙස්ටෝරන්ට්වල වගේ මෙතැනත් හාෆ්-බයි-බාෆ් දාපු පීසා ගන්න පුළුවන්. ආතර්'ස් පීසා එක සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මේ කට්ටියගේ නයි මිරිස් පීසා එකට. ඒ නිසා ම අපි මේ සැරෙත් "වෙජිටේරියන් නයි මිරිස් පීසා" (රු.1200, බාගයක් රු.600) එකක් ඕඩර් කළා. මේකේ අනිත් පැත්තේ තිබුණේ "ප්‍රෝන් අමු මිරිස්" (රු.1650, බාගයක් රු.825) එක.

අනේ! ගල්කිස්සේදී අපි කෑව නයි මිරිස් පීසා එක තරම් ගැම්මක් මේකේ නැහැනේ. ඉස්සර හෑස් හූස් ගගා කෑව මේ පීසා එකේ දැන් ස්පයිසි ගතිය නැති තරම්. හැබැයි මොස්රැල්ලා නම් මදි නොකියන්න දාලා තිබුණා. පීසා කෑල්ල කඩලා ගන්නකොට ඒකත් එක්ක ඇදිලා එන තරමට මේකේ චීස්. මොනවා වුණත් පීසා එකේ ක්‍රස්ට් එක හොඳට ම තිබුණා. හරි ම ක්‍රිස්පි. කරස් ගාලා හැපෙන්නේ.

ප්‍රෝන් අමු මිරිස් කිව්වට, මේකේ වැඩි හරියක් තිබුණේ අමු මිරිස් විතරයි. ඉස්සෝ හිටියේ එක ස්ලයිස් එකට එකෙක් වගේ. ඒ වුණාට අමු මිරිස් යහමින් දාලා නිසා මේකේ ස්පයිසි රස හොඳට ම ආවා.

අපි ඕඩර් කරපු අනිත් පීසා එකේ තිබුණේ "පනීර් මසාලා" (රු.1500, බාගයක් රු.750), සහ "සලාමි පීසා" (රු.1500, බාගයක් රු.750). පනීර් මසාලා පීසා එක නම් ඇත්තට ම හොඳයි. මසාලා රස නියමෙට ම මේකෙන් ආවා වගේ ම, මේ කට්ටියගේ පනීර් එහෙමත් හරි ම රසයි.

සලාමි පීසා එක ශේප් එකේ ඕකේ. ඒත් අපි පෝක් සලාමිවල රස බලාපොරොත්තු වුණත්, මේකේ තිබුණු සලාමි නිකන් චිකන් සොසේජස් වගේ. චීස් තොගයක් දාලා, ක්‍රස්ට් එක හරියට අරගෙන තිබුණු නිසා මිසක් මේ පීසා එකෙත් ලොකුවට කියන්න තරම් හොඳක් නැහැ.

බීම විදියට අපි ඕඩර් කළේ "ලයිම් ජූස්" (රු.120) එකකුයි, "අන්නාසි ජූස්" (රු.180) එකකුයි. ලයිම් ජූස් එකේ වතුර වැඩියි. තිත්ත ගතියත් එක්ක එන ඇඹුල් රසක් තමයි තිබුණේ. සීනිත් ලාවට වගේ. රිෆ්‍රෙෂින් ගතියක් ඇත්තේ ම නැති තරම්. අන්නාසි ජූස් එක සාමාන්‍යයෙන් හොඳයි. ලුණු, ඇඹුල් සහ පැණි රසවල් නියම ගානට බැලන්ස් වෙලා තිබුණා.

අහ්! කියන්න අමතක වුණානේ! ආතර්'ස් එකේ තියෙනවා සුප්‍රසිද්ධ "චොකලට් බිස්කට් පුඩින්" (රු.320) එකක්. හප්පච්චියේ! පළමුවෙනි සැරේ කෑවා වගේමයි. මේකේ රස පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. මේකේ උඩින් තමයි තඩි චොකලට් තට්ටුවක් තියෙන්නේ. යටින් තියෙන්නේ මාරි බිස්කට් පේස්ට් එක. නියම ක්‍රීමි ගතියක් මේ චොකලට් ලේයර් එකේ තිබුණා. ඔය සමහර තැන්වලින් දෙන භාජනේ වටේ චොකලට් ගාපු, මාරි බිස්කට් පුඩින් නෙවෙයි මේ. අනික මතුපිටින් චොකලට් සෝස් එකකුත් වත් කරලනේ. ඉතින් කන්න බැරියැ ගමකට!

සර්විස් එක

ගල්කිස්සේ ආතර්'ස් එකේ වගේ ම තමයි; මෙතැනත් සර්විස් එක හොඳයි. ඇත්ත ම කිව්වොත් මෙතැන සර්විස් එක අපි හිතුවට වඩා ෆාස්ට්. අපේ පීසායි, බීමයි සේරම ටික මේසෙට එන්න ගත වුණේ විනාඩි 20ක් වගේ.  

අවසාන වශයෙන්

ඇත්ත ම කිව්වොත්, කොළඹ තියෙන අනිත් දර පෝරණු පීසා රෙස්ටෝරන්ට්වල ගණනුයි, මේකේ ගණනුයි සලකලා බැලුවා ම ලොකු වෙනසක් නැහැ. එක ම ගණන් තමයි. වෙනසකට තියෙන්නේ ආතර්'ස් එකේ මෙනුවේ තියෙන ගොඩක් පීසාවල පොඩි ශ්‍රී ලංකන් ට්විස්ට් එකක් තියෙන එක. හැබැයි පීසාවල කොලිටිය පැත්තෙන් ගත්තොත්, Giovanni's, Domenico's, Rocco's, Cafe Michaelangelo, Harpo's Pizza වගේ තැන් මීට වඩා සෑහෙන්න ඉස්සරහෙන් ඉන්නවා. ඔය හැව්ලොක් පැත්තෙන් නිකමට ආවොත්, මේ පැත්තට ඔළුව දාලා එන්නකෝ එහෙනම්. පීසා කෑවත් නැතත්, අර චොකලට් බිස්කට් පුඩිම නම් කාලා එන්න අමතක කරන්න එපා හොඳද.


TIP

Try the CBP! They don't serve alcohol in this outlet.

Address

No 185/7, Havelock Road, Colombo 5.

Directions

It's right before the OM Space.

Contacts

Instagram Facebook

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Italian Sri Lankan Fusion

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Burgers Pizza

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
P
6

1/5

0

Phillybuster

By far the worse pizza in Colombo. I have never regretted spending my money anywhere as i did here. The pizzas are absolutely appalling. Save your cash on try Giovanni's or Michaelangelo's for quality pizza.

Avatar for Sheybae
5

5/5

0

Sheybae

We usually don't go there as much so we opt for delivery and Damn! Their delivery service is just amazing!
Try their sausage and cheese pizza. Out of this world

P
6

1/5

0

Phillybuster

By far the worse pizza in Colombo. I have never regretted spending my money anywhere as i did here. The pizzas are absolutely appalling. Save your cash on try Giovanni's or Michaelangelo's for quality pizza.

Avatar for Sheybae
5

5/5

0

Sheybae

We usually don't go there as much so we opt for delivery and Damn! Their delivery service is just amazing!
Try their sausage and cheese pizza. Out of this world

See 2 Comments