3/5

Arthur's Pizza

220, Galle Road, Mount Lavinia

Get it delivered on Pickme Food

Arthur's pizza is now a pub, too. They do their own take on localised pizza.


ආතර්ස් පීසා කියන්නේ අපේ යමු එකේ ඈයෝ සෑහෙන්න ආදරෙන් මතක් කරන තැනක්. මේක තියෙන්නේ ගල්කිස්සේ. ඔෆිස් එක ළඟ පාත තියෙන තැනක් නොවුණත්, ඉඩක් ලැබුණු හැටියේ මේ පැත්තේ යන්න අපේ කට්ටිය අමතක කරන්නේ නැහැ.

වැඩේ කියන්නේ අපේ ගෙදර ඉඳන් මෙතැනට රුපියල් දහයේ දුර. එහෙම වෙලත් ජීවිතේට මං ආතර්ස් පීසා එකට අඩිය තියල නෑ කියන්නකෝ. ඔෆිස් එකේ කට්ටියගේ වරුණාව අහන් ඉඳලා මට මේකට යන්න තිබුණු ආසාව තවත් වැඩිවුණා. දැන් දවස් කීපයකට උඩදී යාළුවෙකුත් ඇදගෙන මම ආතර්ස් පීසා එකට ගොඩවුණේ ඔන්න ඔය නිසාමයි.

තැන

කිව්වත් වගේ මේක තියෙන්නේ ගල්කිස්සේ. හරියට ම කිව්වොත් ගල්කිස්සේ ලයන් පබ් එකට අල්ලපු වැටේ. අද අඳුරේ ගිලිලා තියෙන රෙස්ටෝරන්ට් එකට ඩිම් වෙච්ච එළියෙන් එන්නේ අමුතු ම ගතියක්. මේකේ බිත්ති සැරසිලා තිබුණේ තැඹිලි පාට ගඩොලින්. පිළිවෙලට අහුරපු ලී පුටු මේස, පසුබිමින් ඇහෙන ළා සංගීතය නිසා මෙතැන තියෙන්නේ හරි කූල් ගතියක්.

කෑම බීම

නමේ තියෙන විදියට ම ඉතින් මේකේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ පීසා තමයි. ඒ හැරුණා ම සැලඩ්, පැස්ටා එහෙමත් තියෙනවා. බීම ලැයිස්තුවෙන් අපේ ඇහැ ගියේ එකේ තිබුණු කොක්ටේල්වලට. යාළුවා “ටෙකීලා සන්රයිස්” (රු. 670) එකක් ගත්ත අතරේ, මම “ඩ්‍රයි මාර්ටීනී” (රු.670) එකක් ඕඩර් කළා.

විනාඩි දහයක්වත් ගියේ නෑ. මෙන්න කොක්ටේල් දෙක අපි ඉස්සරහ!

ටෙකීලා සන්රයිස් එකේ එක උගුරයි බිව්වේ. “මේක බොන්න බෑ බං” කියපු යාළුවා කොක්ටේල් වීදුරුව මේසේ උඩින් තිබ්බේ මූණ දෙක කරගෙන. මට සීන් එක තේරුණේ පස්සේ. මේක හැදිලා තියෙන්නේ ටෙකීලා, ග්‍රෙනඩීන් සහ ඔරේන්ජ් ජූස්වලින්. ඔරේන්ජ් ජූස් විදියට පාවිච්චි කරලා තියෙන්නේ සන්ක්වික්. ඔය රසට අකමැති කෙනෙක්ට කීයටවත් මේ කොක්ටේල් එක බොන්න බෑ. අවාසනාවට වගේ මගේ යාළුවත් ඒ වගේ කෙනෙක්. ඒත් සන්ක්වික් රස අවුල් නැති කෙනෙක් ට නම් (මම වගේ) මේක නියමෙට අල්ලලා යනවා.  

මම ගත්ත ඩ්‍රයි මාර්ටිනී එක පට්ට. වොඩ්කා රසත් එක්ක වැදෙන වර්මූත් එකෙන් නියම ඇඹුල් රස කික් එකක් එනවා.

ඉන්න ගමන් අපි බාගේ බාගේ දාලා නයි මිරිස් පීසා (රු.1000, බාගයක් රු.500) එකකුයි, පීසා කොලෙස්ටරෝල් (රු.1350, බාගයක් රු.675) එකකුයි ගත්තා. යාළුවට පැස්ටා එකකත් රස බලන්න ඕනේ කිව්වා නිසා “ප්‍රෝන් මිරිස් පැස්ටා” (රු.750) එකකුත් ඕඩර් කළා.

ගෝල්ෆේස් නානගේ කඩේ කොත්තුව වගේ තමයි ආතර්ස් එකේ නයි මිරිස් පීසා එක. මේකේ රස ඒ තරමට ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් පීසා කඩේකට ගිහින් වෙජි පීසා එකක් අපි ගන්නේ මස් බෙදන හැන්දෙන් බත් නොබෙදන එකෙක් සෙට් එකේ ඉන්නවා නම් විතරනේ. ඒ වුණාට වෙජි වුණා හෝ නැතා හෝ ඕනේ කෙනෙක්ට කතා දෙකක් නැතුව රස විඳින්න පුළුවන් පීසා එකක් මේක. හෑස් හූස් ගාලා කද්දී, කටේ දැවිල්ල යන්න බියර් එකක් නම් තියෙන්න ම ඕනේ. මෂ්රූම්, බ්ලැක් ඔලිව්, තක්කාලි, නයි මිරිස්වලට ලෝබ නැතුව එකතු කරපු චීස් රසින් මේක අනූනයි.

පීසා කොලෙස්ටරෝල්; අම්මපා! නමට ම හරි යන පීසා එක. උඩිනුයි, යටිනුයි දාපු තඩි චීස් තට්ටු දෙකක් මැද්දේ තඩි බේකන් තට්ටුවක්! පීසා එකේ දාරෙත් නියම ගානට කර වෙලා. නයි මිරිස් පීසා එකේ සැර අමතක වෙන්නත් එක්ක මරු මේක. ෂහ්! දැනටත් මේ රස මතක් වෙද්දී කටට කෙළ උනනවා.

අපේ පැස්ටා එක ගැන නම් ඒ හැටි හොඳක් කියන්න බැහැ. මේකේ ලුණු මදි හොඳට ම. පාමේසන් චීස් දාලා තිබුණෙත් යන්තමට වගේ. එපා ම වුණේ මේකේ ඉස්සන් ව හොයන්න ගියාම. හොයාගත්ත ඉස්සන්ගේත් තිබුණේ කෑලි විතරයි. අමු මිරිස් එහෙම දාලා තිබුණු නිසා ස්පයිසි ගතියට දැනුණා. බ්ලැක් ඔලිව් ටිකකුත් එහෙන් මෙහෙන් අපට කන්න ලැබුණා. සල්ලි දීලා ගත්ත නිසා කෑව මිසක්, ආයේ නම් ඕනේ නෑ කියලයි අපට හිතුණේ.

රස දෙකකින් ආව පීසා එකකුයි, පැස්ටා එකකුයි කාලා, කොක්ටේල් දෙකකුත් බීලා ඉඳපු අපි දෙන්නා ඊළඟට ඇස් කැරකෙව්වේ ඩෙසට් එකට මොනවද තියෙන්නේ බලන්න. මෙනුව පොඩ්ඩක් බැලුවමයි දැක්කේ, අතුරුපසවලට තියෙන්නේ ස්ට්‍රෝබෙරි සන්ඩේ එකයි, චොකලට් පුඩිමයි කියලා. චොකලට් ගෑවිච්ච තැන වුණත් කන්න ලෑස්ති අපි දෙන්නට අමුතුවෙන් හිතන්න වුණේ නැහැ. එකෙන් ම ඕඩර් කළේ චොකලට් බිස්කට් පුඩිම.

ඇස් වහක් කටවහක් නෑ මහත්තයෝ, කෑවයින් කෑවේ නෑ මේ වගේ රස පුඩිමක්. පුදුම චොකලට් රසක්නේ තිබුණේ. ඔය සමහර තැන්වලින් දෙන භාජනේ වටේ චොකලට් ගාපු, මාරි බිස්කට් පුඩින් නෙවෙයි මේ. මේකේ උඩිනුයි යටිනුයි තිබුණේ ගනකම චොකලට් තට්ටු දෙකක්. නියම ක්‍රීමි ගතියක් මේ චොකලට් ලේයර්වල තිබුණා. ඒ දෙකට මැදිවෙලා තිබුණේ හීනි බිස්කට් තට්ටුවක්. ඒ විතරක්ද, මතුපිටින් චොකලට් සෝස් එකකුත් වත් කරලා. ඉතින් කන්න බැරියැ ගමකට!

සර්විස් එක

ගොඩක් හොඳ සර්විස් එකක් ආතර්ස් එකෙන් අපට ලැබුණා. මෙනුවේ තියෙන කෑම බීම ගැන හොඳ අවබෝධයක් මේකේ සේවක මිත්‍රයන්ට තියෙනවා. ඒ වගේ ම එයාලා හරි ම මිත්‍රශීලියි. ඒ සුහද ගතිය අපි මෙතැනට ඇතුල් වෙච්ච වෙලේ ඉඳන් පිට වෙනකම් ම තිබුණා.

අවසාන වශයෙන්

ලාබෙට තින් ක්‍රස්ට් පීසා එකක් කාලා, පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් රිලැක්ස් එකේ හවස් වරුවක් ගෙවන්න ආතර්ස් පීසා එක මරු.


TIP

Bliss out on that chocolate biscuit pudding.
All Reviews

Their pizza is not for the connoisseur but for those who like to try something different.

Another day another new pizzeria it would seem. Arthur's pizza is a modest new pizzeria in Mt.Lavinia next to the Lion Pub. They're not the most authentic but the food is still comforting.

ටොප් ඈ.. කරි රහ ටොප් එකට තියෙන්න හදාපු මට්න් එකකින් පොඩි පොඩි කෑලි තොගයක් එක්ක, හීනියට ඉරලා දාපු ස්පයිස්ඩ් චිකනුයි, හීනියටම කපපු බේකනුයි.. ෂප්පේ.. නයිමිරිස් සෝස් එකත් එක්ක යනවා, රස නහර පිස්සු වට්ටගෙන.

“හානේ.. හරිම ලස්සනයි. අර අර, මං ආසම ගඩොල් බිත්තිත් තියනව. මේ..හ් මෙතන කොක්ටේලුත් තියෙනවද…?” “ඔව් ඔව්. කොක්ටේල් විතරක් නෙවෙයි, ඕන ජාතියක් තියෙනව. ඔක්කොටම කලින් අපි වාඩි වෙලා ඉමුකො”

ලාබෙට තින් ක්‍රස්ට් පීසා එකක් කාලා, පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් රිලැක්ස් එකේ හවස් වරුවක් ගෙවන්න ආතර්ස් පීසා එක මරු.

Address

220, Galle Road, Mount Lavinia

Directions

Coming down Galle Rd, past the Mt.Lavinia Cemetery, Arthur's Pizza is right next to the Lion Pub (oppsite Family Super).

Contacts

Open 5.00 pm - 11.00 pm (11.00 am - 11.00 pm on Sundays)

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4


Latest