Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Arthur's Pizzeria (Horton Place)

110 Horton Pl, Colombo 07

Get it delivered on Pickme Food

Solid pizzas, pictures of dogs and fairy lights, Arthur's is now at Horton Place.



අහඹු සිදුවීම්වල උපරිම එක..

මෙන්න මේ විදියට වුනත් වෙන්න පුලුවන්!

ඒ කිව්වේ.. මම ගියේ ඇත්තටම සනික එන්න බලාගෙන දන්න කියන ගෑල්ලමයෙක්ගෙ බර්ත්ඩේ එකකට. එකම අවුල වුනේ යද්දි පොඩ්ඩක් පරක්කු වුනා.

කොහෙද, ඒ පරක්කුව ඇති. මුකුත් නෑ යාළු ඉතුරු වෙලා. මට තිබ්බෙ මේසෙ පිහිදාන්න විතරයි.

ඉතින් එහෙමයි කියලත් බෑනෙ. බඩ කට දෙදරල ගියපු දාර බඩගින්න නිවාගන්න මමත් මොනවහරි කන්න එපැයි.

‘මොකද කරන්නේ..’ කියල කල්පනා කරපු මම, අන්තිමටම ඉතුරු වෙලා ඉඳපු බර්ත්ඩේ ගර්ල් සහ එයාගෙ යාළුවට දැම්ම යෝජනාව. “දැන් ඔහෙලා ඔක්කොම කෑවනෙ. මට නෑනෙ. ඒ නිසා මං යනෝ මට ආස තැනකින් කන්න. ඒනෝ නං ඒනෝ..”

“අනේ.. හලෝ.. එහෙම කරන්න එපා හලෝ..” ගාගෙන ආවා ඊට පස්සෙ හොඳද.

මම නේද.. ආයෙ උපරිම ගණන් උස්සල..

දැම්ම යාළු පික්මියක් ඊට පොඩ්ඩක් එපිටින් තියෙන පීසා ප්ලේස් එකකට. දාලා කොහොමහරි ඉතින් අර ඩබලත් එක්කගෙනම ගියා. මොකද මම විතරක් ගිහින් පීසා කන්න..?

ගිහිල්ල හිටං වාහනෙන් බැහැලා කරලා.. වට පිට පොඩ්ඩක් බලලා පාරත් පැනල ඔන්න අඩියට දෙකට ඇතුලට. ම්.. හරි ලස්සන ප්ලේස් එක. එකම අවුල තිබ්බෙ සාලෙ මැද්දෙ තඩි පඩිපෙලක්. ඉතින් කැෂියර් එක පේන්නෙත් නෑ.. වටපිටාව හරියට පේන්නෙත් නෑ.

අර අවුලක් වුනේ නෑ මොකද ලස්සනට ලී මේස බංකු දාලා, ගහක් කොළක් වවල, එළිමහන් භෝජනාගාරයක් හැඩ කරල තිබ්බ නිසා. ඒත් අපි නම් ගැලපුනේ ඇතුලට. මොකද එලියෙ ඒසී. නෑනෙ. ගැලපිලා අනික් පැත්තට ඔන්න සේවක මල්ලියෙක් ඇවිල්ල මෙනු දීලා, පිඟන් කෝප්ප ගෙනැල්ල තියල.. සර්විස් එක ටොප් එකටම. ඒ අතරටම වගේ අපිත් කෑම බීම ටික තෝරපු නිසා දැම්ම ඔ්ඩරේ. මාගරිටා, බේකන් බිත්තර හාෆ් හාෆ් එකයි, නයිමිරිස් චිකන්, මට්න් අමු මිරිස් හාෆ් හාෆ් එකයි. දාලා බීමට ඊජීබී. 2කුත් ගේන්න කියල, කයියට සෙට්වුනා. මොකද මම පරක්කු වුනා, ඒ යනකොට කෑම ඉවරයි.. කියල එයාලා පලි නෑනෙ.

කට්ටියත් එක්ක ෆොටෝ ටිකක් ගහල කරල ඔ්න නම් විනාඩි 15ක් යන්න ඇති උපරිම. දුම් ද දා.. මෙන්න එනව, ලෑල්ලෙ පීසා උණු උණුවෙන්ම. බොරු කියන්නෙ මොකටද, විශේෂ දවසක් නිසා පීසා වලත් ෆොටෝ ගැහුව. ගහල අනික් පැත්තට.. නෝ කතා!

ඒ ඈයො මොනව ගත්තද මම දන්නෙ නෑ යාළු. මම ම් කෙලින්ම... 

මට්න් අමු මිරිස් මුලින්ම.. 

දාලා කරල එයාලගෙම චිලි සෝස් ටිකකුත්, කටයි දෙකයි.. හප්පේ.. කාලෙකට පස්සෙ අපේ රහට පීසා, රස නහර පිනා යයි! ඊටත් ඒකෙ මට්න්.. මිරිස් තුනපහ එක්ක ගලපලද මන්දා පොඩි කුළුබඩු රසකුත් එනව. ඒ අතරට තක්කාලි, ලූණු, මදි නොකියන්න අමු මිරිස් එක්ක, මොසරැල්ලත් තට්ටු ගනන් වලින්. ඉතින් කියන්න ඔ්න නෑනෙ නේ ඊට එපිටින්.

හැබැයී.. නයිමිරිස් චිකන් එක.

ආයෙ කද්දි නම් බලාගෙනයී…

මොකද ඇත්තටම ඒක හරිම සැරයි. ඒ මදිවට මම අර මෝඩය වගේ චිලි සෝසුත් දාගත්තනෙ. ඒත් යාළු අනිවා.. කටට සැරට පීසා කන්න කැමති අයට නම් පංකාදුම භාණ්ඩයක් තමයි ආ. මම හිතන්නෙ ඇත්තටම ඒක මරුවට ගැලපෙයි බිර වීදුරුවක් එහෙමත් තිබ්බ නම්. මොකද පදමට ෆ්‍රයි වෙච්ච පොඩි පොඩි චිකන් කෑලි තොගයක් එක්ක, ලෝස් නැතුව දාපු නයිමිරිස්, මොසරැල්ලත් හොඳ හැටියට.. ඔක්කොමත් හරි අර ආසම හිතෙන්නෙ ලූණු අඩුම කුඩුම එක්ක එන ලා.. කුළුබඩු රසටනෙ.

මෙයාලගෙ මාගරිටා එකත් සෑහෙන්න හොඳයි. හැබැයි තව ටිකක් චීස් ආව නම්.. මල් හතයි. මොකද ඒකෙ තියෙන තක්කාලි රසත් එක්ක එන චීස් රස ටිකක් මදි වගේ.. අනේ මන්දා!

කොහොමහරි බේකන් බිත්තර එක නම් වාශ්පයි. අනේ මන්දා ඒ රස ඇත්තටම මාරම ගැලපිල්ලක්. බිත්තරේ බුල්සායි වගේ දාලා ලුණු, ගම්මිරිස් එක්ක.. ඒ උඩට පොඩි පොඩියට කපපු බේකන් තොගයක්, ලූණු, මිරිස්, මොසරැල්ල චීස් එක්ක පදමටම ගලපල. ඔක්කොටමත් වැඩිය ඒකෙ අර රස පදම ඇවිල්ල තියෙන්නෙ මෙලෙක් වෙච්ච බිත්තරයි, චීසුයි.. ලාවට ෆ්‍රයි වෙච්ච බේකන් වලිනුයි.

ආයේ..

ආ.. ආයෙ මුකුත් නෑනේ.. තිබ්බත් කොහෙට කියල කන්නද යාළු, ඉස්මුරුත්තාව එනකම් ගිලල ගිලල..‍

අනේ ටික වෙලාවක් ඉඳල අමාරුවෙන් ඔන්න නැගිටල ගියේ, හ්ම්..!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment