Artwork for Coke with food - top banner
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for PMF essentials sbb 2

4/5

Artist Cottage (Haputale)

Gal Kanda Muthuvana Estate, Lower Division, Haputale


Reaching out to this place is a bit difficult, but your effort will be rewarded by the breathtaking views and the seclusion surrounded by jungle. The food is also delicious and totally Sri Lankan.



කන්දක් මුදුනක පිහිටපු ලස්සන ගෙයක්!

කියන එක...

සොබාදහටම, සතා සීපාවට ආදරය කරන අයට විතරක් නෙවෙයි,

නිවාඩුපාඩුවෙ හුදකලාව ජීවත් වෙන්න ආස අයටත් ලොකූ... හීනයක්.

ඒත්... ඒ වගේ හීනයක් හැබෑ කරගන්නෙ?

නිකම්මත් නෙවෙයි තමන් කැමති පැත්තකින්, තමන් කැමති දේශගුණයක් එක්ක...

ටිකක් අමාරු දෙයක් නේ...

හැබැයි... ඒ අමාරුම දේ ලේසියෙන් ම විසඳගන්න පුළුවන් විදියක් තමයි මේ...

‘කලා කරුවාගේ කොටේජය’.

පිහිටල තියෙන්නෙ හපුතලේ ඉඳන් කිලෝමීටර 7-8ක දුරින් ටිකක් දඹේතැන්න පැත්තට වෙන්න. ඒ හැරුනාම මෙතනට බෙරගල වැල්ලවාය පාරෙන් ගිහිල්ලත් යන්න පුළුවන්. 187 කණුව පහුකරල පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වමට, කන්දට, කැළේට තියෙන පාරෙන්.

වැඩේ වුණේ... යාළු මමත් ගියේ ඔය පාරෙන් ම නෙ.

ෂැහ්! කියල වැඩක් නෑ ආ... තනි කැලෑ පාර. සත්තයි ඒ පාරත් එක්ක ඒ කන්දෙ මේ වගේ තැනක් තියෙනව කියල නම් කාටවත් ම හිතන්න බැරි ගානයි. ඊටත් මගක් යද්දි විව් එක...? හප්පේ... මුලු වැල්ලවාය, මොනරාගල, උඩවලව, හම්බන්තොටට යනකම් ම පේනවනෙ. ඒකත්, ඝන වළා මැදින්...

පුදුම ලස්සනක් හොඳේ.

ඔහොම ඔහොම කොහොමින් හරි අපි ගියා කන්ද මුදුනට ඔන්න මෙන්න තියෙන්න. ගිහිල්ලා... ‘Artist’s Cottage’ බෝඩ් එක ළඟින් හැරුන වමට. හැරිලා ඉතින් ඒ හැටි දුරක් යන්න තිබ්බෙත් නෑ. වැඩේ වුණේ ඉස්සරහට දුවගෙන ආපු අංකල්නෙ, අපිට වාහනේ හරවන්න, පාර්ක් කරන්න සපෝට් එකක් දීලා... බඩු ටික බාන්න ඕනද අහලා...

මාර ම සර්විස් එකක් ඈ...

කොහොම වුණත් අපි එහෙම හරි නැති නිසා කෙළින්ම බෑග් ටිකත් අරගෙනම, අංකල්ගෙ පස්සෙන් ම ගියා අපේ ම... නවාතැනට. ගිහිල්ලා... එයා දොරවල් දෙකයි ඇරියෙ...

මට නිකම් කෑ ගැස්සුණා වගේ...!

බොරු නම් බලන්නකො යාළු, ඔන්න පහළින් තියෙනව එතන ෆොටෝ එක.

විව් එක කියන්නේ... එහෙමත් විව් එකක්. අර පහළින් එද්දි පෙනිච්ච එකේ මල් හතේ එක. ඊටත් හිතන්නකො ඒ විව් එක තියෙන්නෙ නිදන කාමරයට කිව්වාම? සත්තයි මට තාම හිතාගන්න බෑ... වගේම ඒ තැන ගැන විස්තරයක් කියාගන්නත් බැරි තරම්.

කොහොම හරි, ලොකු සාලයක් තියෙනව කෑම මේසයයි, පොඩි කුස්සියයි එක්ක. ඒ සාලෙ ම අයිනට වෙන්න ෆැමිලි බෙඩ් එක. එතකොට... හරිම පිරිසිදු ඇටෑච් බාත්රෑම් එකයි, හොට් වෝටරුයිත් තියෙනව. ඔක්කොමත් හරි සාලෙන් එපිට දොර ඇරියාම තියෙන ඕපන් ප්ලේස් එකනෙ. පොඩි පිල් දෙකක් එක්ක, කොට බිත්ති, ලී කණු උඩ වහළ...

හෙමින් සැරේ සැර ජාතියක් තොලගාන ගමන් අහස් තලය පුරා පියාඹන්න පුළුවන්, සත්තයි එතන ඉඳන් නම්...

දෙන්න තරුත් නෑ ඕ...න්න.

ඉතින් කොහොමින් කොහොමින් හරි ඒ අසීමිත සුන්දරත්වයෙන් පිරි සුන්දර නවාතැනේ සුවපහසුව අපි දරාගත්තනෙ.

ඒත්... හොඳ හැටි නාගෙන කරගෙන ඇවිල්ල, ගොම්මනත් එක්ක එන සීතලට කබායකුත් ඇඳගෙන වාඩි වුණාම කෑම මේසෙ?

ඒ කෑමවල රස...!

මං දන්නෑ කොහොම විස්තර කරන්නද කියලා. චිකන් කරියයි, පරිප්පුවයි, පොල් සම්බෝලයයි, රොටියි...

කියල තමයි ගෙන්න ගත්තෙ. ඒත් මං කියන්නෙ.

කිසිම දෙයක මේං කියල නෑ අඩුවක් ඕං. මිරිස් තුනපහේ ඉඳන්, ලුණු ඇඹුල්, හොද්ද තැම්බුණු හිඳුණු ප්‍රමාණයන්, මසට පදම අල්ලපු ප්‍රමාණයන්...

ඊටත් ලංකාවෙ අපිටම හරියන විදියට ‘හායි හූයි ගෑවෙන ගානටමනෙ’!

පැහැදිලියි එයා නම්...

නියම කුක් කෙනෙක්.

එහෙමත් කාලා... ඒ වගේම රස චිකන් ඩෙවිල් එකක් එක්ක අපි පොඩි සප්පායමකුත් වෙලා තමයි නින්දට ගියේ. ඉතින්... නින්දෙ තිබ්බ සැප කියන්න ඕන නෑනෙ ඒ වගේ තැනක.

කියන්නම ඕන දේ තමයි උදේ නැගිටල එපිට කන්දෙන් ඉර මතුවෙනකම්... ඉස්සරහ නිම්නය දිහා බලාගෙන දාපු කල්පනාව!

තව කියන්න ගියත් යාළු ‘කලාකරුවාගේ කොටේජය’ ගැන නම් පොතක්ම ලියන්න වෙනව. ඒ නිසා මේක දැනට මෙතනින් නවත්තල, මම ඔයාලට කියනවා...

වෙලාවක් බලල අනිවා...

මෙතනට නම් යන්න ම

කියලා....!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment