Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

1/5

Ashik

6, R.A. De Mel Mawatha, Colombo 04

  • Closed right now


Ashik was once a popular choice amongst the YAMU staff for their rice and curry. Our latest visit left a negative impact on us though, and here's why.



මිනිස්සුන්ට මෙහෙම වෙන්න නරකයි මම කියන්නෙ. ආ... නැද්ද යාළුවනේ?

නෑ මේකනෙ. එදා මම බුරියානි එකක් කන්න කියල අර වාඩි Food එකට ගිහින් ලෙසටම අනාගත්තනෙ. ඉතින් ඒ වෙලාවෙ ඉඳන්ම මට හොඳ බුරියානි එකක් කනකම් ඉන්න බැරුව හිටියෙ. පහු ගිය දවස් ටිකේ වැඩ වැඩි නිසා බුරියානි අයිඩියා එක ටිකක් අමතක වෙලා තිබුනෙ. හැබැයි මට අද මතක් වුනා. නියමයි දවල්ට කන වෙලාවත් ලඟයි. ඒත් අවුල කියන්නෙ අදත් වැඩ ටිකක් වැඩි නිසා වැඩිය දුර යන්න බෑ. මොකෝ කරන්නේ...

බැලුව අපේ YAMU සයිට් එකේ බුරියානි එකක් කන්න තියෙන ලඟම තැනක්. ම්ම්... ප්ලේස් එකක් තියෙනවා.. කොහොමද දන්නෑ. අවුලක් නෑ ගිහින් කාලම බලනවා.

වාතාවරණය

එතන නම තමයි Ashik Restaurant & Bar. තියෙන්නෙ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරෙ ආර්. ඒ. ද මැල් මාවතේ ජේම්ස් පීරිස් පාරට හැරෙන්න පොඩ්ඩකට කලින් දකුණු අත පැත්තෙ. Ashik එක තියෙන තැනම තව ලොකු අවන්හලක් තියෙවා. ඒ අවන්හලේ වාහන නවත්තන අංගනයෙම තමයි මෙතනට එන අයත් වාහන නවත්තන්නෙ. හැබැයි වැඩි වෙලා ඉන්නෙ නම් නෑ. කෑම ගැන කියන්න කලින් කියන්න එපැයි ගොඩක් අය මෙතෙන්ට එන්නෙ සිගරට් බොන්න. මම ඉඳපු පැය භාගෙටත් හත් අට දෙනෙක්ම ආවා සිගරට් බොන්න විතරක්ම.

කෑම කන්න තියෙන්නෙ එළිමහනෙ හදපු සිමෙන්ති බංකු ටිකක. පැත්තකින් තියෙන කවුළුවෙන් තමයි කෑම ඉල්ල ගන්න තියෙන්නෙ. දවල් කෑම වෙලාව අල්ලල ගියපු නිසාමද කොහෙද මම යද්දි කඩේ සෙනඟ ටිකක් පිරිලා. ඉතින් ආපු කට්ටිය කෑම ගන්නකන් මම ෂෝ කේස් එකේ තිබුන කෑම වලින් මම මොනවද ගන්නෙ කියල බැලුව. බුරියානිත් තියෙනවා. හදල තියෙන හාලත් කීරි සම්බා වගේ. බත් එක කහ පාටිනුත් අඩුවක් නෑ වගේ. ෂහ්, පොඩි කුකුල් මස් කෑලි වගයකුත් එකතු කරල තියෙනව.

''මේ මල්ලි, ඔයාට මොනවද ?'' බුරියානි එක දිහා බලාගෙන කල්පනා කර කර ඉඳපු මම කඩේ අයිය කථා කරද්දි තමයි පියවි සිහියට ආවෙ.

''ආ... මට දෙන්නකො චිකන් බුරියානි (රු. 280) එකක්. මේ... දැන් කන්න''

''ඇත්තටම මොනවද බොලේ මම කල්පනා කලේ. පෙරේතයෙක් වගේ කෑම ටික දිහා බලන් ඉන්නකොට අර පොර හිතුවද දන්නෑ ඉතියෝපියාවෙන් ආපු එකෙක් කියල''

අවුලක් නෑ. ඇත්තටම මම හිතුවෙත් පෙනුමෙ හැටියට බුරියානි එකේ රස කොහොම තියෙයිද කියල තමයිනෙ.

ආහාර සහ සේවාව

කොහෙම හරි බුරියානි එක මගේ අතට එන්න නම් විනාඩියක් වත් ගියේ නෑ. මරු ආ... තඩි කුකුල් පළුවක් බත් එක උඩින්ම. හැබැයි සලාදයි චට්නියි නම් දාලා තිබුනෙ සිංහල බෙහෙත් වට්ටේරුවක වගේ. සලාද මේස හැඳි 2යි චට්නි මේස හැඳි 2යි. ඔය ෆොටෝ එකේ පේන්නෙ නැති වුනාට බිත්තරෙත් තියෙනව බත් එක යට හැංගිලා.

ආයෙ කැටයම් ඕන නෑනෙ. මම බුරියානි එක දෙසා බාන්න පටන් ගත්තෙ කලින් තිබුන ඇරියස් එකත් නිසාමයි. පළවෙනි බුරියානි කටට බැදපු කුකුල්මස් දාගත්තෙ නෑ.

හ්ම්ම්... රස කෝ? දෙවනි එක කාලා බලමු. මාර වැඩේනෙ. බත් එකේ හරියට බත් රස එන්නෙ නෑනෙ. වැඩේ කියන්නෙ වෙන රසක් එන්නෙත් නෑ. දිවේ අවුලක්ද මන්දා. තුනත් කාලා බැලුව හතරත් කාලා බැලුවා. මෙහෙම කියන්න නරකයි. 'අර කථාවට කියන්නෙ පිදුරු කනව වගේ කියල' ආන්න ඒවගේ.

පොඩ්ඩ බෙදුවත් ඇත්ත කියන්න ඕන පිපිඤ්ඤා සලාදෙයි චට්නි එකයි නම් නියමයි. බලමු බැදපු කුකුල් මස් කෑල්ලෙ රස. ෂහ්... අන්න කුකුල් මස්. මෙලෝ රහක් නෑ. අර බත් එකටම හරියනවා. බැදුම් රස නම් එනවා. ඒ වුනාට අවුල්. බත් එකට එකතු කරල තිබුන බැදපු පොඩි කුකුල් මස් කෑලි ටිකත් හොඳටම බැදිලා.

අනුමිතිය

'ඇයි දෙයියනේ බුරියානි කන්න ආපු මට දෙපාරක්ම මෙහෙම කලේ' කියල හිත හිත තමයි මම ආපහු ඔෆිස් එකට ආවෙ. මදැයි බුරියානි පාරක් දාලා හොඳ ඩෙසට් එකක් කාලා එන්න ගියා. හැබැයි මේකයි, Ashik එකේ බත් සහ ව්‍යංජන නම් ඉක්මනට ඉවර වෙනවා. ඒවා නම් රස ඇති මට හිතෙන්නෙ.

Address

6, R.A. De Mel Mawatha, Colombo 04

Directions

Ashik is on Duplication Rd, just past the Laugfs office, opposite Cafe Orange Peel

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Less than 200

Dish Types

Rice And Curry

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments