3/5

Asian Kitchen

61B, High Level Road, Kirulapona


Good place to try Sri Lankan Chinese & Chopsuey.



යන්නෙ කොහෙද, මල්ලෙ පොල් වගේ තමයි. ඇයි අප්පේ… හීන කීයක් මවාගෙනද කිරුලපන බෝගහ ළඟ ‘රස පියසට’ ආවෙ. ඇයි ඉතින් එළවළු ජාති 10, 12කටත් වැඩි ගාණකින්නෙ තෝරගන්න තියෙන්නෙ. හැරත් රතු බත්, සුදු බත්, බැදපු අනම් මනම් කටගැස්ම ජාතිත් තොගයක්ලු. ඒත් කොහෙද රවුම ගහල එතනට යද්දි කඩේ වහල කියන්නකො.

“දැන් මොකෝ බං කරන්නෙ. හැබැයි අපරාදෙ ආ…”

“ඔව් අප්ප. මේ හරියෙ වෙන කඩ නං නෑ බං මං දන්න තරමින්. වීල් එකක් අරගෙන නුගේගොඩටවත් යං”

රස පියස පහුකරගෙන පයින්ම කිරුලපන හන්දිය පැත්තට ගාටපු අපි දෙන්න පාර පැන්නෙ වීල් එකක් අල්ල ගන්න කියල. ට්‍රැෆික් වෙලාව නිසා වීල් නවත්තන්නෙත් නෑ. යාළුව, අත දානකම් මම හෙමිහිට වට පිට බැලුව, බත් නැතත් වෙන කඩයක් හරි සෙට් වෙයිනෙ.

අර කිව්වත් වගේ! මොකක්දෝ කඩයක් තියෙනව කියන්නකො පොළ ඉස්සරහ බෝ ගහ කෙලින්.

“ඒ.. හෝව් හෝව්, වීල් නවත්තන්න එපා. අන්න අතන කඩයක් තියෙනව බං. ගිහින් බලමු”

කිට්ටු කරල බැලින්නම් ඒකත් බත් කඩයක්. හැබැටි ටිකක් හයිෆයි පාටයි. අවුලක් නෑ. ඔන්න ඔහෙ ගිහින් බලනව. යාළුවයි මායි හෙමින් සැරේ කඩේට ගොඩවුණා.

ෂහ්! බුෆේ කියන්නකො. ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ මම ගත්ත ගමන් චිකන් කෑම එකක් (රු. 180) ඕඩර් කළා. ඒකත් චිකන් විතරක්ම නෙවෙයි, බැදපු මාළු කෑල්ලක් (රු. 50) එහෙමත්!

“සවුත්තු වැඩේ ආ… මමනෙ රයිස් ඇන්ඩ් කරි ගන්න හිටියෙ.” යාළුවට අවුල් ගිහින්.

“හරි හරි, අවුලක් නෑ. ෂෙයා කරගමු ඉතින්. අපි අපිනෙ බ්‍රෝ…” වචනෙන් දෙකෙන් වැඩේ ෂේප් කරපු මම කෑම කාමරේ ඇතුළට ගිහින් වාඩි වුණා. ඒ අතරට යාළුව ඕඩර් කරල තිබ්බෙ මික්ස් චොප්සියක්. ඒක එන්න ඉතින් වෙලා යනවනෙ. අනික වාඩි වෙද්දිම වගේ එතනට ආපු සේවක මල්ලිය කිව්ව 4ට කඩේ වහනවත් කියල. ඉතින් චොප්සිය එනකම් අපි දෙන්න බත් එකට වැඩේ දෙන්න පටන් ගත්ත.

“ඒ! මේක මරුනෙ බං. මේ... සෝයා මීට් එක එහෙම. ටොප් ඈ” ඇත්තටම යාළු අහම්බෙන් හම්බුණාට මොකද පංකාදු බත් එක. සුපිරිම ගමේ රහයි කෑම එක. විශේෂයෙන්ම චිකන් එක එහෙම නියමයි. මදි නොකියන්න මිරිස් තුනපහ රස දාලා තමයි හදල තියෙන්නෙ. මෑ කරල් තෙල් දැමුමත් පට්ට රසයි. හොඳටම තිබ්බෙ සෝයා මීට් එක තමයි. ඒකට නම් මොනව දාලද මන්ද කිරි රහයි, තුනපහ රසයි නියමම පදමට. ඒ හැරුණාම ඉතින් කැරට් මාළුවකුත් තිබ්බ. මම ඒ හැටි කැමති නැති නිසා කෑවෙ නැතුව මිසක් නැත්නම් ඒකත් හොඳ කිරි රහට තිබ්බ කියල තමයි යාළුව කිව්වෙ. කොහොම වුණත් කට ගැස්මට බැදපු මිරිස් තිබ්බ එක ගැන නම් මට අපි දෙන්නටම සෑහෙන්න සතුටුයි.

බත් එක කාලා ඉවර වෙද්දිම වගේ තමයි චොප්සිය මේසෙට ආවෙ. අත් දෙක හෝදල වතුර ටිකක් එහෙමත් බීලා අපි දෙන්න ආයෙත් මේසෙට වාඩි වුණා. ඇයි ඉතින් සුවඳ ගගහ මේසෙ උඩ තියෙන චොප්සියට වග කියන්න එපැයි.

බැලූ බැල්මටම අපි දෙන්නට තේරුණේ ඒක නම් කාලා ඉවර කරන්න බැරි ගතියක් තියෙන්නෙ කියල. ඇයි අප්පේ පිඟානෙ ගැට්ට ගාවටම පුරවලනෙ. හැබැයි දැක්කාම නම් නොකා ඉන්න බැරි ගානයි. මොකද තම්බපු ඉස්සො, දැල්ලො, ලොකු මාළු කෑලි, චිකන් එතකොට හතු, ගෝවා, කැරට්, ලීක්ස්, බෝංචි එහෙමත් පිරෙන්න. හැබැයි එකක් කියන්න ඕන, මෙයාලගෙ චොප්සියෙන් එන්න මාර ෆ්‍රෙෂ් රසක්. අනිත් තැන්වල වගේ සෝස් රසට ලොකු ඉඩක් දීලා නෑ. එකම අවුල තියෙන්න ඉතින් සැර පොඩ්ඩක් මදි එක තමයි. කොහොම වුණත් රු. 650ට, දෙන්නෙක්ට කාලා තව ඉතුරු වෙන ගානට වගේ තියෙන නිසා වගකීමෙන් කියන්න පුලුවන් ඒෂියන් කිචන් චොප්සිය පාඩු නම් නෑ.

ඇත්ත කියන්න එපැයි. කාලා කාලා බැරිම තැන අපි කල්පනා කලේ චොප්සියෙ ඉතිරි බාගෙ ඔතාගෙන යන්න. හැරත් වටලප්පමකුත් කන්න උවමනාවක් තිබුන. ඒත් ඉතින් මුලින්ම ගත්තු කෝක් එහෙමත් ඉතුරු නිසා අපි එක වටලප්පමක් කාලා බඩ කට ෂේප් කරගත්ත.

වැඩේ කියන්නෙ, අපි කාලා ඉවර වෙද්දි කඩේ වහල.

මොනවා වුණත් අහම්බෙන් සෙට් වුණ කඩේ.. අන්තිමට බොක්කටම සෙට් වුණා ඉතින්!


TIP

Try Mix Chopsuey.

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

User Reviews
R
1

4/5

-1

Ralahami

They dont add aji no moto…

R
1

4/5

-1

Ralahami

They dont add aji no moto…

See 1 Comment