Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

Ask For Fern

32B, Sir Mohamed Macan Marker Mawatha, Colombo 03.


A pricey pub "hidden" behind a flower shop.



මල් කඩේක කවුන්ටරේ පිටිපස්සෙ තියෙන දොරෙන් රිංගල යන්න තියෙන “අබිරහස්” බාර් එකක් ගැන වීඩියේ එකක් මේ දවස්වල ෆේස්බුක් එකේ ෂෙයාර් වෙනවා. අපිත් ගිය සතියෙ මේ පැත්තෙ ගියා මේ බාර් එකේ “අබිරහස” මොකක්ද කියල හොයල බලන්න. හැබැයි අපේ කතාව නම් අර වීඩියෝ එක තරම් ලස්සන නෑ.

අපි යද්දි හවස හතට විතර ඇති. මල් කඩේ වහලා. අර වීඩියෝ එකේ හිටපු, නිල් පාට ෂර්ට් එකක් ඇඳලා, රෝස පාට ටයි එකක් දාලා කොණ්ඩෙ පැත්තට පීරපු ඇන්ඩෲ අංකල් වෙනුවට එතන හිටියෙ ටිපිකල් ශ්‍රී ලංකන් සික්කෙක්. අපිව බාර් කෝඩ් එකක් වගේ දෙපාරක් විතර උඩ ඉඳන් යටට ස්කෑන් කරපු සික්කා අපෙන් ඇහුවා රෙසවේෂන් එකක් තියෙනවද කියල. එදා එතන “ද නයිට් ෂිෆ්ට්” කියල පබ්ලික් ඉවෙන්ට් එකක් තියෙනව නේද කියල අපි මතක්කළාට පස්සෙ මිනිහා මූණ ටිකක් ඇඹුල් කරගෙන අපට ඇතුළට යන්න දුන්නා (හැබැයි මොනා වුණත් අපේ යාළුවෙක් මේ සීන් එක ගැන දාපු ෆේස්බුක් පෝස්ට් එකට ෆර්න් එකේ කට්ටිය කොමෙන්ට් කරලා සමාව ඉල්ලලා තිබුණා).

සික්කා එහෙම වුණාට ඇතුළෙ හිටපු හොස්ටස් සහ අනිත් වැඩකරන අය නම් අපට හොඳට සැලකුවා.

තැන

මේක තියෙන්නෙ ශිරෝහනා එකේ උඩ තට්ටුවේ. මම හිතන්නෙ අර ඇතුල්වෙන තැන තියෙන  “මල් කඩේ” ඇත්ත එකක් නෙවෙයි (හැබැයි ඒක ඇත්ත එකක් වගේ ම වෙන්න හැදුව නම් මරු කියල අපට හිතුණේ).

ළා ලයිට් එළියෙන් එළිය වුණු ඇතුළ පොඩි කොලෝනියල්, වින්ටේජ් ගතියෙක් එන විදිහට තමයි හදලා තිබුණේ. ඉටිපන්දම්වලින් එළිය වුණු කොරිඩෝ එක එහෙම නම් මාර ගති.

බීම

මේගොල්ලන්ගෙ සිග්නේචර් කොක්ටේල් වගේ ම අනිත් බීම ජාතිත් සෑහෙන හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. අපි බොන්න ගත්තෙ මර්ඩර් ඔන් ද ෂැංග්හයි එක්ස්ප්‍රස් (රු. 1300) එකකුයි, මිසිස් රොබින්සන් (රු. 1600) එකකුයි ‌ව‌ෙයා ව‌ොලී බැස්ටියන් (රු. 1500) එකකුයි.

මෙනූ එකේ තියෙන විදියට මර්ඩර් ඔන් ද ෂැංග්හයි එක්ස්ප්‍රස් එකේ තියෙන්නෙ ජින්, චයිනීස් බ්ලැක් ටී, අසමෝදගම්, ඉඟුරු, ලෙමන් සහ මින්ට්. නමේ තරමට සැර නැති වුණත් මේක රසයි. මේක එන්නෙ පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙ. ප්‍රසන්ටේෂන් එක මරු.

බල්බ් එකක් ඇතුලෙ එන වොලී බැස්ටියන් එකත් හොඳයි. අරක්කුයි ඔරෙන්ජ් ජූසුයි වගේ තමයි රස. මිසිස් රොබින්සන් එක නම් පට්ට. බෙරි එකේ ඇඹුල් රසයි, පැණි රසයි ගානට. ( කළුවරේ ගහපු මෙනු එකේ ෆොටෝ එක බොඳවෙලා නිසා වොලී බැස්ටියන් එකටයි මිසිස් රොබින්සන් එකටයි දාන ජාති ටික අපට හරිය ම බලාගන්න බැරිවුණා. මේක “අබිරහස්” තැනක් හින්දද කොහෙද ඔන්ලයින්වත් මෙනු එක බලාගන්න බෑ.)‍

හැබැයි මේ කොක්ටේල්වලින් එකක්වත් එච්චර වදින ඒව නම් නෙවෙයි. ඇල්කොහොල් සෑහෙන අඩුවෙන් තමයි දාලා තියෙන්නෙ.

කෑම

කෑම මෙනු එකේ, ෂෙයාරිං ප්ලේට්, ලාජ් ප්ලේට්, ස්මෝල් ප්ලේට් කියල කාණ්ඩ තුනක් තියෙනවා. අපි මේකේ “ලාජ් ප්ලේට්” එකෙන් ගත්තා සීරාචා චිකන් ටාකෝස් (රු. 1350) ; “ෂොයාරිං ප්ලේට්” එකෙන්  සම්බල් හොපර් (රු. 950) . අපි තුන්දෙනෙක් හිටපු නිසා ෂෙයාර් කරගන්නත් පුළුවන්නෙ.

ටාකෝස් “ලාජ් ප්ලේට්” එකේ එන්නෙ ටාකෝස් දෙකයි. අර සාමාන්‍යයෙන් මෙක්සිකන් කෑමවල තියෙන සැර, ඇඹුල මුකුත් නෑ. සවර් ක්‍රීීීීම්, සල්සා එහ‌ෙම මුකුත් දාලා නෑ වග‌ේ. 

ඔන්න ඊළගට ආවා ආප්පේ. මේක තිබුණේ “ෂෙයාරිං” කියලා; හැබැයි හන්දියේ ආප්ප කඩේ තියෙන පොඩි ම ආප්පෙකටත් වඩා පොඩි ආප්පයක් තමයි හම්බවෙන්නෙ. සර්විස් චාර්ජ්, ටැක්ස් එකතුවෙලා එද්දි මේ ආප්පේ ගාණ රුපියල් 1000කටත් වැඩියි! හැබැයි ආප්පෙ වගේ ම ඒක මැදට දාලා තිබුණු මසාලා චිකන් එකත් මාර රසයි. අපි ඉතිං තනි ආප්පෙ කෑල්ල කෑල්ල ෂෙයාර් කරගත්තා; “ෂෙයාරිං” කියලනෙ තියෙන්නෙ.

සර්විස් එක

මෙතන හොස්ටස් නම් හරිම ෆෙන්ඩ්ලි. අපට මේසෙත් පෙන්නලා “ලාජ්,” “ෂෙයාරිං” මෙනු ගැන එහෙමත් විස්තර කරල තමයි එයා ගියේ. එයා කියපු විදියට නම් අපට තේරුණේ මේවා ලොකු නිසා කීපදෙනකුට ෂෙයාර්කරගන්න පුළුවන් කියල තමයි. අපේ කණේ අවුලක්ද දන්නෙ නෑ ඉතිං.

වේටර්ලත් අවුලක් නෑ. සර්විස් එකත් ඉක්මන්.

අවසාන වශයෙන්

“මල් කඩේ” බොරුවට හදපු එකක් වුණාට මොකද මෙතන ඉන්ටීරියර් එක නම් මාර ලස්සනයි. වැඩිය වැදුණේ නැති වුණාට මොකද කොක්ටේලුත් රසයි. ආප්පෙකට රුපියල් දාහක් වියදම් කරන එක ඔයාට අවුලක් නැත්නම් මේකේ කෑමත් රහයි. ඒත් අපට එච්චර සල්ලි නෑනේ.

අන්තිමේ රුපියල් 8500ක විතර බිලක් එන්න කාල බීලත්, අපට ළාවටවත් වැදිලා තිබුණෙත් නෑ; බඩ පිරිල තිබුණෙත් නෑ. ඉතිං අපි මළානික ඉටිපන්දම් එළියෙන් එළිය වුණු පාළු තරප්පු පෙළ බැහැලා, පාළු සීතල මල් ශාලා දොරෙන් එළියට ආවා; කණ පැලෙන මියුසික් එකට වැඩිය සද්දෙට කෑගහන මිනිස්සුන්ගෙ උණුසුම් හිනාවෙන් පිරුණු ඩච් හොස්පිට්ල් එකෙන් ලාබෙට බීල, බඩ පිරෙන්න මොනව හරි කන්න හිතාගෙන.


TIP

Don't get deceived by buzzwords like "large" or "sharing;" portions are really small.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

32B, Sir Mohamed Macan Marker Mawatha, Colombo 03.

Directions

This is the upper floor of Shirohana. Entrance is through the "Small Flower Shop."

Contacts

E-Mail Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Pub Food

Price Range

More than Rs.5000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
1
Ambience Rating
5
Similar Places

User Reviews
N
2

3/5

0

navj

Throughly over priced drinks! The food was okay! The dumplings were like strange for! Needs improvement!

N
2

3/5

0

navj

Throughly over priced drinks! The food was okay! The dumplings were like strange for! Needs improvement!

See 2 Comments