Artwork for Sampath Top - November
Artwork for Kingsbury NYE 2017

4/5

Aththamma

776/6, Thalangama South, Pelawatta


Aththamma at Pelawatte is a nice place to grab some authentic Sri Lankan rice and curry for a cheap price. They're known for their super tasty Ambul Thiyal curry.



මේ අම්බානක කුණාටුව. පැලවත්ත ෆැක්ටරි අවුට්ලට් එකේ 25% ඩිස්කවුන්ට් කියල, ෂොපින්ග් යන්න කතා කරනව කියහංකෝ. මට නේද… ඒකත් උගේ නෙවෙයි, මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්.

මුලින්ම ඔන්න බෑ කියල ෆෝන් එක තිබ්බ ඈ… කරුමෙ කියන්නෙ, ඒ තියල පැය බාගයක් ගියේ නෑ වැස්ස අඩු කළා කියන්නකො. දැන් ආයෙත් කෝල් කරනව. බැරිම තැන ආන්සර් කළා ෆෝන් එක.

“හරි හරි. යමං යමං. හැබැයි පික් මියක් දාගෙන ඇවිත් මාව ගන්න ඕන.” අපිටත් කියල වාසියක් තියෙන්න එපැයිනෙ කියල, මම කෙළින්ම ට්‍රාන්ස්පෝර්ට් යාළුවගෙ ගාණෙ සෙට් වෙන්න කතා කලා.

කොහොම හරි පික් මී එක අපේ දිහාට එන්න විනාඩි 20ක් විතර යන්න ඇති. ඔය ටිකට තමයි මම මූණ කට හෝදගෙන ලෑස්ති වුණේ. ඇයි අප්පේ පහුගිය දවස් ටිකේ තිබ්බ සීතලට, උදේට මූණ හෝදනව තියා…

“ඒ ඉක්මනට ලෑස්ති වෙයන්කො. පරක්කු වෙලා ගිහින් ඔන්න ඇඳුම් නෑ කියල මට අනං මනං ටෝක් දාගෙන එන්න එපා හරිය” ගේට්ටුව පැත්තෙන් හෙන සද්දෙ. ඔළුව දාලා බැලින්නම් බුවා ගේ ළඟටම ඇවිල්ල.

“හිටු හිටු. එන්නම්” පොද වැස්සෙම දුවල ගිහින් මම අඩියට දෙකට වීල් එකට ගොඩ වුණා.

කුණාටුව නිසාද මන්දා පාරෙ එක වාහනයක් නෑ. පැලවත්තට යන්න උපරිම විනාඩි 10ක් යන්න ඇති. වැඩේ කියන්නෙ එතනින් එහාටනෙ ඉතින්… අර මටත් හිතට අල්ලපු ෂර්ට් කෑලි 2ක් සෙට් වුණ නිසා මුකුත් කියන්න බැරි කමට හිටිය මිසක්. නැත්නම්, සම්පූර්ණ ෂොපින්ග් පැය ගාණ පැය 2කට කිට්ටුයි මගෙ හිතේ. මොකද මට හොඳට මතකයි කඩෙන් එළියට බහිද්දි වෙලාව 1යි. 

“ඔන්න මගේ වැඩේ හරි… දැන් මට කන්න අරන්න දෙන්න. අම්බානක බඩගිනියි.” ඉවසල ඉවසල බැරිම තැන මම ප්‍රකාශ කරල දැම්ම.

“හරි හරි ඒවට මම තැන් ඔක්කොම බලල කරල තියෙන්නෙ. එන්නකො පස්සෙන්.” ඔය කිව්වට සත පහකට ෂුවරුත් නෑ ඉතින්. ඒත් බඩගින්නනෙ, මොනව කරන්නද කියල මමත් පස්සෙන් ගියා.

කිව්වට විශ්වාස කරන්න යාළු මම හීනෙකින්වත් හිතපු නැති තැනකට කියන්නකො යාළුව ගියේ. සුපිරි ගමේ ටයිප් බත් කඩයක්. නම ‘අත්තම්මා.’ තියෙන්නෙ පැලවත්ත කූල් ප්ලැනට් එක ඉස්සරහ. කඩේ පිටට ඒ හැටි පෙනුමක් නැති වුණාට ඇතුළ නම් ටොප් එකට හදල. පොල් අතු හෙවිලි කරල මැටි, කොහු ලණු වලින් එක එක කැටයම් දාලා, ලන්තෑරුම්, සාම්ප්‍රයික මුළුතැන්ගෙයි බඩු බිත්තිවල එල්ලල, පට්ට ලස්සනයි ඈ… අනික කෑම බුෆේ එකත් එහෙම පිටින්ම නෙළුම් කොලේ, මැටි ඇතිලියෙ.

කොහොම හරි කඩේට ගොඩ වෙද්දි වැඩි සෙනඟක් හිටියෙ නැති නිසා ගියපු ගමන් ඕඩරේ දාන්න අපිට චාන්ස් එක ආවා. බල බල ඉන්න දෙයක් නෑනෙ ඉතින්. මමත් ගත් කටටම කිරි මාළු රයිස් ඇන්ඩ් කරි එකක් (රු. 150) ඕඩර් කළා. යාළුව ගත්තෙ චිකන් එකක් (රු. 180). අපේ අවාසනාවට වැස්ස නිසා අත්තම්ම ලඟ නෙළුම් කොළ නම් තිබ්බෙ නෑ.

ඒකට මොකද පන් වට්ටියෙ කද්දිත් අමුතු ගතියක් තියෙනවනෙ. අනේ වාසනාවන් කියන්නෙ යාළු කාලෙකින් හොඳ කිරි රස, ගම්මිරිස් පදම නියමෙට තියෙන කිරි මාළු එකක් නම් රස බලන්න චාන්ස් එකක් සෙට් වුණා. කෑලි මාළු නොවුණට කිරි මාළු එකේ රස පදම නම් ටොප්. විශේෂයෙන්ම රතු බත්වලට කියාපු. ඒ විතරක් නෙවෙයි උණුඋණුවෙන් තිබුණ නම් පාන් ගෙඩියකට, ඉඳි ආප්ප තොගේකට වුණත් වගකියන්න ඇහැකි. හැබැයි හොඳ සැරට හැදුණු සම්බෝලකුත් ගැලපෙන්න ඕන. අත්තම්මගෙ මෙනියු එකේ සම්බෝල නැති වුණාට කිරි මාළු එකට හොඳ හැටි පෑහෙන චිකන් කරියක් නම් තියෙනව. අනේ මන්ද ඒකට මහ ලොකු දේවල් දාලාත් නෑ. හැබැයි හරිම රසයි. අනික හොඳ සැර ගතියක් එහෙමත් තියෙනව. චිකන් කෑලිත් නියම පදමට තුනපහ අල්ලල නිසා තලු මරමර රස බලන්න පුළුවන්.

විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ අඹ මාළුවත් පංකාදු පහයි. ලා ඇඔුල් ගතියයි, දිවට දැනෙන ටොප් පැණි රස ගතියයි එක්ක පෝරණු පාන් ගෙඩියකට වුණත් නියමෙට ගැලපෙනව. ඒ හැරුණාම ඉතින් කලවම් මැල්ලුමත් හොඳ රහට තිබ්බ. හැබැයි ඒකට තව පොල් ටිකක් එන්න ඕන. බත් එකට බැදපු මිරිස් තිබ්බෙ නැති නිසා කටගැස්මට කියල තිබ්බ එකම දේ තමයි මෑ කරල් තෙල් දැමුම. කිරි රහට කන්න කියල තිබ්බෙත් බෝංචියි, අල ගෝවා මාළුවයි තමයි. ඒවයෙත් රස නම් හොඳ ගෙදර හදපු ගානට තිබ්බ. හැබැයි තව ටිකක් කිරි දාලා හින්දුව නම් තවත් මරු.

ඔය ටිකත් එක්ක බත් කෑවට පස්සෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. තනිකර ඉස්මුරුත්තාව. එහෙමයි කියල අපි නිකම් ඇරියෙ නෑ. ෆ්‍රිජ් එකේ තිබ්බ බිස්කට් පුඩිමකටත් ගේම දුන්නා. ඒත් ඒක නම් එච්ච්රටම හරි නෑ. කොහොම වුණත් හිත සන්තෝසයි මොකද ඩිස්කවුන්ට් එකට ඇඳුම් අර...ගෙන. කටට රහට බඩ පැලෙන්න බතුත් කා...ලනෙ!

ඒත් ආයෙ දවසක එතනට යන්න ඕන, නෙළුම් කොළේ මාළු ඇඹුල් තියල් ටිකක් කාලා එන්න. මොකද එයාලම කිව්ව ඒක සෑහෙන්න නැගල යනව කියල. හැරත් එහෙම කිව්වාම ඉතින් මග අරින්න බෑනේ...


TIP

Try Ambulthiyal Rice & Curry

Address

776/6, Thalangama South, Pelawatta

Contacts

Report Inaccuracy

Open until 03:45 PM

Cuisine

Sri Lankan

Price Range

Less than 200

Dish Types

Eggs Seafood Vegetarian Rice And Curry Chicken Fish

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment