Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

4/5

Baked Colombo

37A, Elibank Road, Colombo 05

  • Closed right now


Colombo just got Baked and we are loving it!



කලබල කොළඹ තියන නිස්කලංක එලිබෑන්ක් රෝඩ් එකේ අලුතෙන් ම දාපු කැෆේ එක තමයි බේක්ඩ් කලම්බෝ. අපි මෙයාල ගැන දැනගත්තෙ සෝෂල් මීඩියාවලින්. ඉතිං අපිට අදහසක් ආවා මේ කියන ‘බේක් කරපු කොළඹ නගරෙ’ බලන්න යන්න. ඇත්තට ම නං ඒ ගමන් බඩටත් මුකුත් දාගන්න.

තැන

කිව්වත් වගේ මේක තියෙන්නෙ එලිබෑන්ක් රෝඩ් එකේ ලොකු ගස්වලින් හෙවණ වුණ අඳුරු මුල්ලක. ඒත් ඇතුල් වුණාම නං කැෆේ එක ඇතුළ එළියයි වගේ ම ප්‍රසන්නයි. ගොඩ දෙනෙකුට වාඩි වෙන්න අසුන් පනවල තිබුණේ හොඳට ඉඩ ඇතුව. බිත්ති විචිත්‍ර පාටින් වර්ණ ගන්වපු වෝල් ආට්වලින් පුරවල තිබුණා.

කෑම

ලොකු කළු ලෑල්ලක පාට පාට අකුරෙන් ලියල එල්ලල තියන බේක්ඩ් එකේ මෙනු එක දිහා බලාගෙන මොනවද කන්නේ කියල හිතල හිතල අපි අන්තිමේ තේරුවා ටිරාමිසු ටාට් එකයි (රු. 480), රාස්ප්බෙරි චීස්කේක් එකයි (රු. 480), චීස් මෙල්ට් පිට්සා එකයි (රු. 650).

යන්තමින් එන ඇඹුල් රහක් එක්ක මිශ්‍ර වුණ, ක්‍රීම් පිරුණ ටිරාමිසු ටාට් එක බේක්ඩ් එකේ ජනප්‍රිය අංගයක් කියල අපිට කලින් ම ආරංචි වුණා. ඒකයි අපි හිතාමතා ම ඒක ඕඩර් කළේ. ඉතින් හිතපු විදිහට ම මේක මාර රහයි. ක්‍රීම් ෆිලිං එක හදල තිබුණේ කෝපියි චොක්ලටුයි දාල.

මේකේ යට ම ලේයර් එක හැන්දෙන් හරි ගෑරුප්පුවෙන් හරි කපන්න ගියොත් නං සෑහෙන කරදරේ වැටෙනව. මොකද ඒක හරි හයියයි. කොහොම වුණත් ටාට් එක රහයි නෙ ඉතිං.

මෙන්න මේ තියන රාස්ප්බෙරි චීස්කේක් එක තමයි චීස්කේක් එක! කටට සුමුදු තෙත ගතිය එක්ක සොෆ්ට් ගතියෙන් අනූන මේ චීස්කේක් කෑල්ල, පොඩියට පෙනුණට බඩ පිරෙන තරම් ලොකුයි.

පැණි රහ අස්සේ අතරින් පතර එන රාස්ප්බෙරිවල ඇඹුල් ගතිය එක්ක මේක කෑවම අපේ ඉහේ මලක් පිපුණ ගානයි. ඉතින් ආයේ දෙපාරක් නොහිතා මේක අපි කාපු හොඳ ම රාස්ප්බෙරි චීස්කේක් එක කියල අපි තීන්දු කළා. ඒ හින්ද යට ම ලේයර් එකේ තිබුණ චුට්ටක් පැණි රහ වැඩි ගතිය අපි ගණන් ගත්තෙ ම නෑ.

ඊළඟට චීස් මෙල්ට් පිට්සා එක. දෙන්නෙකුට හොඳහැටි ඇති වෙන්න හදල, ලස්සන පිළිවෙළ පාටට මේසේ උඩට ආපු පිට්සා එක සාමාන්‍ය තින් ක්‍රස්ට් පිට්සාවලට වඩා ටිකක් ගනකමින් වැඩියි. ඒ වගේ ම කරස් ගාල හැපෙනවා. මරිනාරා සෝස්, බැසිල්, ඔලිව් ඔයිල්, සුදු ලූනු වගේ ජාති එක්ක මික්ස් වෙලා චීස් රහ එන නිසා ඩෙසට් කලින් ම කාල හිටියත්, පිට්සා එකටත් අපි සම්පූර්ණයෙන් වග කිව්වා. 

බීම

අපේ බීම තේරීම් වුණේ හොට් චොක්ලට් එකයි (රු. 480) කැපචිනෝ එකයි (රු. 450). උස වීදුරුවක උණු උණුවේ ආපු හොට් චොක්ලට් එක පෙනුමෙන් සුපිරි. රස වුණත් නරක ම නෑ. වැඩිපුර කිරි ගතිය දැනුණ නිසා මේකට තව චුට්ටක් වැඩියෙන් චොක්ලට් එකතු වුණා නං අපි කැමතියි.

ස්ට්‍රෝන්ග් කෝපි රහක් දැවටිලා ආපු කැපචිනෝ එකත් වරදක් නෑ කියන්න පුළුවන්. මේකෙත් ලෝබ නැතිව කිරි ගතිය එකතු වෙලා තිබුණා.

සර්විස් එක

හරි ම උණුසුම්, මිත්‍රශීලී සර්විස් එකක් අපිට ස්ටාෆ් එකේ හිටපු හැමෝගෙන් ම ලැබුණා. කෑමබීම වුණත් බඩගිනි ඉවසන්න බැරි ලෙවල් එකට එන්න කලින් මේසේ උඩට ආවා. ඉතින් සර්විස් එක ගැන අපි සතුටුයි.

අවසාන වශයෙන් 

මෙතනින් අපිට අමතක නොවෙන එක්ස්පීරියන්ස් එකක් ලැබුණා කියන්න පුළුවන්. විශේෂයෙන් චීස්කේක් එක එහෙම! තැනත් ලස්සන නිසා තනියම පාඩුවෙ කෝපි එකක් තොල ගාන්න වගේම, යාළුවෙක් එක්ක චැට් එකක් දාන්නත් මෙතන ගැළපෙනවා.


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment